(අනීෂා මානගේ)
ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ බිරිඳ වන හෂිනි අමේන්ද්‍රා ලබන 17වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් මහීල් විජේවීර මහතා අද(9) නියෝග කළේය.
රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් සැකපිට තංගල්ල පොලිසියට බාරවූ ඇය තංගල්ල ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටියදී 2012.11.14 දින සිට 2016.04.22 දක්වා වූ කාලයේ බැංකුව තුල සිදුවූ රුපියල් දොළොස් ලක්ෂ අසූදාහක් වටිනා රන් භාණ්ඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනිණි.
සැකකාරිය රුපියල් ලක්ෂ හයක මුදලක් නැවත රාජ්‍ය බැංකුව වෙත ගෙවා ඇති බව තංගල්ල පොලිසිය පවසයි. මේ පිළිබදව දැනට විදේශගතව සිටින උකස් භාණ්ඩ වල අයිතිකාර කාන්තාවක්ද තංගල්ල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් පසුව ඉදිරිපත් කර තිබිණි.
මේ සම්බන්ධයෙන් වසරකට අධික කාලයක් තංගල්ල පොලිස් ස්ථානයෙන් කඩිනම් පරික්ෂණයක් සිදු නොවීම නිසා වහාම ක්‍රියාක්මක වූ තංගල්ල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ විශේෂ නියෝගයක් මත විශේෂ වංචා විමර්ශන ඒකකය වෙත භාර දී එමගින් වැඩිදුර පරික්ෂණ සිදු කර ඇත. ඒ අනුව සැකකාරිය අද(09) නීතිඥයෙකු මාර්ගයෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානය වෙත බාර වූවාය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඒ මොකද ? වැඩි විස්තර කියන්නකො..
පුතුන් පැවසුවේ මෙන්න මේ සත්‍යයි.
නිතිය කාටත් පොදුයි !! විනිසුරුතුමාට මගේ ආචාරය !!
කුම්බලා මාළු කෑවානම් දුක තමා ඉතින්
මේවට ඉතින් ,මොනවා කියන්නද කියල හිතෙනවා.සත්‍ය ඉතින් හැමදාමටම. හංගන්නට බැහැනේ. දරුවන් පසුගිය දවස්වල කියපු දේවල් ,ඇත්ත වෙන්න යනවාදෝ..?
අනේ අපොයි
දියුණුවේත් පිරිහිමෙත් එකම රහස කාන්තාවයි
එතකොට බැඳුම්කර සිද්ධියේ කට්ටිය තාම එළියේ. මේක තමයි ලංකාවේ වෙච්ච ලොකුම හොරකම, වික්ටර් තමයි ලංකාවේ ඉන්න ලොකුම වැරැද්ද කරපු මනුස්සයා. ලංකාවේ ඉන්න අනික් ඔක්කොම සුදනෝ. මෙහෙව් ලංකාවකනේ අපිත් ජීවත් වෙන්නේ .
කුම්බලා මාළු කෑවනම් විදවපන් බල්ලෝ කියලා කියමනක් තියනවා
මූන වහගෙන ගියාට වැඩක් නෑ. දැන් සායම ගිහින් ඉවරයි.
පරිහානිය. වෙන කියන්න දෙයක් නෑ
අනේ මන්දා....
රටේ වෙලා තියෙන හොරකම්වල හැටියට ඕකත් දෙයක්ද
එලිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්.
නීතියේ හැටියට වරදක් කර ඇති නැති බව අපක්ෂපාතිව විසඳීම අදාළ නීතිවේදීන්ගේ යුතුකමයි.
බුදු හාමුදුරුවො අපිත් දකින්නැති බණත් අහන්ඇති ඒ කාලේ නිවන් දකින්නට පිං මදි වෙන්ඇති එකයි තවමත් සංසාරේ!!!
කවුරු කවුරුත් ඉඩ ලැබෙන ලැබෙන විධියට "වාත මිග" ජාතකය කියවා බලන්න . මේවා බුදු දහම ලෙස ප්‍රකට වූ ප්‍රබන්ධ කතා වෙන්න පුළුවන්. කවුරු නමුත් ඒ ජාතක කතාව ලියපු තැනැත්තා රස තෘෂ්ණාවේ බැඳීමේ ආදීනව හොඳින් තේරුම් ගෙන එය ගිහියන්ට මෙන්ම පැවිද්දන්ටත් ආදර්ශයක් ලෙස මනාව පෙන්නුම් කරදී තිබෙනවා.
ඇත්ත කියපු ඉරාජ්ට ඔක්කොම පණ යනකන් බැන්නා. ගුත්තිලයාණනි තත කැඩුනත් වීණාව හංගලා තියාගන්න එන පොට හොඳ නැති නිසා.
මේ ගැනත් ඇත්ත නැත්ත ගැන කියලා තව සින්දුවක් හදවාගෙන ගායනා කලානම් නේද හොඳ
අපේ රටේ ගොඩක් අයට මේවා තමා තලු මර මර කියවන නිවුස්, මිනිස්සුන්ගේ පෞද්ගලික දේවල්. එන ඡන්දෙදි වත් හරියට කතිරෙ ගහනවලා...
උසාවියෙන් වැරදි කාරයෙක් කරන්නත් කලින් අපේ මිනිස්සු එයාව වැරදි කාරයෙක් කරල ඉවරයි. ටිකක් හිතන්න ඇත්තටම වරදක් නොකරපු කෙනෙක් නම් කොච්චර දුකක් දැනෙනවා ද තමන් නොකළ දෙයකට සමාජයෙන් විවේචන එල්ල වෙනකොට. ටිකක් බරපතල චෝදනාවක් එල්ල වුනහම අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සාමාන්‍ය දෙයක්. මේක මෙච්චර ප්‍රසිද්ධ වෙන්නේ එයා වික්ටර්ගෙ බිරිඳ නිසා නේද.
දෛවයෝගයකින් නොවේදෝ හමු උනේ ඔබ හමු උනේ දෛවයේ සරදම් ලබන්නට ඇයි මෙසේ සිර ගත උනේ...
වරදක් කර නොමැති නම් මාස ගණන්අල්ලස් දෙමින් සැගවුණේ ඇයි?
2012 දී මෙයා වික්ටර් ගේ බිරිඳ නොවෙයිනේ...
ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ .....( තන් පරා භාවතෝ මුකං) ඉස්ත්‍රී ලොල් බව , සුරාවට ලොල් බව .... කෙනෙකුගේ විනාශයට මුල්වේ .... (පරාභව සුත්‍රය)
තණ්හාව ශෝකයටත්, බයටත් හේතුවේ. කොපමණ කලක් ජීවත් වෙන්නද මේ සෙල්ලම්? කල කම් ඵල දෙන අපූරුව!
ඕවා මොනවද... බිලියන ගනන් හොරකම් කරපු අය තාම යහතින් ඉන්නෙ කූඩුවටත් නොයා... අපරාදෙ, වික්ටර්ටත් තිබුනෙ අපේක්ෂිත ඇප ඉල්ලන්න ලොකු කට්ටිය කරනවා වගේ.
රටේ නීතිය අකුරක්වත් දන්නෙ නැති අපි නඩුව මෙතන අහන්නෙ නැතුව ඒ වැඩේ උසාවියට බාර කරමු.
බලාගෙන යනකොට මිනිස්සු බොරුනේ කියන්නේ? මේ තීන්දුව දීලා තියෙන්නේ තංගල්ලේ උසාවිය නේද? බලවත් බවලත් උදවියට තංගල්ලේ උසාවිය බයයි කියන්නේ බොරුවටනේ...
මේ කාන්තාව වැරැද්දක් කරලා තියෙනවා නම් නීතියෙන් දඩුවම් ලබෙයි. නමුත් ඒ මුවාවෙන් වික්ටර්ට පහර ගැසීම අනුමත කරන්න බැහැ.
මෙතන වික්ටර්ට විරුද්ධව චෝදනාවක් නැහැනේ... ඇයි ඉතින් ඔහුට අපහාස වෙන විදිහට ඔහු ගැන සඳහන් කරන්නේ, කමෙන්ට්ස් වලින්?
වික්ටර් මහත්මය දැනගන්න ඕනෑ තමන්ට ගැලපෙන කෙනෙක් හොයාගන්න කෙනෙක් ඕනෑමනම්. නිතරම රටට ආදරේ, සිංහලකම, ගැමිකම කියන එතුමා කලේ හරි දෙයක්ද?
නිවන් දකින්නට පින් මදි වෙන්න ඇති ඒකයි තවමත් සංසාරේ
පුදුම සුදනෝ නේ ලංකාවේ ඉන්නේ. අනිකට එක ඇඟිල්ලක් දික් කරන කොට 3ක් තමන්ගේ පැත්තට හැරිලා බව අමතක වෙලා. තව කෙනෙක්ට චෝදනා එල්ල වෙනකොට බණත් මතක් වෙනවා හැබැයි තමුන්ට ඒ අනුව ජීවත් වෙන්න වුවමනාවක් නෑ..
කවූරුත් වැරදී කරනවා. වික්ටර් රත්නායක මහතා ප්‍රවීන කලාකරුවෙක්. කාගේත් ආත්ම ගෞරවය ආරක්ෂාකළ යුතුයි.