මනෝප්‍රිය ගුණසේකර
ජනාධිපතිවරයා ලෙස තමාට කටයුතු කළ හැක්කේ වසර හයක් ද එසේ නැතිනම් වසර පහක් ද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විමසා ඇත.
එම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන බ්‍රහස්පතින්දා (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු විමසීමට නියමිතය.
තමා බලයට පත් වන විට පැවැති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු හයක් බව ද, 19 වැනි සංශෝධනය අනුව එය අවුරුදු පහක් දක්වා අඩු කළ බව ද දැනුම් දුන් ජනාධිපතිවරයා මේ තත්ත්වය මත තමන්ට ජනාධිපති ධුරයේ කටයුතු කළ හැක්කේ වසර හයක කාලයක්ද එසේ නැතිනම් වසර පහක කාලයක් ද යන්න පිළිබඳව විමසා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය තමන්ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.
මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී විසින් නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා මහතාට මේ පිළිබඳව කළ දැනුම් දීමකට අනුව නීතීඥ සංගමයේ සාමාජික සාමාජිකයින්ට මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළ සිල්වා මහතා මෙම පෙත්සම විමසීමට ගන්නා අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිට අවශ්‍ය නම් කරුණු ඉදිරිපත් කිරීමට හැකි බව ද දැනුම් දී ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 5 කි
ජනාධිපතිතුමාට ඉන්න පුළුවන් අවුරුදු 5යි. එක දැනගෙනනෙ 19 වෙනි සංශෝධනය කලේ
අපේ ජනාධිපතිතුමාට 2026 දක්වා දිගටම ඉන්න පුළුවන් බව මගේ මතයයි
පාර්ලිමේන්තුව වසර 5 යි. ජනපති අවුදු 6 යි. ඕක නොදන්නේ කව්ද? මේ මොකද්ද මේ ප්‍රශ්නේ?
හ්ම්. රස වැටිලා වගේ.
ජනාධිපති පුටුවේ රස දැනුන වගෙයි ...
අර පරණ එක්කෙනා වගේ හැමදාම ඉන්න පුලුවන්ද කියලත් බලන්න.
අර පරණ මහත්තය වගේ හැමදාම ඉන්න පුලුවන්ද කියලත් බලන්න.
අවුරුදු 11 ක් පුළුවන් ඔබ තුමාට , ඔබ එනකොට තිබ්බේ 6 යි පස්සේ සංශෝධනයෙන් 5 යි එකතුව 11
මෙතුමා බලයට ආවේ දින 100 කින් විධායක ජනාධිපති කම නැති කරනවා කියල. දැන් හදන්නේ අඩු කරපු කාලයත් ආපහු ගන්නද?
අනේ මෙහෙම තණ්හාවක්.................... අනේ මෙහෙම ආසාවක් ..................මිනිසුනි ලැබේද ම්න් සැනසීමක්
ඉල්ලුවේ බලය නිසි කලටම යනවා කියා... දැන් විමසනව කීයද උපරිමය කියා.... සිටිනෙමි සිහින මවමින් 20ක් විතර කියා... දෙනවා නේද අබරපු ලනු හොදද කියා...
ජනාදිපති දුරයට පත් උනේ 78 ව්‍යවස්ථාව යටතේ. ඒ හින්ද කලින් පැනල යන්න බැහැ. අවරුදු 6 ක් ඉන්න ඕනේ. 2015 මැතිවරණෙ තිබ්බේ. යන්න ඕනේ 2021.
තමන්ගේ ධූර කාලයත් පූජ කරල ලෝකෙටම ආදර්ශය වී දින සියයෙන් විධායක ජනපති ක්‍රමය අහෝසි කර ගෙදර යන අපේ ජනපති උතුමාණන්ට ජයවේවා...!
ඔබතුමා ජනාදිපති උනේ 19 වෙනි සංශෝදනය පාස් වෙන්න කලින් . අලුත් නීතිය බලපාන්නේ 19 වෙනි සංශෝදනයෙන් පස්සේ පත්වෙන ජනාධිපතිවරුන්ට. අවරුදු 5 න් යන්න හදන්නේ බැරි කම නිසාද?
ලොස් අන්ජලීස් වල එහෙම කර ගන්නවා.
අයියෝ අවරුදු 6 කට පත් වෙලා අවරුදු 5 න් කර ගන්න බැරුව යන්න හදන එකම කෙනා.
අයියෝ අවරුදු 6 කට පත් වෙලා අවරුදු 5 න් කර ගන්න බැරුව යන්න හදන එකම කෙනා.
එතුමා දිවුරුම්දෙන අවස්ථාවේ වලංගු නීතිය වුයේ 1978 ව්‍යවස්ථාවයි. 19 වැනි සංශෝදනය අතීතයට බලපැවැත්වෙන නීතියක් නොවේ. එබැවින් එතුමාට අවුරුදු 06ක් බලයේ සිටිහැකියි.
අවුරුදු හයක් ඉන්න පුළුවනි. ඔහු බලයට පත් වුනේ පෙර තිබුන නීතිය අනුවයි. අතීතයටත් බල පාන පරිදි එය වෙනස් කර නැත්නම් එහි වෙනසක් වන්නේ නැහැ.
අවුරුදු 4යි, දැන්ම යනවනම් හොඳයි.
ලොස් ඇන්ජලිස් වල නීති ලංකාවට නෑ මෙහෙ නම් 5 යි
රොටි අළු වී තැටි උණුවී ඇත
මම විශ්වාස කරනවා මේ ජනාධිපති තුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුල්ලංගනීයව ආරක්ෂා කරලා රටට ආදර්ශයක් සපයාවි කියලා. මොකද මෙතුමා තම දූරකාලය පිලිබඳ පුන පුන කිව්වේ ජනාධිපති බලතල අඩු කර ගත්ත ඉතිහාසයට නමක් තියපු එකම ජනාධිපති කියලනේ ඒ නිසා අපට විශ්වාසයි මෙතුමා තම ධූර කාලය අවුරුදු 5කට සීමා කරන බව.
ජනාදිපතිතුමනි ඔබතුමා අවුරුදු 6 ක් ඉල්ලනවානම් හොඳයි.
ඔබ තුමා කියල සෝවාන් වෙලාය. අතාරින්න එපා දිනනවා වගේ පේනවනම් තව සැරයක් ඉල්ලන්න. පරණ කියපු කතා ලංකාවේ ඉන්න ගොබ්බයියන්ට මතක නෑ. හැබැයි අලුත් සටන් පාටයක් හොයාගන්න වෙනවා. මහා බැංකු කේස් එක තව ටිකක් ඇදගෙන ගියෝතින් කියන්න පුළුවන් බැංකුව හොරකන් කරපු උන්ට දඩුවන් දෙන්න ඡන්දෙ දෙන්න කියලා.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බැලුවොත් 2016 වෙනකන් රාජපක්ෂ තමයි ජනාධිපති.
විධායක ජනාධිපති බලතල ගත්ත කාටවත් එක දාල යන්න අමාරුයි. ජනාධිපති මුලින් කිවුවේ ධූර කාලය අවුරුදු 4 කට සීමා කරන්න එයා යෝජනා කරා කියලා. නමුත් වසර හතරෙන් හතරට මැතිවරණවලට යන වියදම නිසා අවුරුදු 5 කට එකඟ වුනා කියලා. ඔහුට එම ධූරයේ ඉන්න ආසාවක් නැහැ කියලා තමා ආප්ප කාලා ඇවිල්ලා මුලින්ම කිවුවේ. මොහුගේ සැබෑ ස්වරූපය දැන් පැහැදිල්යි නේද?.
කොහොමද ජේ. ආර්. ගෙ පැණි ගුලිය? කනකොට තමයි ඉතින් රහ දැනෙන්නෙ.
මෙතුමාට අවුරුදු පහේ වාර දෙකක් දෙන්න කියලයි මන් නම් කියන්නේ. JR 10 යි, ප්‍රේමදාස 5 යි, විජේතුංග එක හමාරයි, චන්ද්‍රිකා 11යි, මහින්ද 10 යි, විජේතුංග විතරයි මේක කැමැත්තෙන් අතහැරියේ.
එනකොට නම් කීවේ මස 06 න් ජනපතිධුරය ඉවත් කරනවා කියලා.
බස් සීසන් එකක් අරගත්තට පස්සේ එකේ ගාන වැඩි උනොත් කඩේට ගිහින් ඉතුරු ගාන ගෙවනවද? නීතිය බලපාන්නේ අනාගතේට . මෛත්‍රී ජනපති උනේ 78 ව්‍යවස්ථාවෙන්. මේක තේරුම් ගන්න බැරි ඇයි ?.
මේ මොන විහිළුද?ඔබතුමා හොදටම දන්නවා අවුරුදු 5 බව. මේ හොරු නිසා ඔබතුමා යහපාලන සංකල්පය වේගයෙන් අතහරිමින් යන බව මහජනතාව දැඩි කලකිරීමකින් ඉන්නේ.
හරිම කනගාටුයි, මනුස්සයෙක්ට මෙච්චරම ඇද වැටෙන්න පුලුවන්ද - හෘද සාක්ෂියක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද?
ඔබතුම කිවුවේ නම් දින 100න් විධායකෙ අහෝසි කරලා රනිල් අගමැති කරලා මම බැහැල යනවා කියල.
කොයි තරම් බලවත් වුනත් සමහර පාලකයින්ට සිද්ධ වෙනවා ගිරයට අහුවෙච්ච පුවක් ගෙඩියක් වගේ ඉන්න. මේ තත්වය විෂය බද්ධව තේරුම් නොගත් පිරිස් නිරන්තරවම උත්සහ කරනවා මුල් පුටුවේ සිටින පුද්ගලයාගේ හිස මතට නොවිසිඳුනු සියලුම ප්‍රශ්න අත හරින්න. ගඟ ලඟට ගියහම කිඹුලා කන්න පනිනවා. ඒකෙන් බේරිලා ගෙදර ආවහම හූනා ඒ කියන්නේ කිඹුලාගේ මල්ලි උත්සාහ කරනවා ගේ හිමියාගේ හිස මතට වැටී ඔහුගේ මරණය ළඟාකර දෙන්න. ගෙදර ගියොත් අඹු නහිනවලු. මග හිටියොත් ගේ හිමිය නහිනවලු.
දින 100 කින් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න ආ තමන්ම අඩුකර ගත් වසරක ධූර කාලය යලි ඉල්ලයි.....
ජනදිපතිතුමා ඡන්දයට කලින් ප්‍රකාශ කලේ නිර්පක්ෂිකව සිට හොරුන්ට දඩුවම් දී රට නිවැරදි මාර්ගයකට රට ගෙනියනවා කියල. මේක විශ්වාස කරපු හැට දෙලක්ෂයක් එතුමාව ජනාධිපති කෙරුවා.
ආයේ එන්න බැරි හින්ද තව අවුරුද්දක් ඉඳලා යන්න හිතිලා (ජනතාව වෙනුවෙන්!)
ඔබතුම පත්වෙනකොට තිබුනේ වෙන නීතියක් නමුත් ධුර කාලය අවරුදු 5 කට සිමා කල යුතුය යන්න යෝජනා කලේ ඔබතුම විසින් , සමහර විට ඔබතුමාට නිතිය පැත්තෙන් බැලුවොත් අවරුදු 6 ඉන්න පුළුවන් ඇති , නමුත් ඔබතුම අවරුදු 6 ක් ඉන්න එක සදාචාරාත්මක නැහැ මොකද ඔබතුම අන් යට ආදර්ශවත් විය යුතුය , ජනතාව ඔබතුමාට බලය දුන්නේ ඔබතුම ඔවුන්ට ධුර කාලය අවරුදු 5 කරන බවත් විධයක ජනාධිපති ක්‍රමය අහෝසිකිරිම වැනි පොරොන්දු දුන්න නිසා , මට පෙනෙන විදිහට හොඳම දේ අවරුදු 5 අවසානයේ ජනාධිපතිවරණය පැවත් විය යුතුය.
කිව්වේ තණ්හාව නැහැ කියල. දැන් කොහොමද පහ හය කරගන්න දගලන හැටි. රටට වැඩක් වෙනවා නම් තව කමක් නෑ...රට පාලනය කරන්නේ පොලොන්නරුවේ ඉදගෙන කිව්වා.... අපිට තව යිහිලු කථා අහගෙන අවුරුද්දක් ඉන්න කිසිම අවශ්‍යතාවක් නැහැ.......අපි හිතන්නේ මේ වැටුණු වලෙන් ගොඩ එන්නේ කොහොමද කියල.
මෙතන ධූරකාලය ඉල්ලලා නෑ, සංශෝදනය උන නිසා පැහැදිලි කරගන්නයි අහන්නේ,
කලින් හිටපු රාජකීය නක්ෂත්‍ර උතුමාණන් අමතක වීද?
මේ අය බලයට එන්නේ කොහොමද? මට මේවා ඕන නෑ, අවුරුදු දෙකෙන් දාල යනවා කිය කියා... කිව්වට සත පහකට විශ්වාස කරන්න පුළුවන්ද? මේ වගේ අපිත් කන්නේ තණකොළ කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නෑ....
අවුරුදු 5ත් දිග වැඩියි. ජර්මනිය ඇතුළු යුරෝපයේ බොහෝ රටවල් වලත්, ඇමෙරිකාවේත්, කැනඩාවේත් අවුරුදු 4 පසු ඡන්දෙ පැවැත්වීම අනිවාර්ය වේ. ඇමෙරිකාවේ නම් ව්‍යවස්ථාවේ අවුරුදු 4 කට වරක් ඡන්දය පැවැත්විය යුතු දිනය පවා සඳහන්ව ඇත. අර්ථ නිරුපන වලින් වැඩක් නැත. ඔබතුමා ආදර්ශමත් වන්න ඔබතුමා මැදිහත් වෙලානේ... ධුර කාලය 5ත් අඩු කළේ.. ඔබතුමා මේ වෙනකන් කිය කියා හිටියේත් අවුරුදු 5නේ.. 5 ඉඳලා කැමතිනම් ලබන ඡන්දෙට ඉදිරිපත් වෙන්න.
කඩුව රත් කරන්න වෙන්නැති මේ හදන්නේ නේද?.
හරි නම් ඔබතුමා මේක අහන්න ඕනේ රටේ ජනතාවගෙන්.... හොරු අල්ලනවය, විධායක ජනාධිපති ක්‍රමය නැති කරනවා වැනි පොරොන්දු ඇතුළුව අර මෛත්‍රි පාලනය නමැති පොතේ තිබෙන පොරොන්දු මාලාවක් ඔබතුමා ජනතාවට දුන්න නිසානේ ඔවුන් ඔබතුමාව පත්කරගත්තේ... ඔබතුමාට හිතෙනවා නම් අවුරුදු 5 මදියි ජනතාවට සේවය කරන්න කියලා අවුරුදු 5 අවසානේ ජනාධිපතිවරණයක් තියන්න. එතකොට ජනතාව තීරණය කරාවී ඔබතුමාගේ සේවය අවශ්‍යද නැද්ද කියලා... අවශ්‍ය නම් සේවය කරන්න. නැත්නම් ගෙදර යන්න. රටේ ජනතාවගෙන් වැඩි පිරිසකට ඔබගේ සේවය අවශ්‍ය නැහැ කියල හිතෙනවා නම් බලෙන් සේවය කරන්න වුවමනාවක් නැහැනේ...
රොටිය කරවෙලා නම් ඒක ලිපට දමලා රොටි කබල හරි අවරුදු 6 ක් රත් කර කර ඉමු . කොච්චර මළගෙවල් මගුල් ගෙවල් විවුර්ත කිරීමේ උත්සව තිබෙනවද රටේ සහභාගී වෙන්න , තව කොච්චර කොමිසම් තිබෙනවද පත්කරන්න.