(අනීෂා මානගේ)
ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ බිරිඳ වන හෂිනි අමේන්ද්‍රා ලබන 17වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් මහීල් විජේවීර මහතා අද(9) නියෝග කළේය.
රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් සැකපිට තංගල්ල පොලිසියට බාරවූ ඇය තංගල්ල ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටියදී 2012.11.14 දින සිට 2016.04.22 දක්වා වූ කාලයේ බැංකුව තුල සිදුවූ රුපියල් දොළොස් ලක්ෂ අසූදාහක් වටිනා රන් භාණ්ඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනිණි.
සැකකාරිය රුපියල් ලක්ෂ හයක මුදලක් නැවත රාජ්‍ය බැංකුව වෙත ගෙවා ඇති බව තංගල්ල පොලිසිය පවසයි. මේ පිළිබදව දැනට විදේශගතව සිටින උකස් භාණ්ඩ වල අයිතිකාර කාන්තාවක්ද තංගල්ල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් පසුව ඉදිරිපත් කර තිබිණි.
මේ සම්බන්ධයෙන් වසරකට අධික කාලයක් තංගල්ල පොලිස් ස්ථානයෙන් කඩිනම් පරික්ෂණයක් සිදු නොවීම නිසා වහාම ක්‍රියාක්මක වූ තංගල්ල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ විශේෂ නියෝගයක් මත විශේෂ වංචා විමර්ශන ඒකකය වෙත භාර දී එමගින් වැඩිදුර පරික්ෂණ සිදු කර ඇත. ඒ අනුව සැකකාරිය අද(09) නීතිඥයෙකු මාර්ගයෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානය වෙත බාර වූවාය.







COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.