(අනීෂා මානගේ)
රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත්ව සිටි ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ හෂිනි අමේන්ද්‍රා මේ මස 26 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් මහී විජේවීර මහතා අද(17) නියෝග කළේය.
2012 සිට 2016 දක්වා කාලයේදී තංගල්ලේ පිහිටි රාජ්‍ය බැංකුවක උකස් අංශයේ සේවය කරමින් සිටියදී එම බැංකුවට උකස්කර තිබූ රුපියල් 12,80,000ක් වටිනා ස්වර්ණාභරණ අතුරුදහන්වීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හෂිනි අමේන්ද්‍රා පසුගිය 9වැනි දින තංගල්ල කොට්ඨාස වංචා විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ නෝනලාගේ වැරදි සොයනවාට වඩා තමන් නෝනා කෙනෙකු තෝරා ගන්නකොට හොඳ සිහියෙන් ඒ කටයුත්ත කරගැනීම නුවණට හුරු වගේ.
ලක්ෂ 12ක්නෙ. ඒකයි පිට පිට රිමාන්ඩ් වෙන්නේ. බිලියන 12ක් වුනානම් ඇප ගන්න තිබ්බා.
මම හිතන්නේ මේක පුවතක් විදිහට පලකල යුතු දෙයක් නොවෙයි කියලයි. මොකද ඔයිට වඩා රටේ ආර්ථිකයට බලපාන විදිහට රත්තරන් අතුරුදහන් කළ අය එළියේ නිදහසේ ඉන්නවා.
ගාන්ධර්වයාණනි, ගුත්තිලත් තත කඩා ගත්ත එකේ ඔබ ගැන කවර කතාද? ගොනා හැරෙන්නේ වල් පැලේටද පොල් පැලේටද යන්න කෙසේ වෙතත් ආලෝකයට ආලබඳිමින් ගින්දර වෙත යන කණාමැදිරියාට වෙන්නේ මොකක්ද කියලා වටහා ගත්තොත් හොඳයි.
එතකොට ඒ රාජ්‍ය බැංකුවක රුපියල් ලක්ෂ 12ක් නේද! එතකොට අර එකයි බින්දු 18ක් තියෙන එකට මොකෝ කරන්නේ.
හොරකම වුණත් ලක්ෂ ගානක එකක් කළාම රිමාන්ඩ් වෙනවා. උසාවි ගානේ රස්තියාදු වෙනවා. එසේ නොවන්නට මිලියන හෝ බිලියන ගානක සොරකම් කල යුතුයි. වඩාත් හොඳ පාර්ලිමේන්තුවේ සාමාජිකයකු වීම හෝ මැතිඇමති වරයකු වීමයි. එසේ වුණු විට හොරා කිහිපයකින් එළියේ.. එසේ නොවුණහොත් නඩු අසන්නා එළියේ, මෙවන් රටක ඉපදීමත් වාසනාවක්... පෙරදිග හොර ගුහාවක් බවට පත්වෙලයි තියෙන්නේ..
කවුරු වුණත් නීතිය කාටත් පොදුයි.
තමන් දුක් මහන්සියෙන් හරි හම්බ කර ගත් රත්තරන් බඩු, මුදල් හදිස්සියකට බැංකුවකට උගස් කර, පුළුවන් කාලයක ඒවා බේරගන්න ගිය විට තිබුන තැනින් අතුරුදහන් වුන බව දැන ගත්තම හිතට දැනෙන කණගාටුව, කෝපය ගැන දන්නේ එම තත්වයට පත් වූ කෙනා පමණයි. ඇයි කව්රුවත් ඒවා ගැන කතා කරන්නේ නැත්තේ.?
දැන් වැඩේ වැරදුණා වික්ටර් රත්නායකගේ බිරිඳ කියලා කොහොමද දැන් ලැබෙන ප්‍රසිද්ධිය... දැන් ඉතින් මැක්කොත් එක්ක නැගිටින්න තමයි වෙන්නේ...
රජ මාලිගා හෝ සිර කූඩුව හෝ සාදන්නේ ලොවේ සිය භාර්යාව වේ..
ඡන්දය ඉල්ලන්න සුදුසුකමක්... මේ නිසා ලබන ඡන්දය ඉල්ලුවොත් දිනනවා.
කොටින්ගෙන් අල්ලා ගත්ත රත්තරන් වලට වැඩේ දුන්න බවලතුන් තවම එළියේ. මේ බවලතා විතරක් ඇතුළේ...
මට නම් මතක් වෙන්නේ බුදු බණ ! පව් අහිංසක වික්ටර් අන්කල්...
මේ හුටපටේට වික්ටර්ගේ නම ගාවන්නේ ඇයි? එයා නොවෙයිනේ හොරකම කෙරුවේ? ඔහුගේ පුද්ගලික ජීවිතේ ගැන අපට වැඩක් නැහැ. ඔහු තමන්ගේ සංගීතයෙන් මුළු රටම කුල්මත් කරපු කෙනෙක් බව අමතක කරන්න හොඳ නැහැ නේද? ඔහු කවුරු කසාද බැඳ ගත්තත් කාටවත් එකෙන් ප්‍රශ්නයකුත් නැහැනේ!
වික්ටර් මහතා කරපු වැඩේ ගැන මම නං සතුටු නැත.
අන්කල්. අන්කල් විදියට හිටියා නම් මීට වඩා හොඳයි වගේ..
දෛවයේ සරදම් ලබන්නට කීම මෙසේ අප හමුවුනේ
වික්ටර්ගේ මේ හුටපටය ගැන කතා කොරන 99% සිංහල මිනිස්සු. හේතුව සිංහල බවුද්ද කම සංස්කෘතිය ගැන පුන පුනා සින්දු කීව මොහුගෙන් මෙවන්දෙයක් බලාපොරොත්තු නොවූ නිසා. තම අගමෙන්ම මෙවන් විවාහවලට ඉඩ ලැබී ඇති ඉස්ලාම් බතිමතෙක්ම් මෙතන වික්ටර්ගේ හුටපටෙට නොසතුට පලකරනවානම් තවත් මොනවාද?
තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්නට වික්ටර්ට ද අයිතියක් ඇත. ඔහු කවුරු විවාහ කර ගත්තත් එය නීති විරෝධී නැත නම්, එය ගැන කවුරු වත් කැමැත්ත අකමැත්ත පල කිරීමේ තේරුමක් නැත. ඇමරිකන් නොබෙල් ත්‍යාග ලාභී සෝල් බෙලෝ වයස 86 දී විවාහයක් කර ගත්තේය. වික්ටර් හියුගෝ අවුරුදු අසු ගණන් වලදී කාන්තාවන් ඇසුරු කළේය. අපේ හොඳම පාලකයෙක් වූ වසභ රජතුමා බිසෝ කමට ගත්තේ ඔහුගේ නැන්දාවය! මිනිස්සු විවාහ වෙන්නේ එක එක්කෙනාව සතුටු කොරන්න නොවේ!
පුත්තු කියන දේවල් වල යම් කිසි සත්‍ය භාවයක් තිබෙන බව පෙනී යනවා , භාර්යාවගේ කැරැට්ටුව හොඳ නැති බව පෙනෙනවා , මට කණගාටු මේ මනුස්සයාගේ දේපල වලටත් තට්ටු කරලා , කිර්ති නාමයත් විනාශ කරලා ජිවිතයේ අවසාන අවස්ථාවේ මේ මනුස්සයාගේ හිතට දුකක් දීල මේ කාන්තාව මාරු වෙවිවිද කියල