(ආරියරත්න රණබාහු)
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අද(10) පාර්ලිමේන්තුවේ දී බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරද්දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ඔසවමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර පක්ෂ විපක්ෂ දෙපිරිස අතර ගුටිබැට හුවමාරුවක් ද සිදුවිය.
ඒකාබද්ධ විපක්ෂයේ ගාමිණී ලොකුගේ හා ආණ්ඩු පක්ෂයේ එස්.එම්.මරික්කාර් යන මන්ත්‍රීවරුන් දෙදෙනා අතර ගැටුමක් ඇතිවූ අතර ඊට අනෙක් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ද මැදිහත්වීම හේතුවෙන් පාර්ලිමේන්තු සභා ගැබ එකම ගාලගෝට්ටියක් බවට පත්විය.
ගැටුම අතරතුර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතාට ක්ලාන්තය ඇතිවීම හේතුවෙන් ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කෙරිණි.
මේ අතර විනාඩි 10කට පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසු මීට සුළු මොහොතකට පෙර යළි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේ වී පී අය ඕකට මැදිහත් උනාද ? මම මේ දවස්වල ඒ අය ගැන හරි පැහැදීමෙන් ඉන්නේ .ඔවුන් මේකට නැත්තම් තවත් පැහැදෙනවා .
පොහොට්ටු කාරයෝ රටම කනවා.
මේ රටේ මහජනතාව යහපාලනයෙන් දිගටම ඉල්ලුවේ පොහොට්ටුවේ ඉන්න හොරු ටික වහාම නඩු අහල ඇතුලට දාන්න කියල. කොහෙද යහපාලනය හදපු දවසේ ඉදන් මේගොල්ලෝ අනාගෙන අඩුව තියාගෙන අත පුච්ච ගන්නවා. යන්නේ කොහෙද මල්ලේ පොල්.
කව්රු වෙනුවෙන්ද ඉතින් මෙයාලා මෙච්චර දුක් විඳින්නේ. අපිට සේවයක් කරන්නනේ ආවේ...
මෙවැනි සිදුවීම් පිළිකුල් සහගතව හෙළාදකින අතර වසර 22ක් හමුදා සේවයේ යෙදුණු මට නම් දැනෙන්නේ අපේ රටේ දරුවන්ගේ අනාගතයයි. ජනාධිපතිතුමනි ඔබ මීට පිළිතුරු දෙන්න.... වැරදිකරුවන් ඉවත් කරන්න. හැමදාම මෙහෙම ගියොත්... මේවා බල බලා ඉන්න පුළුවන්ද කඩුව බිම හිටවලා පිස්සු නටන කට්ටිය එ්කේ ඉන්දවලා ඕක ඇතුලේ 50ක් ඉතුරු කරගන්න. ඔබ රටට පියෙක් වගේ... ඔබට හිතවත් එක නායකයෙක් සමග මේ යන්න ඔබතුමා දන්නවනේ ඒ කව්ද කියලා.. ඔබට ජය..තෙරුවන් සරණයි!!!
පොහොට්ටුවට නම් මොකුත් කියන්න එපා. ඒකේ ඉන්නේ පොහොට්ටු ටිකක්.
විකට මන්දිරේ විකටයෝ තවත් නාට්‍යක් කරලා. දැන් ඉතින් අපේ බුද්ධිමත් ජන්දදායකයන්ට තියෙන්නේ හිනා වේවි මේවා බල බල හෙට තෙල්, හාල්, පොල් නැව් එනකම් බලන ඉන්න තමයි.
මට මේ දේශපාලුවන් ගැන වෛරයක් නැහැ මේ වගේ අය පත් කරන ජනතාව ගැන තරහක් තියෙන්නේ.
අගමැතිවරයාටවත් කතා කරන්න ඉඩ නොදෙන පාර්ලිමේන්තුවක් තිබෙන රටක අපි ඉන්නේ.
මේක දැන් දඩාවතේ යන සුනඛයෝ ලගින තිප්පොලකටත් වඩා හිරිකිත.... රටට වැරදි පුරවා ආදර්ශ සපයන අම්බලමක හැසිරීම් රටාවක් ජනතාව දකී... අනේ අපි සර්වබල ඡන්දෙ දුන්නේ මෙයාලටද? යන්න ජනතාවට ඒත්තු ගිහින් අවසන්.... අම්මා, තාත්තා, කලත් වැරැද්ද වැරද්දමයි... සීලාචාර සමාජයක් විසඳාගන්න ක්‍රම කීපයක් තිබේ. මේ අනුගමනය කරන්නේ බුද්ධිමත් ජන සමාජයකට අනුමත කළහැකි ක්‍රමවේදයක්ද...? බුද්ධිමත් ඡන්දදායකයිනි, තීන්දුව ඔබට බාරයි. තරාතිරම... පාට, පක්ෂ, ජාති, ආගම්, කුල ...නො සලකා... කතිරෙන් තීන්දු කරන්න. මව්බිම රටේ අනාගත පරපුර වෙනුවෙන්... ඔබේ වටිනා කතිරෙන් සියල්ලට විසඳුම් අපි දෙමු..අපි දෙමු.. අපි දෙමු.. මගේ අපේ රටට දළදා හිමි සරණයි.!!!
ඔය සත්වෝද්‍යානයෙන් රටට වැඩක් නැතිවා සේම, ඔය උද්‍යානයට ඇතුළු වුණුගමන්, සිංහයන්ට, කොටියන්ට දැනෙන මහා බඩගින්නට මුළු රටම වනසා මහා මස්කුට්ටි (සල්ලි) ගිල දමා රටම විනාශ කරනවා දකින්නට හැර, වෙන දෙයක් ඔබට දකින්නට තිබේද?... නැවතත් කැරට් ගිල්ලන කාලය ඒ අයට උදාවී ඇත.
අන්තිමට දුක මහජනයාට හොරු අයින් කරලා ගත්ත තව සෙට් එකක් .... ඒ අයත් කොකා පෙන්නනවා. ඒ අයත් කරලා තියෙනවා... අපිත් එ්ක නිසා කරනවා කිය කියා. අපේ හරක් අායෙත් ඡන්දෙ දෙනවා. රතු මල්ලිලා මේ පාර බලන් ඉන්නේ වටෙන් හැලෙන ඒවා ගොඩ දාගන්න. මිනිසුන්ට තාම මතකයි.
තවත් කෙනෙකුට පහර දෙනවා ගහ ගන්නවා කියන්නේ ඉතාමත් පහත් ගණයේ වනචාරි ක්‍රියාවන්. ප්‍රශ්න විසඳගන්න ගහගෙන පුළුවන්ද? මහජනතාව උත්තරීතර පාර්ලිමේන්තුවට යවලා තියෙන්නෙ මේ වගේ වනචාරීන් පිරිසක්ද?
මෙදා හොරුන් එලවා ජනතා විමුක්ති පෙරමුණට වැඩි බලයක් දෙමුද?
අද මම පත්තරේ මරණ දැන්වීම්වල දැක්කා අපේ හිටපු සෞඛ්‍ය ඇමති කෙනෙක් වශයෙන් කටයුතු කරපු දොස්තර රන්ජිත් අතපත්තු මැතිතුමා අභාවප්‍රාප්ත වෙලා.. කෝටියකින් හොයාගන්න බැරි උතුම් වටිනා මිනිසෙක්.. ගුණගරුක මහත්මයෙක්...අවංක අහිංසක පුද්ගලයෙක්.. එතුමාගේ දේහය තියෙන්නේ බොරැල්ලේ මල් ශාලාවක.... අද දවසේ ඉන්න දේශපාලකයෝ වගේ ලොකු ලොකු මන්දිර හදාගත්තා නම් එතුමාට මල් ශාලාවක දේහය තියන්න ඕනේ නැතිව තිබුණා.. එවැනි උතුම් පුද්ගලයින් එවැනි ශ්‍රේෂ්ඨ යුග පුරුෂයින් අපි අයෙමත් කවදා දකීද? එතුමාට නිවන් සැප පතමි.
පාර්ලිමේන්තුවේ හැසිරෙන්න දන්නේ නැත්නම් එලවන්න. මේ අයද ගමට කරන්නම්, රටට කරන්නම් කියලා එන්නේ... ජනතාවගේ මුදලින් යැපෙන හොරුටික එළවමු. විනය ගරුක සමාජයක් බිහිකරන්න ජවිපෙට බලය දෙමු.
ජනතාවගේ මුදල් කෝටි ගණනින් වංචා සහගත ලෙස පැහැරගැනීමට විරුද්ධව මින් පසු උද්ඝෝෂණය කලයුත්තේ පාර්ලිමේන්තුවේ නොව මහජනයා සමග වීදී බැස ජනතාවගේ මුදල් නැවත අයකරගැනීම වෙනුවෙනි. අගමැතිවරයා තවදුරටත් වංචාවකින් ආරක්ෂා නොකර ජනතාවගේ මුදල් වෙනුවෙන් ජනාධිපතිවරයා කටයුතු කළ යුතුවේ. දුප්පත් ජනතාවට හාල් පොල් 100ට කවා ජනපතිට හා අගමැතිට හා ඔහුගේ ආණ්ඩුවේ පිරිසට ජනතාවගේ මුදලින් රටට කිසිඳු වැඩක් නොකර තව දුරටත් සුර සැප විඳිමට ඉඩ දෙනවද?
පිටිගල, ඇත්තටම ඔයා මිලානෝවලද ඉන්නේ? මම මෙල්බර්න් වල ඉන්නේ. එ්ත් ඇස්, කන් පියාගෙන ඉන්න බැරි හින්දයි මම මේවා බලන්නේ. මට පේන විදියට නම් ඔයා ඔහෙටම වෙලා හිටියොත් තමයි හොඳ...
ජනපති වාර්තාව සතියකින් දෙනවලු. අද දින පාර්ලිමේන්තු වියදම කීයද? සතියකින් දෙන්නේ වර්ෂන් 2 ද ?. ජනපතිගේ එයාර් ලංකා කොමිෂන් කෝ? කල් මැරීම කපටි මොලේ. රඟපෑම් මගින්, ජනපති සහ පෙර සිටි රජතුමා එකිනෙකාව ආරක්ෂා කරයි. හොරු රැලක්. ජවිපය යනු වර්ජකයෝය. (සයිට, පෙට්‍රල්, දුම්රිය). අපගේ ඡන්දය දීමට කවුරුත් නැත. සමහරවිට එජාපයට අවාසිවන ලෙස ලබන මස 10 ට පෙර ජනපති වාර්තාව එලියට දමනු ඇත. දැන්ම එලියට දැමුවොත් එජාපයට වාසි වනු ඇත. ලබන මස 10ට පෙර අගමැති එළවීම ජනපතිගේ යටි සිතේ අරමුණද?
තමන්ට හොරා කන්න තිබූ දේපල වෙන අය පැහැර ගත්ත නිසා දැක්වූ විරෝධයකි...
ලක්ෂ 62 ගොනාට ඇන්දවීම ජනපති විසින් කරනු ඇත. ජනපතිගේ අරමුණ එජනිස අගමැති කෙනෙකු දැමීමය. මේ මස 20 වනවිට වාර්තාව දමා, 27 වන විට රනිල් අස් කර, පෙබරවාරි මුල් සතියේ නව අගමැති ලෙස චමල්, පෙබරවාරි 10 ඡන්දයට පෙර පත් කරනු ඇත.
ගැටුම අතරතුර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතාට ක්ලාන්තය ඇතිවීම හේතුවෙන් ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කෙරිණි. බලාගෙන ගියාම උදේට කාල නැතුව අවිල්ලා තියෙන්නේ බදු ගණන් නිසා...
එ්කාබද්ධයේ හිටියේ නැත්තම් ආණඩුව මුළු මහබැංකුවම කොල්ල කනවා...
ඕවා දැන් කියලා වැඩක් නෑ. ඒ වැරදි වලට දඬුවම් කරන්න තමා අළුත් ආණ්ඩුවක් පත් කළේ. රාජපක්‍ෂලත් එක්ක ඩීල් ගහලා ඒවා යටපත් කළා. දැන් විකාර කියවනවා.
එ්කාබද්ධයේ හිටියේ නැත්තම් ආණඩුව මුළු මහබැංකුවම කොල්ල කනවා...
මේ දෙගොල්ලම හොරු කියලා අපේ රටේ මිනිස්සු තේරුම් ගන්නේ නැත්තේ ඇයි? හැමදාම රැවටෙනවා. වෙනසක් කරන්න හිතන්න දැන්වත්.
ඒක නිවැරැදි වෙන්න ඕනෙ ජ.වි.පෙ කෑ ගහන නිසා මෙහෙම හරි රට රැකිලා තියෙනවා කියලා.
රටේ ඉන්න ලොකුම හොරු රැල පොහොට්ටුවෝ. ඒ අයට ඕනෑ කරලා තියෙන්නේ කොහොම හරි බලවත් වෙලා චෝදනා වලින් නිදහස් වෙන්න. දැන් බොරුවට මෝඩ මිනිස්සුන්ව අවුස්සනවා ආණ්ඩුවට විරුද්ධව. මේ ආණ්ඩුව පණ නැති එකක් බව ඇත්ත. මේ ගොල්ලන්ට ඉස්සෙල්ලම තිබුනේ ලොකුම හොරු කීප දෙනෙකුට දඬුවම් කරන්න. මහා පොහොට්ටුවාගේ සිට පටන් ගත්තා නම් මේ සෙල්ලම් දාන්න එන්නේ නැහැ. මහා සංඝයා වහන්සේලාත් දැන් එක පැත්තකට බෙදිලා. කට්ටියක් පොහොට්ටුවේ, තවත් කට්ටියක් මෛත්‍රී ළඟ . තවත් පිරිසක් යු .එන.පී. එකේ !අනිච්චන් !!! ධර්මද්වීපෙටයි, සංඝරත්නලාටයි ගිය කල! මේ කාලේ බුදුහාමුදුරුවෝ හිටියා නම් උන්වහන්සේ වෙනත් ආගමකට යන්නත් තිබුණා! මේ ඔක්කොම හොරු බව මෝඩ ඡන්ද දාසලාට තේරෙන්නේ නැත්තේ පෙර කරපු අකුසල පල දීලා වෙන්න ඇති....
මේක පාර්ලිමේන්තුවද? නැතිනම් මාලු කඩයක්ද?
පාර්ලිමේන්තුවට හරක් යවපුවාම වෙන දේවල්... දැන්වත් වැදගත් අය යවන්න බලමු...
ඇත්තටම ජ.වි.පෙ. නොහිටින්න මුළු මහබැංකුවම හොරා කනවාම තමයි.
මේ නඩේට කඩේ යන අයට රටට මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. ලෝකේ වෙන රටක ඔය වගේ වංචාවක් වුනානම් අගමැති, ඇමැතිලා අයින් වෙනවා. මේ අයගේ යහපාලනෙත් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයත් නැහැ.
හිතා ගන්න බැරි පුදුම දේ මෙච්චර වැරදි, හොරකම්, මගඩි, මහජන මුදල් මහදවල් කොල්ල කනවා මදිවට ජනතාවට සමච්චල් කරද්දීත් අපේ ජනතාව තාමත් ප්‍රධාන පක්ෂ දෙකට කඩේ යන එක. මෙම ගැතිකමෙන් පිට ගියොත් යන්නේ ජාතිවාදී, ආගම්වාදී අදහස් ඇති පක්ෂ වලට පමණයි. අපේ මිනිස්සුන්ට ඇයි බැරි වෙනසක් (ගිය වර කළා වගේ නෙමෙයි) ගැන හිතන්න. අනාගත පරපුරටත් මේ මගෝඩියෝ පාලනය (ගසා කන) කරන රටක ජීවත් වෙන්න වෙනවා නේද?
ඉස්සර කියමනක් තිබුණා "කොළඹ තියෙන ඔක්කොම කුණු බේරේ වැවට" කියා. ඒ කාලේ පාර්ලිමේන්තුව තිබුණේ බේරේ වැව සමීපයේ. ඒ වුණාට දැන් තරම් කුණු බේරේටවත් පාර්ලිමේන්තුව තුළටවත් ගලා නාවේ උගත්, බුද්ධිමත් ශීලාචාර පවුල් වලින් ආ අයගෙන් මැතිසබය ඔපවත් වූ නිසයි. කාලයාගේ ඇවෑමෙන් බොහෝ දේ සිදුවුණා. බේරේ ශුද්ධ කරන්න අත ගහපු මැති ඇමතිවරු දැක්කේ නැහැ. ඔවුන්ගේ දෑත්වල තැවරී තිබුන දුගඳ හමන කුණු. වැඩේ තවත් නරක අතට හැරුනේ රටේ ඉන්න එපා කරපුම රොත්ත ඒ කියන්නේ පාතාල නායකයොයි, කුඩු රජවරුයි, බුකි කාරයොයි, කොමිස් කාක්කොයි එකී නොකී අපරාධකාරයින්ගේ ලැගුම් හලක් ලෙස දියවන්නා අම්බලම පාවිච්චියට ගත්තාට පසුවයි. මට නම් දැන් හිතෙන්නේ ජනතාව තමන්ට දරන්න බැරි බරක් දරාගෙන මේ උන්මත්තකයින් රැල නඩත්තු කරන්නේ ඒ මුදලට අඩු වශයෙන් විසූක දස්සන ටිකක් හරි නරඹන්න පුළුවන් නිසා යයි කියා.
අද දින පාර්ලිමේන්තුවේ අගමැතිතුමාගේ හැසිරීම තනතුරට සුදුසු නැත. වියපත් පළපුරුදු නායකයෙක් හැසුරුනේ මෝඩයෙක් වගේ. ලැජ්ජයි !!!
හරි දුකයි වගේ ලුම්බිණි කඩේ යනවා වගේ... පොල් ගේන්න කොල්ලුපිටියේ පොල් නැහැලු..
මේ ඡන්දෙදි මේ පාර්ලිමේන්තු ඉන්න අයගේ පන්දම්කාරයෝ එක්කෙනෙකුටවත් ඡන්දෙ දෙන්න හොද නෑ. අපේ ගමේ ඡන්දෙ ඉල්ලලා ඉන්නවනම් හොද මිනිහෙක් එයාට ඡන්දෙ දෙන එක තමයි හොද
කොහොමත් ගැටුම අවසානයේ ඒකාබද්ධ විපක්ෂය ජය ගත්තා. ජය. අපේ සුභ පැතුම්.
මීහරක් පාර්ලිමේන්තුවට යැවුවම මේක තමි වෙන්නේ.
මන් හිතන්නේ මේ වගේ අයට ඡන්දෙ දෙන අපි මෝඩයෝ, එකම විකල්පය ජවිපෙ තමයි.
නූගතුන් වැදගත් තැන්වලට ගියාම වෙන දේවල් තමයි මේ දකින්න තියෙන්නේ. ටයි කෝට් දමල ඉංග්‍රීසි කතා කලාට විතරක් මදි සිෂ්ටව හැසිරෙන්නත් දැන ගන්න ඕන. හොරකම් කරලා එය නිවැරදි කරන්න තව කතා කරන්නත් එනවා. මම අවුරුදු දහ අටක් ඇමෙරිකාවේ ඉන්නවා මේ කාලය තුලත් ඉතිහාසේවත් නැහැ ඔය විදිහට හැසිරුණු දේශ පාලකයෝ. අනෙක හිගන්නො දේශපාලනයට ඇවිත් ඇත්තෙත් නැහැ. මෙහෙ දේශපාලනය කරන්නේ තම නම්බුකාරකම රැක ගන්න මිසක හම්බ කරන්න නොවෙයි. මහා බැංකුව කාල, ජනතාව පැදුරෙනුත් බිමට දාල තව එනවා සුද්දවන්තය වෙන්නත්. රටට ගිය කලක්.
රනිල් හොරා - මහින්දත් හොරා .... මෛත්‍රී ......! අපි බලන් ඉන්නේ යුද්ධය ඉවර කරපු රටට බිලියන ගණනක වංචාසහගත රුසියන් යුධ නැවයි .... ආමඩ් කාර් යුධ ගුවන්යානා ටික එනකන් තමයි ..... යකෝ ගෙන්නකෝ කෝච්චි 10ක් 15 ක් පොල් පටවලා වගේ යන අසරණ මිනිස්සු ටික දිහා බලලවත් ...
අනේ අපි මහජනයා විදිහට හැමදාම කැරට් කනවා , බුරුවො වගේ පච ගෝනි පිටේ එල්ලගෙන හතිදනවා ....පොහොට්ටු, අලි, සීනු මොකා ආවත් මේ රට ගොඩගන්නවා බොරු . ගොඩගන්න බැරිතරමට හිටපු උන්, ඉන්න උන් කාල ඉවරයි දැන් හදන්නේ ඒවා වමාරලා ඉතිරි ටිකත් එක්ක ආයිත් කන්න. ලෝක වාර්තා වලට අනුව ලංකාව දුෂිත රටවල් වලින් 4 වෙනි තැනට ඇවිත් තියෙන්නේ. ඕක පලවෙනි තැනට ගේනකම් මුන්ට නින්ද යන්නේ නැ.... අපිට හරියන්නේ හමුදා පාලනයක්, නැතිනම් රාජාණ්ඩුවක්, නැතිනම් එල් ටී ටී පාලනයක්, මේ හැම එකකින්ම නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා කියලයි මට හිතෙන්නේ .