මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන බව ආරංචි මාර්ග කියයි.
ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු පාර්ශව සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු පාර්ශව සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මේ සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවැත්වෙමින් තිබෙන මෙම සාකච්ඡාව ආණ්ඩුවේ ඉදිරි ගමන තීන්දු කරන තීරණාත්මක සාකච්ඡාවක් වනු ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ දෙදෙනාටම කීව යුතුම දෙයක් ඇත. අප 2015 දී යහපාලනය සඳහා අපේ ඡන්දය පාවිච්චි කළා. නමුත් ඉන්පසුව ඔබලාගේ ක්‍රියා කලාපය කුමක්ද යන්න ඔබලාම සිතා බලන්න. අප දැඩි ලෙස කළකිරීමෙන් සිටියෙමු. අප ඔබලාට විරුද්ධව මෙවර ඡන්දෙ පාවිච්චි කළා. තවම පරක්කු නැත. ඉදිරි වසර දෙකේදීවත් වැරදි කළ අයට නිසි දඬුවම් දී පොරොන්දු ඉටු කරන්න .
ජනපතිතුමනි ඔබයි ශක්තියේ මිනිසා.
අර 2015දි කරනවා කිව්ව දේවල් කරලා රටට පෙන්නන්න ගත්තොත් හොඳයි මොකද නැත්නම් තව අවුරුදු දෙකහාමාරකින් ඔබ දෙපලට අත්වෙන්නේ කලින් බලයේ හිටපු අයට අත් වුනු ඉරණමට වඩා දරුණු ඉරණමක්.
මේ පින්තුර පරදින්න කලින් ගත්ත ඒවා වගේ
තව මොනවද සාකච්ඡ කරන්න තියෙන්නේ.?
කලබල වෙන්න එපා. නිදහස් පක්ෂත එජාපයත් වෙනම යන්න. මේ වෙලාවේ හදිසි තීරණ ගන්න එපා. මහින්දට ලොකු දෙයක් කරන්න 45% කින් බැහැ. නිදහස් පක්ෂය විසුරුවන්න එපා.
ඔය සාකච්චා නතර කරලා දැන්වත් හොරුන්ට දඩුවම් දෙන්න. බය වෙන්න එපා බල්ලෙක් බිරුවට කන්දක් පහත් වෙන්නේ නැහැ.
ඔය සාකච්චා නතර කරලා දැන්වත් හොරුන්ට දඩුවම්. දෙන්න. , බය වෙන්න එපා බල්ලෙක් බිරුවට. කන්දක් පහත් වෙන්නේ නැහැ ජනපති. මැතිවරණ. වල. කිව්වා. , දැන් සේරම නඩු අහන්න. වැඩ කරලා අාවේ කියල. මහින්ද ඇතුළු සැමට දඩුවම් දෙන්න. , මේ. මැතිවරණයට සටන් කෙරුවේ. පොඩිමිනිසුන් , ඒ. අය අත. වැරදි නැහැ මහින්ද උඩ පැන්න්නට. වැඩක් නැහැ. මහින්දගේ කට්ටිය. ඇපපිට. එළියේ සමහරු. හිර ගෙදර ඒ අය ඉල්ලුවානම් මහින්දට. හැංගෙන්න වෙන්නේ
මොකද ? ඔබ තුමන්ලාට වෙලා තිබෙන්නේ හොරා ,. හෝරාමයි කවදාවත් නිදහසේ ඉන්න හම්බවෙන්නේ නැහැ මේ කෙසේ වෙතත් රටේ ජනතාවගේ පීඩනය ගැන සොයා බලන්න එය තමා අනිවාර්ය වන්නේ ඔබ තුමා කරන්නේ අනික් යට බැණ, බැණ ඉන්න එක විතරයි . අපරාදේ කාලය මිය යනවා ඒ, නිසා දැන්වත් ජනතාවට සහනයක් ලබාදෙන්න මහින්ද තුමාට බැණ, බැණ හිටියට එයා කලබල වෙන්නේ නැහැ , උනෙත් නැහැ එනිසා ඉදිරි ගමන සාර්ථකව නිම කරන්න උපරිම සහ යෝගය ලබාදෙන්න ඔබට ජය . LEEL
ඇත්ත වශයෙන්ම් ජනපතිගේ ශ්‍රි ල නි ප / පො එ පෙ චන්ද ඉතාම අගනේය. අනික් චන්ද දී ඇත්තෙ පල් හොරුන්ට බැවිනි. 13% වන මේ අවංකකම, සැබෑම යහපාලනය පතා ( ජන්පතිගේ වදන විස්වාස කොට - රැවටී හෝ නොරැවටී) දුන් මේ චන්ද රත්තරං චන්දයි. ජනපති මේ චන්ද දානපතියන්ට ගරුකල යුතුය. දෙවියන් සේ සැලකිය යුතුය. සියලුම හොරු අල්ලන බාධක ඉවත් කල යුතුය. එවිට මේ 13% 2020 වෙන විට 55% දක්වා නැගීම සත්‍යයේ නාමයෙන් වැලැක්විය නොහැක.
ගොවි පුතෙකුට ජනතාව බලය නැමැති කඩුව ලබා දුන්නේ කොපුවේ දමා තබන්නට නොවේ. වැරදි මිතුරන්ට වගේම වැරදි සතුරන්ටත් එකවගේ කඩුව පාවිච්චි කළේ නම් අද ජනතාව ඔටුන්න ගලවන්නට සිතන්නේ නොමැත. බලය පාවිච්චි නොකරන ජනනායකයා ඉතිහාසයෙත් නිවටයෙක් වී ඇත. බලය යනු පක්ෂයවත්, මිතුරාවත් නොවේ. බලය ජනතාව බව ජනනායකයා තේරුම් ගන්නේ නම් සැමදා බලය සමඟ ඔටුන්න ජනතාව රැ් ක දෙනු ඇත.
බැඳුම්කර සිද්ධියේ වරද කරුවන්ටත් නිසි දඬුවම් දීල ජනතාවගෙ ජීවන බර සැහැල්ලූ කරන වැඩ පිළිවෙලක් දියත් නොකලොත් ඔය ඡන්ද 61,27,465 ටත් වසර 2020 දි අබ සරණයි. වසර 2020 ජනාධිපතිවරනෙ දිනන්නනම් ශක්තිමත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ ගැන අගමැති ජනපති දැන්වත් ඇස් ඇරල කටයුතු කිරීම අවශ්‍යයි.
කරන්න ආපු දේවල් අමතක කරලා වෙන වැඩ කලට ඔහොමවෙලා මදි.
දැන්වත් ඇස් අරුනොත් හොඳයි , දැන් වෙලා තියෙන්නේ හොරෙන් පොල් කඩපු මිනිස්සුන්ට කියලම සල්ලි දීල පොල් කඩවන්නයි. ඔබල බෙහෙත් මිල අඩු කලා, පිලිකා රෝගීන්ට නොමිලේ බෙහෙත් දෙන්න සැලසුවා , හදවත් රෝගීන්ට , ඇස් රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර කලා ,රජ්‍යයේ සේවකයන්ගේ පඩි 10000 කින් වැඩි කළා ඒවා ඉතා වටින දේවල්, නමුත් මිනිසුන් ඇත්තටම මොනවද බලාපොරොතු උනේ කියල අවබෝධයක් තිබුනේ නැ. 2015 දී ඔබලාව පත්කළේ අර හොරාකාපු සල්ලි ටික පුළුවන්තරම් ඉක්මනට එගොල්ලොන්ගෙන් අරගෙන , ඒක රටේ සංවර්දනයට යොදන්න.
දිනුවම හැමෝටම කාර් ගන්ඩ පුලුවන් කීවට "පුද්ගලික ප්‍රවාහනය ධෛර්යමත් කෙරේ" කියලා ප්‍රතිපත්ති ප්‍රකශනේ තිබුනා පොඩි මිනිහට බයිසිකලේවත් ගන්ඩ බෑ. ලොක්කන්ගෙ සැප අඩුවකුත් නෑ
2015 බලය ගන්නකොට කිවුව මොකුත් දැන් නෑ ඉතිරි චන්ද ටිකත් ලගදීම නැතිවෙයි.
ජනාධිපති තුමනි! ඔබ තුමා මිනිස් ප්‍රශ්න පිලිබඳ අතිශයින් සංවේදී කෙනෙක්. ඔබගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ල නි පක්ෂයටත් රටටත් ජනතාවටත් ද්‍රෝහී වූ රනිල් නම් පුද්ගලයා වහාම ඔය තනතුරෙන් ඉවත් කර ඉදිරි වැඩ පිළිවෙල අරඹන්න. කඩුව වන වනා හිටියා ඇති. එ ජා පය සමග 2020 වනතුරු පාලනය ගෙනයන්න අවශ්‍යම නම් කරු ජයසුරිය මහතා හැකි ඉක්මනින් අගමැති තනතුර ට පත් කරන්න. බැඳුම් කර සිද්ධියට සම්බන්ධ අය පමණක් නොව මහින්ද රාජපක්ෂට හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට විරුද්ධව ඇති චෝදනා අධිකරණය ඉදිරියේ විනිශ්චයට ලක් කර ජාතියේ නාමයෙන් ඔවුන්ට දඬුවම් ලබා දෙන්න. නැත්නම් ඔබටද දැන්ම දේශපාලනයෙන් සමුගන්න වෙනවා.
ලැජ්ජ නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියල ප්‍රස්තා පිරුලකුත් තියෙනව නේද?
ඉතිරි ටික දවසවත් මහජන මුදලින් සුරසැප විඳිමින් රටට කිසි වැඩක් නොකර බොරු සමාජ ගත කර කර , රටට සේවය කල අයට ගැරහීමට උත්සහ නොකර රටට ප්‍රයෝජනවත් වැඩක් කරන විදිය සාකච්චකලා නම් හොඳයි .
ඔබ දෙදෙනාටම කීව යුතුම දෙයක් ඇත. අප 2015 දී යහපාලනය සඳහා අපේ ඡන්දය පාවිච්චි කළා. නමුත් ඉන්පසුව ඔබලාගේ ක්‍රියා කලාපය කුමක්ද යන්න ඔබලාම සිතා බලන්න. අප දැඩි ලෙස කළකිරීමෙන් සිටියෙමු. අප ඔබලාට විරුද්ධව මෙවර ඡන්දෙ පාවිච්චි කළා. තවම පරක්කු නැත. ඉදිරි වසර දෙකේදීවත් වැරදි කළ අයට නිසි දඬුවම් දී පොරොන්දු ඉටු කරන්න. එසේ නොමැතිනම් මිලග මැතිවරණ ප්‍රථිපල මිට වඩා වෙනස් වනු ඇත.
හොදම දේ මැතිවරණයකට යන්න. එජාප ආණ්ඩු පිහිටුවන්න ගිහිල්ල අනාගන්නයි හදන්නේ.
වෙන මොනවා වෙන්නද, ඉතුරු අවුරුදු 2 සාමයෙන් සමගියෙන් රට කරගෙන යමු කියයි.
බහුතර මතය පිළිගෙන නැවත මැතිවරණයක් පවත්වන්න. මිනිස්සු අමාරුවෙන් ජීවත්වන්නේ.
කෝ අර ඡන්දෙට කලින් තිබ්බ කතා ...
පොහොට්‍ටුවට දීපු කෙනෙක් කියන කතාවක් නෙමේ ඕක. ඕක අර එන්ජීඕ කාරයො කියන කථාවනේ.
සාකච්චා නම් තියාවි කෙළවරක් නැතිව, ඒ උනාට රටට උණු යහපතක් නැත, අයහපත මිස.
මම කිවුවේ රට සුරපුරයක් කරමි කියාය .... අරයා කිවුවේ දෙනවා සැමට වයිෆයි කියාය... එබැවින් සැමට උසටම සිහිනය තිබුණාය..... එනමුත් අපි "බොරු " බව පෙනුනාය....
රනිල් මහත්තයා නිසා තමයි මේ ඡන්දය පැරදුනේ. ඒ නිසා ඒක නිහතමානීව පිළිගෙන ඔබ තුමා අයින් වෙලා දිනන්න පුළුවන් සජිත් මහත්තයට පක්ෂය භාර දෙන්න. ඉදිරි අභියෝග ජයගත හැක්කේ ඔහුට පමනයි.
කව්රු දින්නත් පරාද මහජනතාවයි, මොකද මේ රටේ ගොඩනැගුනු කොමිස් ණය කන්දරාව ගෙවන්නේ රටේ පුරවැසියන් , ඔවුන්ට මේ ණය බර උහුලන්න බැරි දෙයක් . ඒ නිසා හැමදෙනාම මුදලට යටවෙලා මුදල් පස්සේ හබා යනවා , අනාගතය බාර ගන්න ඉන්න පරපුරත් දුෂිතයන් වෙනවා මුදලට යටවෙලා , යහපත් පුරවැසියන් වෙන්නේ නැහැ. දැන් සමාජයේ ලැජ්ජා බය කියන එක පේන්නවත් නැහැ
මේ ගොල්ලෝ කොන්ද පන තියෙන නායකයෝ බව රටට පෙන්නන්න ඕනේ. මහින්ද එම දෙය කරා. ඒක නිසා තමයි මහින්දට මේ පාර ඡන්දෙ දුන්නේ.
මේ අවුරුදු තුනට කරන්න බැරි වුන දේ ලබන දෙසැම්බරයට කලින් කරන්න පුලුවන්ද? කාලය ඉවරයි. ධුර කාලයත් අඩුකරගත්තනේ නැවත ඉල්ලා තේරුමක් නැහැ . අඩුමගානේ බදු බර ටිකක්වත් අඩුකරලා දෙන්න නැත්තනම් මිනිස්සු අපේ ජනපතිට සාප කරයි කාලයයි අතේ තිබුණු තුට්ටු දෙකයි නැති උනා කියල.
මේ දෙන්නා හිතන් හිටියේ මෙි දෙන්නගේ යම් දක්ෂකමකට 2015 ජය ලැබුනා කියලා. නැහැ ඇත්තටම මහින්දගේ පවුලේ අය හා වටෙි හිටිය හොරැ එලවන්න බලය දුන්නේ. නමුත් මෙදෙන්නා නොකලෙත් එකමයි. තවද ඔබ දෙදෙනාම දුර්වල නායකයන් දෙදෙනෙක් බවත් බලය තිබියදි වැඩ කොකරන අයයි. අපට වැඩකිරිමට බලය නොමැති අතර ඔබට බලය තිබියදි වැඩකිරිමට නොහැකිය. උද්දචිච කම පැත්තක දමා ජනතාව වෙනුවෙන් වැඩකරන්න. ලංකාවෙි ගැටලු ලැයිස්තුවක් හදා එකින් එක විසදන්න. ජනතාව උදවි කරනු ඇත. උත්තර දිම වෙනුවට විසදුමි දෙන්න.
එජාපයට, ශ්‍රීලංකා නිදහස් පක්ෂයේත් නායකත්ව වෙනසක් අවශ්‍යයි
ඡන්ද ප්‍රතිපලේ අනුව සහ යහපාලන ක්‍රියාදාමය අනුව, ආණ්ඩුව විසුරුවා හැරිය යුතුයි. නැත්නම් රටේ ලොකු ප්‍රශ්නයක් ඇතිවෙන්නට පුළුවන. මහජනයව තලන පෙලන දේවලට ඉඩ නොතබා, හරි තීරණයක් ගන්න. හැමදාම තැලෙන්නේ මහජනයා.
තව අවරුදු දෙකක් බලයේ ඉන්න පුළුවන් උනත් එජාපය දැනට තියෙන රැල්ලට ඉඩ දීලා බලයෙන් ඉවත් විය යුතුයි.
අපිට දිගටම රනිල් මැතිතුමාගේ නායකත්වය අවශ්‍යයි.
ජනාධිපතිතුමාගේ පක්ෂ ලබාගෙන ඇති ප්‍රතිපල දැක්කහම මට මතක්වුනේ 60 දශකයේදී කොළඹදී දුටු පෝස්ටරයක් එහි සඳහන්ව තිබුනේ "අපි වැඩ ජේ ආර්ට චන්දය බර්නාඩ්ට " ඒවගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම මෛත්‍රී මහතාට චන්දය මහින්ද මහතාට. පසුගිය වසර තුනම ජනාධිපතිතුමා පක්ෂය ගැන හිතුව මිසක් රට ගැන කල්පනාකර නැතිබවයි පෙනෙන්නේ.
මෙහෙම වුණොත් රටත් ඉවරයි තමයි.
ප්‍රමාද නොවන්න. නායකත්වය සජිත්ට දෙන්න. තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න .හොරුන්ට ඉක්මනින් දඬුවම් දෙන්න. 2020 ජය ඔබ පක්ෂයට ලැබේ
හොරුන්ට දඬුවම් ලබාදීම ඉක්මන් කරන්න. ප්‍රශ්න ඉබේම නිරාකරණය වේවි
දැන් රටට අවශ්‍ය පිල් මාරු හෝ ඡන්දයක් නෙවෙයි. අවංක දේශපාලනයක්. හොරකම් නොකර අද වේල හම්බකරගෙන කන පොඩි මිනිහ දිහා බලලා අවශ්‍ය බඩුවල මිල ගණන් අඩුකරලා.