(ආරියරත්න රණබාහු)
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අද(10) පාර්ලිමේන්තුවේ දී බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරද්දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ඔසවමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර පක්ෂ විපක්ෂ දෙපිරිස අතර ගුටිබැට හුවමාරුවක් ද සිදුවිය.
ඒකාබද්ධ විපක්ෂයේ ගාමිණී ලොකුගේ හා ආණ්ඩු පක්ෂයේ එස්.එම්.මරික්කාර් යන මන්ත්‍රීවරුන් දෙදෙනා අතර ගැටුමක් ඇතිවූ අතර ඊට අනෙක් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ද මැදිහත්වීම හේතුවෙන් පාර්ලිමේන්තු සභා ගැබ එකම ගාලගෝට්ටියක් බවට පත්විය.
ගැටුම අතරතුර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතාට ක්ලාන්තය ඇතිවීම හේතුවෙන් ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කෙරිණි.
මේ අතර විනාඩි 10කට පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසු මීට සුළු මොහොතකට පෙර යළි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ විය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.