මනෝප්‍රිය ගුණසේකර
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාවේ පිටපතක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට යවා ඇතැයි වාර්තා වේ.
බැඳුම්කර ගනුදෙනුව හා එයට අදාළ සිද්ධීන් වලදී අල්ලස් චෝදනාවන් ඉදිරිපත් කළ හැකි සිදුවීම් වී ඇති බවට වාර්තාවේ සඳහන් කර තිබීම නිසා ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට ජනාධිපතිවරයා එම වාර්තාවේ පිටපතක් මෙලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට යවා ඇතැයි දැනගන්නට තිබේ.
අල්ලස් කොමිසමේ ඉහළ නිලධාරීන් පිරිසක් මේ වන විටත් බැඳුම්කර කොමිසමේ වාර්තාව අධ්‍යනය කරමින් සිටින බවත් එම අධ්‍යනය කිරීම් වලින් අනතුරුව මේ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳව තීරණයක් ගන්නා බවත් අල්ලස් කොමිසමේ ඉහළ නිලධාරීයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රවී කරුණානායක මොන කතා කීවත් බුද්ධිමත් ජනතාව දන්නවා ඔහු කරපු දේ. ඔහු සහ මහේන්ද්‍රන්ලා හොරකම් කලේ මේ රටේ අහිංසක ජනතාවගේ සල්ලි විතරක් නොමෙයි අපේ රටේ අනාගතය, දරුවන්ගේ අනාගතය.. ඔවුන් කරපු මේ අපරාදයට සොබාදහම නිසි පිළිතුරු ලබා දේවි. පවුල්වාදය කතා කරපු මෙතුමාගේ අමාත්‍යාංශයේ හිටපු නෑදෑයෝ ටිකට ගෙවපු සල්ලි වලට දරුවන්ට පසලක් හදල දෙන්නට තිබුණා. රොමේෂ් ජයවර්ධන, රෝසි මලලසේකර, කෞශල්‍ය... මේ අය රවී මහත්තයාගේ ලඟම නෑදෑයෝ. බොරුනම් අපිට නඩු දාන්න කියන්න.
මේක ජනාධිපති තමන්ගේ බූදලයක් කරගත යුතු නැත. රටේ නීතියට අනුව ඒවා විසඳෙද්දෙන්. කොහොමත් හොරු දඬුවම් ලැබිය යුතුය.
ජනාධිපතිතුමනි ඔබතුමා හරි. බැඳුම්කර වාර්තාව මෙන්ම අනෙකුත් වාර්තාත් ඉක්මනින් ජනතාවට දැන ගැනීමේ සඳහා ඉදිරිපත් කරන්න.
වැඩක් නැහැ ජේ.වී.පී ආණ්ඩුවක් එනතුරු ඕවා සේරම හමස් පෙට්ටියේ.
දැන් නියම වාර්තාව නෙමේ වෙනස් කල ඒවා එලියට එයි
මොන අන්දමේ ක්‍රියාදාමයක් ගත්තත් මාධ්‍ය වලට උවමනා අන්දමට ඒ ගොල්ලෝ දැනටමත් වැරදි කරුවන් කර හංවඩු ගසා ඇති පිරිසකට දඬුවම් දුන්නේ නැත්නම් "මේ සේරම බොරු ප්‍රෝඩා" කියල කෑගහන පිරිසක් මේ රටේ ඉන්නවා. ඒ ගොල්ලෝ කොමිසම පත්කළ දවසෙම තීරණය කරලා ඉවරයි වැරදි කරුවෝ කවුද කියල. ඉතින් රටේ නීතියට අනුව අධිකරණය නිවැරදි තීන්දු දීමෙන් ඇති වැඩක් නැහැ.
අපට ජනාධිපතිතුමා විශ්වාසයි. සියලුම හොරුන්ට දඬුවම් දිය යුතුයි. රනිල් මහත්තයෝ පක්ෂ සාමාජිකත්ව තාවකාලිකව හෝ නතර කරන්න. ඔය පක්ෂයේ නායකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස මහතායි. බැඳුම්කරය නිසා මෙරට ජනාධිපති වීමට තිබූ වාර්තාව නැතිවුණා.
බැඳුම්කර වාර්තාව ගැන කටයුතු කිරීම හොඳ දෙයක්. ඒ වගේම දූෂණ පිළිබඳ තවත් වාර්තා 14ක් තිබෙනවා. ඒවා ගැනත් කටයුතු කලයුතුයි. වැරදි කරපු කීප දෙනෙකුට නොව සියලු දෙනාටම විරුද්ධව නීතියට අනුව කටයුතු කල යුතුයි.
මේ කවුරු කොහොම ඔලුවෙන් හිටගෙන කෑගැහුවත් මේ රටේ දේශපාලනය ගැන යන්තමක වත් දැනුමක් තියෙන ඕනම කෙනෙක් දන්නවා මේ හොරුන්ට කිසිදු අතුරු අන්තරාවක් නැතුව නැවතත් සුපුරුදු පරිදි රට්ටුන්ව අන්දවගෙන චිරාත් කාලයක් සැපෙන් සිටිය හැකි බව.