
(හිඟුරක්ගොඩ ඩබ්.ඒ. පියතිලක)
මෙවර පවත්වන පළාත් පාලන මැතිවරණය සදහා මයියංගනය දඹාන ආදිවාසී ජනතාව වෙනුවෙන් හේනානිගල ආදිවාසී පරපුරේ තරුණියක් තරග වදින බවත් ඉදිරියේදී පවත්වන සියලු මැතිවරණ වෙනුවෙන් රට පුරා සිටින ආදිවාසී ජනතාව නියෝජනය වෙන පරිදි උගත් තරුණ තරුණියන් පාර්ලිමේන්තුවට වැවීම තම බලාපොරොත්තුව බවත් දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ කියති.
මෙතෙක් කල් පැවැති සහ වර්තමාන දේශපාලන ක්‍රමය තුලින් ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සහ ප්‍රශ්න වෙනුවෙන් තම වරිගේ ඇත්තන්ට මුහුණ දිමට සිදු වු විවිධ ගැටලු සම්බන්ධයෙන් ප්‍රාදේශිය සභාවෙන්, පළාත් සභාවෙන් සහ පාර්ලිමේන්තුවෙන් කිසිදු විසඳුමක් ලැබුණේ නැතැයිද ඌරුවරිගේ වන්නියලැත්තෝ කීහ.
එබැවින් සියලු පළාත්පලාන ආයතන සහ පාර්ලිමේන්තුව නියෝජනයවන පරිදි ඉදිරියේ දි තම වරිගයේ ඇත්තන් ඒ ස්ථාන වලට යැවිමට තිරණය කර ඇති බවත් වන්නියලැත්තෝ කීහ.
වර්තමානයේ රටෙි නීතිරිති ක්‍රියාත්මක කිරිමෙිදි පරිසරයට සහ වනාන්තරයට ආදරය කරන තම වරිගයාට නිති දමා ඇති නමුත් වෙනත් පුද්ගලයින්ට රිසි පරිදි වනාන්තර සහ ගහ කොළ මෙන්මසතා සිවුපාවා විනාශ කිරිමට ඉඩ දි ඇති බවත් කී වන්නියලැත්තෝ...
මෙි සිදුවීම් තමන්ට ලෝකයට කියන්න අවස්ථාවක් සහ මෙම ක්‍රමවේදය වහා නැවැත්විය යුතු කාලය එළඹ ඇතැයි ද කියා සිටියහ.
වර්තමානයේ දෙශපාලකයින් ඇතුඑ නිලධාරින් ඒ ව්‍යසනය වැළක්විමට කටයුතු නොකර සිටිම කනගාටුවට කරුණක් බැවින් ඒ සඳහා තම වරිගයේ ඇත්තන් ගම පළාත දිස්ත්‍රික්කය නියෝජනයවන පරිදි ඉදිරිපත් කිරිමටත් එසේ කිරිමෙන් රජයේ වගකිව යුත්තන් හමුවෙි සහ රටෙි ජනතාව හමුවෙි කරුණු ඉදිරිපත් කිරිමත් කරුණු දැක්විමත් ශ්‍රී ලංකාවෙි සිටින සියලු ආදිවාසි ජනතාවගේ වගකීමක් බවත් ආදිවාසි නායක ඇත්තෝ වැඩිදුරටත් පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ දෙයක්... හැබැයි දැනට තිබෙන පාට තුනට නම් හේත්තු වෙන්න එපා. විදේශ බලවේග සහිත, බටහිර ජාන සහිත අයට හෝ ලාංකික ලෙස පෙනීසිටින අයටද නොරැවටෙන්න.
අපේ නාගරික දියුණු මිනිස්සුන්ට වඩා මේ මිනිස්සුන්ට ටිකක් හරි දේශපාලනික උගත්කම තියනවා වගේ.
මෙය ඔබලාගේ රටයි.. ඔබලාගේ රට සහ වනය ආරක්ෂා කරන්න නම් ඔය ඉන්දියාවෙන් පැමිණි සියලුම ඇත්තන් පලවා හැරිය යුතුයි. කරුණාකරලා ඔබලා දේශපාලනයේ ඉහළම තලයට පැමිණෙන්න.
මගේ උණුසුම් සුබ පැතුම් ...
බොහොම හොඳ දෙයක්. හැබැයි දේශපාලන අසූචි වලට එයාලත් වැටෙයිද දන්නැහැ සල්ලි පොජ්ජ දැක්කහම...
ආදිවාසි ඇමතියෙක් බැකප් එකත් එක්ක අපේ වාහන පැත්තකට දමමින් පාරේ වේගයෙන් යනකොට කොහොම තියෙයිද?
මම මහියංගනේ හිටියා නම් අනිවාර්යයෙන් මගේ ඡන්දෙ මෙයාලාට දෙනවා..
අපේ ආදිවාසි ඇත්තන්ට ජය වේවා!
මහජනයාට වැඩකරන්න ලැබුණු පරණ "පික් අප්" එක වෙනුවට අලුත් "හමර් " වාහනයක් ලැබෙයි නේද?
ජයවේවා අපේ රට විනාස කරන්න සුද්දෝ දුන්න පක්ෂ ක්‍රමයට මෙතුමන්ලත් ඇබ්බැහි වුනොත්නම් ආදිවාසී ජනතාවත් ඉවරවෙනවා
මා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්ව සිටියදී 1965 දී චිත්‍රපට සංගමයේ හා මානව විද්‍යා සංගමයේ සභාපති ලෙසින් දඹානට ගොස් වැදී ජනයාගේ සමාජ ජීවිතය, ඇදහිලි හා විශ්වාස පිලිබඳ මි මී 16 සුදු කළු වාර්තා චිත්‍රපටයක් නිපදවූවා. මාගේත් ඊට සහභාගිවූ ශිෂ්‍ය සහෝදරවරුන්ගේත් බලාපොරොත්තුව වුයේ ලංකාවේ පාසැල් හා විශ්ව විද්‍යාල සිසුන්ට මෙන්ම ලෝකයේ වෙනත් රටවලත් මානව විද්‍යාව හදාරන හා උගන්වන අයටත් ශ්‍රී ලංකාවේ ආදී වාසීන් පිලිබඳ මානව විද්‍යාත්මක තොරතුරු සැපයීමයි. ඒ ගමනේදී අපට ඔවුන් තුළ තිබු ආර්ථික ප්‍රශ්න මෙන්ම වෙනත් ගැටලුත් හඳුනා ගන්න අවස්තාවක් ලැබුනා. අවාසනාවකට මෙන් මේ ගමනේදී අපට අනුශාසනා දෙන්න ඉදිරිපත් වූ එවකට සිනමාවට අරක් ගත් වැඩ බැරි ටාසන් කෙනෙක් අපගේ බලාපොරොත්තු සියල්ල සුන් කර දැමුවා. එදා අපට එය සාර්ථකව කර ගැනීමට හැකිවීනම් අද වෙන විට වැදි ජනයාගේ සුබ සාධනයට මීට වඩා යමක් සිදු වන්න තිබුනා.
ඡන්දයක් දෙන්න ඉතිරිවෙලා ඉන්නේ මෙයාලා විතරයි. ඒකත් දීලා බලමු.
Dr Edward ගේ අදහසට විරුද්ධවී සිටින 163ක් පමණ පිරිස ඒ මහතාගේ විරුද්ධවාදීන් නොව තමන් වැදි ජනයාගේ අභිවෘධියට එකහෙලාම විරුද්ධ බවක් පෙන්වන පිරිසක් ලෙසිනුයි අපට හැඟෙන්නේ. මොවුන්ට වඩා වැදි ජනයා කොතරම් ශීලාචාරද කියාත් අපට සිතෙනවා.