(මනෝප්‍රිය ගුණසේකර)
බැඳුම්කර වංචාවට සම්බන්ධිත පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීම සඳහා අල්ලස් කොමිසමේ විශේෂඥ කණ්ඩායමක් විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ වාර්තාව පිලිබඳව අධ්‍යනය කරමින් සිටින බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අනාවරණය වේ.
නීතී විශාරදයින් මෙන්ම අල්ලස් නීතීය පිළිබඳව විශේඥ දැනුමක් ඇති විශේඥ කණ්ඩායමක් විසින් බැඳුම්කර කොමිසමේ වාර්තාව අධ්‍යනය කරමින් සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ වාර්තාවේ පිටපතක් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා පිළිබඳ විමර්ශන කොමිසමට යවා ඇති තිබේ. එහි පිටු 1500 කට අධික ප්‍රමාණයක් ඇති බැවින් අල්ලස් කොමිසමේ විශේෂඥ කණ්ඩායමක් විසින් එම වාර්තාව අධ්‍යනය කරනු ලබයි.
බැඳුම්කර ගනුදෙනු වලදී හා එයට අදාළ සිද්ධීන් වලදී අල්ලස් චෝදනාවන් ඉදිරිපත් කළ හැකි සිදුවීම් වී ඇති බවට අල්ලස් කොමිසම සිය වාර්තාවේ සඳහන් කර ඇති අතර ඒ අනුව ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කළ යුතු චෝදනා, එම චෝදනා ඉදිරිපත් කළ යුත්තේ අල්ලස් පනතේ කුමන නීතීය යටතේද යන්න සහ ඒ සඳහා ඇති සාක්කි ආදිය පිළිබඳව අල්ලස් කොමිසමේ විශේඥ කණ්ඩායමක් විසින් වැඩිදුරටත් අධ්‍යනය කරමින් සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
බැඳුම්කර කොමිසමේ වාර්තාව අධ්‍යනය කිරීමෙන් අනතුරුව මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් අල්ලස් කොමිසමේ ඉහළ නිලධාරීයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතුරු අවුරුදු 2 ත් ඉතින් ඉවරයි මෙයාල තව වාර්තාවක් හදද්දී.
තවත් කල් මර මර ඉන්නේ නැතිව ඉක්මණට නීතිය ක්‍රියාත්මක කරන්න. 2015 ට කලින් ගණුදෙනු ගැනත් ඉක්මණට හොයලා වැරදි කරුවන්ට දඩුවම් දෙන්න. අපිට මෙයාලගෙ කයිවාරු අහලා එපා වෙලා ඉන්නේ.
තව වසර දෙකකදී මේ නඩුව ඉවර කරන්න බෑ. ඊට පස්සේ හොරු නිදහස්. මහින්ද පිලේ හොරු ටික නිකන්ම නිදහස්. ඊළඟට බලයට එන්නේ හොරු මයි. මේ රටේ මහජනතාව විතරයි පරදින්නේ.
හිටපු මහ බැංකු ලොක්කා කබ්‍රාල් ඉන්න කාලේ සිදුවුනු හෙජින් ගණුදෙනුව ගැන හොයන්නේ නැත්තේ ඇයි?
තව මොනවා අධ්‍යනය කරනද ? ජනදිපතිතුමා අධ්‍යනය කර ගණන හිලව් , පුද්ගලයන් , ගතයුතු ක්‍රියා මාර්ග කිව්වනේ
මේ බැඳුම්කර වංචාවට සම්බන්ධ සියළුම පුද්ගලයින්ට තරාතිරම නොබලා පවතින නීතිය අනුව දිය හැකි උපරිම දඩුවම් ලබා දිය යුතුයි. පවතින නීති ප‍්‍රමාණවත් නොවේ නම් අතීතයට බලපාන ලෙස නීති සකස් කළ යුතුයි. මේ අවස්ථාවේ එසේ කළහොත් අනාගතයේ දී මෙවැනි වැරදි කරන්නට දේශපාලකයින් සහ නිලධාරීන් බිය වනු ඇත.
ඊලග ජනාධිපතිවරණය කිට්ටු කරලා නඩුව ෆියිල් කරයි - නික්ම නිකම් බොරු ඡන්ද ගුණ්ඩු.
දෙපිරිස අතර වෙනසක් නැත.
අපේ රටේ ජනතාව නිල් පාට හොරුන්ගෙන් රට අරගෙන කොළ පාට හොරුන්ට රට දෙනවා. ඊළඟ සැරේට පරණ හොරු හොඳයි. කියලා ආයිමත් නිල් පාට හොරුන්ට දෙනවා. කවදා මේ දේ වැරදියි කියලා තේරුම් ගනීද?
මේකත් හරියට තාජුදින්ව ගොඩගන්නවා අdයෙත් වල දානවා වගේ වැඩක්. කතිරේ ගන්න උපරිම උත්සහය.................