(රංජන් කස්තුරි)
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියන් දින 10ක් පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද(12) අවසන් කෙරිණි.
රාජකාරී වේලාව සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීමේ නීතිය ඉවත්කර ගැනීමට රෝහල් පාලනාධිකාරිය එකඟතාවය පළ කිරීම නිසා වර්ජනය අත්හිටවූ බව සමස්ත ලංකා හෙද සංගමයේ ජාතික සංවිධායක එච්.එම්.එස්.බී මැදිවත්ත පැවසීය.
වෘත්තීය සමිති නායකයින් හා පාලනාධිකාරිය පැවැත්වූ සාකච්ඡාවකින් පසු එම තීරණයට පැමිණි බවද ඔහු කීය.
ඒ අනුව ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියෝ අද පස්වරු 4පමණ සිට යළි සිය රාජකාරියේ නිරතවූ බව ඔහු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන සල්ලිවලින් ඉගෙනගෙන මහජන සල්ලිවලින් පඩිලබන රජයේ සේවකයන්ට විනයක් නෑ. කාලය සොරාගෙන එයට වැටුප් ලබාගන්නවා. මේවා නතරකරන්න ලෝකයේ සෑම රටකම මෙවැනි යන්ත්‍ර පාවිච්චි කරනවා. මේ වෘත්තීය සමිති කියන්නේ රටේ ජීවනය හූරා කන හොරු රැලක්... හෙද සේවය හා වේද සේවය අනිවාර්ය කර මේ නීති නැවත දමා රජයේ සේවකයන්ගේ මේ මහා ශ්‍රම හොරකම් නතර කරන්න. නැතිනම් කවදාවත් මේ රට ගොඩ එන්නේ නෑ.
ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීම හොඳ දෙයක් නමුත්, නම් එය හෙදියන්ට පමණක් නොව, පාලන පාලනාධිකාරියටත්, වෛද්‍යවරුන්ටත්, අනිකුත් සියලුම රෝහල් සේවකයන්ටත් අදාල විය යුතුයි.
අනේ මෙහෙමත් රටක් .. ඒ අයගේ හොරකම් වහගන්න ලෙඩ්ඩු බිල්ලට දීලා ආණ්ඩුව දණගැස්සුවා එහෙනම්. අප්පච්චි හිටියා නම් මේ කිහිප දෙනෙක් වලපල්ලට යවලා හරි මේක ස්ථාපිත කරනවා. මේ සංගමයේ හාමුදුරුවෝත් කිව්වේ නැද්ද මේක හොඳ වැඩක් කියලා.
අහෝ! මෙහෙමත් රජයක්...
"නාරද" ඔබගේ අදහස සමග සම්පුර්ණයෙන් එකඟ වෙමි. මෙය සියලුම දෙනා හට පොදු ක්‍රමයක් විය යුතුය. ඒ සමගම දිනක සේවා කාලය ආවරණය කර වැටුප් අඩු වීම නැති කර ගැනීමට පිළිවෙලක් තිබිය යුතුයි.
ඇඟිලි සලකුණු තියන්න බැරි නම් තව පොඩි යන්ත්‍රයක් තියෙනවා කාඩ් එක ඇතුල් කළාම වෙලාව වදිනවා. හොර කරන්න බැහැ ළඟම කැමරාවක් තියෙනවා.
දැන් මෙයාලට ඕන..ඕන විදිහට රාජකාරී වෙලාවේදී, තම තමන්ගේ කටයුතු පෝෂණය කරගන්න හැකිවෙයි.
ලංකාවේ ඉතිහාසය ගතහොත්, මොවුන්ගේ වර්ජනවලින් ලංකාවේ කාලය, මහජනයා පීඩාවට පත්කර විනාශ කර ඇත.
පාලන අධිකාරිය රටට දුන් වැරදි ආදර්ශයක්... රෝහල් පාලනාධිකාරියට කොන්දක් තිබේද කියාත් බලන්න ලැජ්ජයි...
හාමුදුරුවන්ගේ ඊළඟ උත්සාහය මොකද්ද?
රටකට ගිය කලක්... දැන් රට පාලනය කරන්නේ දොස්තරවරුයි කොන්දොස්තරවරුයි තමා...
යම් කිසි ආයතනයක සේවකයෙක් නීති ගරුකව තමුන්ට නියමිත වෙලාවට සේවයට වාර්තා කරනවා නම්, නියමිත වෙලාවට සේවා ස්ථානයෙන් තම සේවය නිමකර පිටත් වී යනවා නම් ඔහුට හෝ ඇයට තමුන්ගේ සේවයට වාර්තා කිරීම කුමක් හෝ පිළිගත හැකි ක්‍රමයකට අනුව වෙනවා නම් ඔහුට හෝ ඇයට ඊට විරුද්ධ වීමට හේතුවක් නොමැත. හොරට තමුන් වෙනුවෙන් අත්සන ගහන්නේ වෙන කෙනෙක් නම්, තමුන් වෙනුවෙන් වෙන කෙනෙක් පැමිණෙන වෙලාව සටහන් කරනවානම්, ඔහු හෝ ඇය මෙම ඇඟිලි සලකුණු සටහන් කිරීමේ ක්‍රමයට විරුද්ධ වෙනවා. ඇඟිලි සලකුණු සටහන් කර සේවයට වාර්තා කිරීම කිසි විදියකින් කිසිවෙකුට වංචාවක් කල නොහැකිය. තමුන් අවංක නම් මුළු ලෝකයම පිළිගත් මේ ක්‍රමයට විරුද්ධ වන්නේ කවරෙකුද?
ලැජ්ජයි, ලැජ්ජයි. රෝහල් පාලන අධිකාරිය බොරුව වංචාව ඉදිරියේ දනින් වැටී ඇති හැටි සැබවින්ම ලැජ්ජාවට කාරණයක්. දැන් සියලුම රජයේ ආයතනවල මේ ක්‍රමයට සේවයට පැමිණෙන සහ සේවය නිමකර පිටවී යන වෙලාව සටහන් කරන ක්‍රමයට විරුද්ධ වී, ජයවර්ධනපුර නර්ස්ලට හොඳනම් ඇයි අපිට නරක කියා වර්ජනය කලොත් එතන පාලකයනුත් මේ වගේ දනින් වැටෙනවාද ? උදාහරණයක් හැටියට ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේත් සේවක මහත්ම මහත්මීන් මෙම ඇඟිලි සලකුණු කිරීමේ ක්‍රමයට විරුද්ධ වී වර්ජනය කලොත්? රටේ විනය පිරිහෙන ලකුණු පෙනේද?
මේක ජාතියේ පොදු රෝගයක් වන ස්වයං විනයක් නැතිකමේ ගැටලුව. ඇයි අපට වෙලාවට වැඩට යන්න බැරි. තමන් යන මාර්ගයේ තදබදය දන්නවන්නේ. ඒක දැනගෙන කලින් බස් එකට හෝ කාර් එකට නගින්න. බැරිනම් අයින් වෙන්න. ඕන තරම් ඉන්නවා වෙලාවට වැඩ කරන්න පුළුවන් අය. මම පරක්කුවෙන සෙට් එකට දෙන දේසනාව ඕකයි.
ජයවර්ධන, ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ වැනි ජනාධිපතිවරු රට පාලනය කරනකොට වෘත්තීය සමිති මෙහෙම පිස්සු නැටුවේ නැත
මෙය හකුලා ගැනීම ලොකු වරදක්. ගේන්න කලින් හිතන්න ඕනේ. පහසුකම් දියුණු කරලා නැවත වැඩේ පටන්ගන්න
රට සදහටම ආපස්සට ..! ලැජ්ජයි ,පිළිකුල් සහගතයි ..! 1970 සිට මෙවන් වූ ආණ්ඩුවක් දුටුවේ නැහැ වෘත්තීය සමිති වලට බය. මොටද දොස්තරලටයි හෙද හෙදියන්ටයි බය මෙහෙම ආණ්ඩුවක් ..? මේ සංගමයටම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කරගෙන ගියහැකියි නේ. අහෝ, බණ්ඩාරනායක මැතිණිය, ජේ.ආර්...! ප්‍රේමදාස ..! සිටියා නම්. එතුමන්ලාගේ සවිමත් පොදුජන යහපතට තීරණ ගනිද්දී මේවාට වඩා ..! .අපූරුයි.
සුනිල් මහතාගේ අදහසට මම එකඟයි
රජය වර්ජිතයන් ඉදිරියේ දණ ගැසීම කිසිසේත් අනුමත කල නොහැකිය. එක පියවරක් ඉදිරියට ගොස් පියවර දෙකක් ආපස්සට යාමෙන් යලිත් වරක් රජය නෝන්ජල් වුණා පැහැදිලිවම !!! අපේ රටේ වැඩ කෙරෙන්නේ රජය මගින් නොවෙයි. වෘත්තීය සමිතිවලට ඕන විදියටයි ! මේ යන්ත්‍ර ඔවුන් එපා කියන්නේ මොකද? කාලය හොරකම් කරන්න නේද? රජයත්, මහජන මුදලත් ගසාකා රෝගීන් මලත් වෙලාවට ඉස්සර රෝහලෙන් පැනගොස් සාප්පු සවාරි හෝ වෙන පුද්ගලික වැඩ කිරීමට නොවේද? ෆ්ලොරන්ස් නියිටින්ගේල් මෙවැනි "උතුම් හෙද සේවයක්" (නර්ස්) පටන් ගැනීම ගැන ලැජ්ජා වෙනවා ඇති !!!!
මේ රට පාලනය කරන්න අපේ රජතුමාවයි, ගෝඨා මහත්තයයි ඉන්න ඕනේ... එයාලගේ කාලේ මේක ලස්සනට කරනවා. ඕනේ නම් දෙතුන් දෙනෙක් අතුරුදන් වෙයි. කමක් නැහැ මට නම්...
බොරුවට තමයි හැමදාම තැන යන්නේ... ඇඟිලි සලකුණු සේම රජයේ පඩි ගන්න සියලු දෙනාටම නියම කල යුතුයි. මේ අයට විතරක් වැඩි සැලකිල්ලක් දැක්වීම වැරදි වැඩක්... දැන් රජයේ ඇඟිලි සලකුණු සටහන් කරන අනෙක් අයටත් පාරට බහින්න වෙනවා.
ලෝකයේ දියුණු රටවල් වල නීති විතරක් නෙමෙයි ප්‍රවාහන පහසුකම් ඇතුළු යටිතල පහසුකම් දියුණු කරලා තියනවා. මිනිස්සුස්ට රට ගැන හැගීම ඇතිකරලා තියනවා. මේ තියන ක්‍රමයට මේ ආත්මෙදි දියුණු වෙන්නේ නැ
පිටරටක කෙනෙක් ඇවිත් ඇහුවොත් ඔබලගෙ රටට මෙහෙම වෙලා තියෙන්නෙ ඇයි කියලා තම තමන්ව පෙන්නන්න
අති විශිෂ්ට තීන්දුවකි. අහිංසක හෙදියන් සහ ඉතා නිහතමානි රෝහල් කාර්ය මණ්ඩලයෙන් මෙය ඉවත් කොට කපටි අසාධ්‍ය ලෙඩ්ඩුන්ට සියලු දැඩි නීති පැනවිය යුතුයි.
මේක පාලකයන් නැති, පාලනයක් නැති අයාලේ යන රටක්.
ලැජ්ජාවක් නැති මිනිස්සු ඉන්න තවත් රටක්...
ෙකතාව සහතික ඇත්ත.. දැන් රට බල්ලටම ගිහින්... ඔය පෙන්නේ නැද්ද එක එක්කෙනාට ඕන විදියට නීති වෙනස් වෙනවා.
අපි හැමදාම කරන්නේ නොකළ යුතු වැඩමයි. රතුඉරි, ඇඟිලි සලකුණු ඉවත් කරන්න. නූතන කලමණාකාර මූලධර්ම විසික් කරලා කසිකබල් යල්පැනපු ක්‍රමවලින් නියම ඵලදායිතාවයට යන්න බැහැ.
රජයේ ආයතන වල අය මෙහෙම හැසිරෙද්දී එව්වා පුද්ගලීකරණය කරන එකට විරුද්ධව මොනවා කියන්නද? කෙසේ හෝ මහජනතාවට සෙතක් විය යුතුය. කිමද මොහුන් පඩි ලබන්නේ මහජන මුදලින්ය. සයිටම් එකට විරුද්ධ වුණු කට්ටිය කෝ? මෙව්වට විරුද්ධ වෙන්නැද්ද ඒ අය.? කෙසේ හෝ වැටහෙන්නේ එක දෙයයි. මේ හැම විරුද්ධවීමක්ම කාගේ හරි වුවමනාවකට වෙනවා කියන එක විතරයි.
සුනිල්, ආගමන / පුද්ගලයන් ලියාපදිංචි වල අය ඔරලෝසු 10 ක් සවි කලත් ඒ 10 ම අත්සන් කරන කට්ටියක් . මොකද ඒ අයට වැඩ කළහම දස දහසින් බැඳී ව්‍යස්ථාපිත දීමනා ලැබෙනවා.
මේ යන්ත්‍ර එන්න කලින් අත්සන් කළේ පොතේ. මේ නිදහස නැති කර ගත්තේ කව්ද? රජයේ සේවයේ වැඩ කරපු සමහර අය නිසා.
හෙදියන් හා දොස්තරලා ලංකාවේ නීතියට යටත් නැති පාතාල සමාජිකයින්ය..
ජය වේවා. හෙද හෙදියන්ට විරුද්දව ගෙන ආ අසාධාරණ ඇගිලි සලකුණු සටහන් ක්‍රමය පරදා ජයගත් ඔබට ජය වේවා. මේ අසාධාරණ ඇගිලි සලකුණු සටහන් ක්‍රම වලට විරුද්ධව ලංකාවේ සියලුම වෘත්තීය සමිති පෞද්ගලික හා රජයේ සියලු දෙනා මේ වගේ සටන්කර ජයගන්න ඕන. මේවා අපට ගැලපෙන්නේ නැහැ දැඩි මාර්ග තදබදයේ බස් කෝච්චිවල තෙරපිලා අපි එන්නේ වැඩට දුර ඉදන්, මේවා අපට ඕන නැහැ. අපට පරක්කුවෙලා ඇවිත් කලින් යන්න තියෙන්න ඕන. මේ ජයග්‍රහණය ආදර්ශයට අරන් නඩු කියල හරි මේ ක්‍රම නැතිකරන්න අපේ වෘත්තීය සමිතිවලටත් හැකිවේවා. මම පෞද්ගලික ආයතනයක සේවකයෙක්
මෙහෙම ගියොත් සේරම තමන්ට උවමනා විදිහට වැඩ කරන්න පටන් ගනී. ජනතාවට සේරගේම පණ්ඩිතකම් පුරාජේරු බලන්න වේවි.
මේ යෝජනා සාදාරන නම් කව්රුත් විරුද්ද වෙන්නේ නැහැ. එකම ආයතනයක සේවය කරන එක කට්ටියකට පමණක් මෙසේ කරන්නට නියෝග දීම වැරැද්දක් ලෙසයි අපි දකින්නේ. නීතිය කාටත් පොදු වෙන්න ඕන.
මේ යෝජනා සාදාරන නම් කව්රුත් විරුද්ද වෙන්නේ නැහැ.