(රොහාන් කුමාර)
සබරගමුවේ හිටපු මහා ඇමැති මහීපාල හේරත් මහතා කැගල්ලේ නිදහස් මාවතේ පැවැත්වෙන පොදු ජන පෙරමුණු වේදිකාවට මීට සුළු වේලාවකට පෙර ගොඩ වෙමින් එම පක්ෂයට එක් විය.
එහිදී මහා ඇමැතිවරයා කියා සිටියේ මෙම ආණ්ඩුව ගෙදර යවන සටනට තමාත් එක්වන බවයි. මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් හැමෝටම වැඩක් කළ නායකයා මහින්ද රාජපක්ෂ මහතා බවයි.
පළාත් පාලන මැතිවරණයේ කෑගල්ල දිස්ත්‍රික් අපෙක්ෂයිනට සහයෝගය දැක්විමට හිටුපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් මෙම රැස්වීමට අති විශාල පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූප සමන් විජය බණ්ඩාර





ඡායාරූප - චතුර එස්. කොඩිකාර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හපොයි පොහොට්ටුවට වෙච්චි දෙයක් !!!
ජනාධිපතිතුමනි, වෙන සුදුසු කෙනෙක් මහඇමති කරමු. අපි ජනාධිපතිතුමා සමගයි. රඹුක්කනට දක්ෂ සංවිධායකයෙක් පත් කරන්න.
මහජනයා ගොනාට අන්දන හැටි අපේ ඡන්ද දායකයන් නොදකිනවා වගෙයි.
රට හදන්නද මේ අය දැන් එකතු වෙන්නේ... ?
මේ වගේ දේශපාලකයින් ගැන ජනතාව තීරණය කරත්වා..!!
හිටපු අයට කරගන්න දෙයක් නැතිවෙලාද?
මෙයාමද ආයිත් අපිව පාලනය කරන්න එන්නේ...?
කොයි කවුරු ආවත් අපි මෙදා නම් ජේවීපි තමයි...
තමන්ගේ හොර මැරකම් වසාගන්න අත්තෙන් අත්තට පනින අයට වෙන්නේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අපි බලා ඉඳිමු.
හොරුන්ට දඬුවම් දෙන්නේ නැතුව උකුලේ තියාගෙන නලවන්න යන අයට හොඳ පාඩමක් ...
මෙදාපාර පොහොට්ටුව ඉවරයි.
ජනතා විමුක්ති පෙරමුණ සමග එකතු වී ඉදිරි ගමන් යමු ජනාධිපතිතුමනි. හොඳ සටනක් දෙමු.
පුදුම වෙන්න දෙයක් නෑ. ඔක්කොම කුණු බේරුවලද හම්බන්තොටද කොහෙද බොක්කකට එකතු වෙනවා වගේ තමයි ඉතින්.
ජනපතිතුමනි, මේ අය වෙනුවට හෙට උදේම අලුත් මහා ඇමති කෙනෙක් පත්කරන්න
පොහොට්ටුවට හේත්තු නොවී බැහැනෙ
ගරු ජනාධිපතිතුමනි කොමිසම් සභා වාර්තා ඉක්මනින් මහා ජනතාව අතටද පත්කර සියලුම හොරුන්ට දඬුවම් දෙන්න.
ජනාධිපති තුමනි හොරු සුරතල් කිරීමේ ප්‍රතිපල පෙනෙනවා නේද ? ජනාධිපති තුමනි පළාත්පාලන ඡන්දෙට ඕන දෙයක් වෙන්න කියල , පක්ෂ පාට නොබලා 2015 ට කලින් සහ ඉන්පසුව හොරකම් කල හොරුන්ට දඩුවම් කරන්න , පක්ෂේ විනය කඩන පුද්ගලයන්ට තරාතිරම නොබලා විනය ක්‍රියාමාර්ග ගන්න හෙට සිට තීරණය කරන්න , ඉදිරි අවරුදු දෙකේ මේගැන දැඩිව ක්‍රියා කරන්න , ඉන්පසු 2020 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න , ඔබතුම කෙලින් හිටියොත් ජනතාව ඔබව ආරක්ෂා කර ඔබට කළගුණ සලකන එක ඉර හඳ මෙන් විශ්වාසය.
හප්පා නියම එක්කෙනේක්නේ එකතුවෙලා තියෙන්නේ.
තකට තක...!
තමුන්ට විරුද්ද චෝදනා වල පරීක්ෂණ පටන් ගන්න හදනකොටම පනිනවා වෙන පැත්තකට . ඊට පස්සේ පලිගන්නවෝ කියනවා. පක්ෂ බේද නොතකා තමුන්ගේ පැත්ත ඉන්න අය තමුන්ව දාල ගියත් පරීක්ෂණ අපක්ෂපාතිව කරන ජනාදිපතිතුමන්ට නීතිය ගරු කරන ජනතාවගේ උපහාරය.
මෙය මුලිනම් හිටියේ යුඇන්පී එකේනේ , දැන් මේ නහින දෙහින කාලෙටත් එක එක තැන්වලට පැනල හොට බිම ඇනගන්න හදන්නේ . අවසාන කාලේ නේ , ඔන්න ඔහේ කමක් නැ
මෙයාලා හේදිලා තියෙන හැටි කටත් පේනවනේ
මේ පුවත ගොඩක් පරනනේ මෙයාගේ පුතණ්ඩිය හිටියේ ඒ පැත්තේම නේ මේක පුදුම වෙන්න දෙයක් නොවේ මෙයා මහා ඇමැතිවෙලා වැඩකලේම කෑගල්ලට පමණි.
හරි තැනට එකතු වෙලා. කුණු වලට කුණු එකතු වෙනවා මයි.
"නිකම් ඉන්න මට ඉතින් අහල ගියත් ඇතියි කියල ගැමි කතාවක් තියෙනවා. වියැළී යන පොහොට්ටුවකට කවුරු හරි ලංවුනොත් අනාථ වූ පිරිසට හරිම සතුටක්. ඡන්දෙ දවස එනකම් එක එක්කෙනා ඇවිල්ල අහල යයි. හැබැයි එක මනමාලයෙක් වත් ආයිත් ඒ ගෙදරට එන්නේ නැහැ මොකද මනමාලිට 60 පැනල දතුත් හැලෙන තුරු වචනයක් දීල නැති හින්ද.
මහින්ද මැතිතුමනි පරණ අනාත අය ගන්න එපා .එහෙම උනොත් මහජනතාව කලකිරෙනු ඇත
අතකොටා ඊළගට පොහොටුවට එකතුවේ හිරගේ සිට.
අනේ අපොයි
අපේ සල්ලි වලින් අපිවම කන්න ඉපදුන කට්ටියක්... අපේ රටේ කරුමේ තමයි.
මේවා දකිද්දී ඇඬේනවා අපේ රටේ ජනතා නායකයෝ නේද මේ කියලා ...
එක වගේ කුරුල්ලොනේ එක අත්තේ වහන්නේ.
මේ අය මේ විදියට එකතු කරලා රටින් පිටුවහල් කරන්න පුළුවන් නම් එදාට රටට සුගතියක් වෙයි.
එක රැලේ කට්ටිය නෙව!පොහොට්ටුව ඉවරයි!
නිළ මැස්සෝ කුණු ම සොයා යති ...! නූරි වතුයායේ මිය ගිය වතු අධිකාරී තුමා මෙයාව හීනෙන් බයකලාවත් ද..?