මනෝප‍්‍රිය ගුණසේකර
වන සංරක්‍ෂණ ආඥා පනතේ සඳහන් නොවන ආකාරයේ ඉඩම් හුවමාරු ක‍්‍රමයක් මඟින් මහනුවර නගර මධ්‍යයේ පිහිටි උඩවත්ත රක්‍ෂිත වනාන්තරයේ කොටසක් ප‍්‍රසිද්ධ හෝටලයකට පවරා දීමට මේ වනවිටත් පිඹුරු පත් සකස් කරමින් සිටින බව වාර්තා වේ.
මීට වසර දොළහකට පමණ පෙර අනුමත වු බව කියන අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව බව කියමින් රජයේ දැනුවත් භාවයකින් තොරව උඩවත්ත රක්‍ෂිත වනාන්තරයේ කොටසක් වෙනත් ස්ථානයකින් ලබාදෙන බිම් කොටසක හිලව්වට ගෙන මෙලෙස ප‍්‍රසිද්ධ හෝටලයකට පවරා දීමට පිඹුරු පත් සකස් කිරීම පිටුපස වන සංරක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ ඉහළම නිලධාරීන් පිරිසක් සිටින බවද වාර්තා වේ.
උඩවත්ත රක්‍ෂිත වනාන්තරයේ පර්චස් 90ක භූමි ප‍්‍රමාණයක් අනවසරයෙන් අල්ලා ගැනීම මඟින් රජයට රුපියල් 7388500 අලාභයක් සිදුකළ බවට චෝදනා කරමින් මහනුවර දිසා වන නිලධාවරයා 1998 වසරේදී මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා වසර 20ක කාලයක් ගතවී ඇතත් මේ වන තුරුත් අදාළ නඩුවේ විභාගය අවසන්වී නැතැයි වන සංරක්‍ෂණ දොපාර්තමෙන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
කන්ද උඩරට රජවරුන්ගේ රාජකීය උද්‍යානය වන උඩවත්ත කැළේ රක්‍ෂිත වනාන්තරයේ වශ්‍යයෙන් 1897 වසරේදී ඉංග‍්‍රීසී පාලකයින් ගැසට් නිවේදනයක් මඟින් ප‍්‍රකාශයට පත් කොට ඇත.
රක්‍ෂිත වනාන්තරයක් වශ්‍යයෙන් ගැසට් කොට ඇති මෙම උඩවත්ත වනාන්තරයේ හෝටලය අනවසරයෙන් භූක්ති වි`දින භූමී ප‍්‍රමාණය රක්‍ෂිත භාවයෙන් මුදා හැරීමට අවශ්‍ය ලේඛණ සකස් කර එවන ලෙසත් අදාළ බිම් කොටස බදු දීමට ඉඩ සැළසෙන පරිදි ප‍්‍රාදේශිය ලේකම්වරයා වෙත නිදහස් කිරීමට අවශ්‍ය ලේඛණ සකස් කර එවන ලෙසත් මහනුවර දිසා වන නිලධාරීවරයාට වන සංරක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ ඉහළ නිලධාරියෙකු දැනුම් දී ඇතැයි වාර්තා වේ.

අන්තර්ජාලය ඇසුරෙන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ජාතික අපරාදයකි. කොයිම ආණ්ඩුවක් පැමිණියත් මෙවැනි විනාශයන් නොකිරීමට වග බලාගත යුතුයි.
ගිය ආණ්ඩුව වැරද්දක් කර ඇත්නම් වහාම එය නිවැරදි කලයුතුයි. එවැනි දේ නොකළ නිසාවෙන් උන ඡන්ද පෙරලිය සිහියේ තබාගත්තොත් හොදයි.
මේකනම් වෙන්න දෙන්න එපා. මහනුවර සිසිලස මෙය නිසා. මේක හෙනගහන අපරාදයක් කෙරුවොත්.
රටේ ස්වාභාවික සම්පත් වල අගය තේරෙන්නේ රටම කාන්තාරයක් වුනාට පස්සේ. මම ගිය අවුරුද්දේ සංචාරයකට ඔස්ට්‍රේලියාවට ගියවෙලාවේ දැක්කේ ඒ මිනිස්සු යන්තම් දිය සීරාවක් තිබෙන ගල්තලාවල් එක්ක ගස් තුන හතරක් ඇති බිම් පවා මොන තරම් ආරක්ෂා කරනවාද කියලා. ගොඩනැගිලි වුනත් හිතුමතේට ඉදි කරන්න එහෙ ඉඩක් නැහැ. එකට අපේ දේශප්‍රේමියෝ බලාගෙන ඉන්නේ අල්ලපු වත්තේ කොස් ගහක් වැවෙනකන්, ඒගහ කපා ගන්න .
මට හිතා ගන්න බැහැ මගේ කියමනට විරුද්ද කව්ද මොකද කියල. පරිසරයට, රටට ආදරයක් තියෙන කෙනෙක් අකමැති වෙන්නේ නැහැ මම කියපු දේට. මොකද එම කියමන සංවාදශීලී දෙයක් නෙමේ.
මටත් මේ "ඉඩම් හුවමාරු ක‍්‍රමය" යටතේ ඉඩමක් දීල ආණ්ඩුවේ ඉඩමක් ගන්න බැරිද දන්නෑ
මෙන්න මේ වගේ වැඩ නිසා තමයි ජනතාවට ආණ්ඩුව තිත්ත වුනේ, ඒත් තාම ලැජ්ජා නැහැ වගේම හැදෙන පාටක් නැහැ. ලංකාදීපයට ස්තුතියි මේ වගේ අපරාධ වසන් නොකර ජනතාවට හෙළි කරාට
කෝ මේ යහපාලන කට්ටිය අනේ මොනවා හරි කියන්නකෝ. මහින්දගේ ණය බේරන්න විකුනනවාවත් කියන්නකෝ.
මේ වන විනාශය සිදු වුවහොත් නම් මහා අපරාධයක්. දැනටමත් මහනුවර නගරය වායු දූෂණය අතින් ඉහලින්ම තිබෙන නගරයක්, මෙම තත්වය යම්තාක් හෝ දුරකට අවම වී ඇත්තේ මෙම ප්‍රදේශයේ තවමත් සුරැකී පවතින මෙවන් රක්ෂිත වනාන්තර නිසා. මේවත් පාලකයින්ගේ ඕනෑ එපාකම් මත හිතුමතේ විනාශ කිරීමට ඉඩ දී බලා සිටියහොත් එය අප අපටම කරගන්නා අපරාධයක්. පසුගිය මාස කීපය තුල මෙම මහනුවර අවට ප්‍රදේශය තුල විශාල ලෙස ගස් කැපීම් දක්නට ලැබුණා. දැන් මෙම ප්‍රදේශයේ ඇති සිසිල් ස්වභාවය පවා කෙමෙන් නැතිවීගෙන යන ස්වභාවයක් දක්නට ලැබෙනවා. කෙසේ හෝ මෙම තත්වය පරිසර සුරකීමේ සංවිධාන හා මහජනයා එක් වී වලක්වා ගත යුතුයි.
යන්න කලින් සේරම කාලා යන්න වගේ හදන්නේ ..
පොහොට්ටුව දිනෙව්වේ මේ අපරාද වලක්වන්න. බලමු එයාලවත් මේවා නවත්වයිද කියලා
පත්තරේ විස්තරේ පෙන්නලා මේක නැවැත්විය යුතුයි. නුවරවුන් එකාමෙන් හඬ නගව්.
මේ යන විදියට ගියොත් දළදා මාලිගාවත් හෝටලයක් කරනවා කතා දෙකක් නෑ
මහනුවර කඳු වල තිබුණු වන වගාවෙන් සියයට 90ක් පමණ දැනටමත් විනාශ කරලා ඉවරයි.උඩවත්ත කැලේ විතරයි බෙහෙතකටවත් තියෙන්නේ ඒකෙත් ලේවැල්ල පැත්තට වෙන්න කැළෑ ප්‍රමාණයක් විනාශ කරලා. පොලවට වැටෙන වැහි වතුර ටික හීන් සීරුවේ පොලවට උරාගන්නා තියෙන එකම කැළෑ රොද කපල දාන අයට එරෙහිව පාරට බහිමු ! ලංකාවට ප්‍රතිපත්තියක් නැහැ කදුකර කැළෑ ටික විනාශ වුනාට පස්සේ රටේ දියසීරාව නැතිවෙනවා දැනටමත් මහනුවර ඉස්සර තිබුණු සීතල, උල්පත් වතුර වැනි දේවල් නැතිවෙමින් යන්නේ. ඒ අස්සේ තියෙන කැළෑවත් කොල්ල කනවා.ඒකට ඉඩ නොදෙමු !
අපි හැමෝම එක් වෙමු. මාලිගාවටත් එයට අයිති රක්ශිතයත් රැකගමු.
සමහර බඩගෝස්තරවාදීන්ට තම බඩ කට පිරෙනවානම් පරිසරයට හෙන ගැහැවුවත් කමක් නෑ කියලයි හිතන්නේ.
අපේ මල්වතු අස්ගිරි ස්වාමින් වහන්සේලා මෙයට මැදිහත් වුනොත් මෙම විනාශය නවතාගැනීමට හැකිවේවි කියා මම විශ්වාස කරමි. සාමාන්‍ය ජනතාවගේ හඬ කිසිවෙකුට වැදගත් නැත.
මොන පිස්සුද Indika, ඔයිට වඩා දරුණු පාරිසරික අපරාධ කරලා තියෙන්නෙ කෝ හෙනගැහුවද?
අනේ පැරකුම්, හැම දේටම නැහැ බැහැ කියන එකෙක්නා ඔබතුමා.
මේ රජයට වැරදුණේ ඔන්න ඕක තමයි. මහින්ද කරපු ඒ වැඩ සියල්ලම මේ ගොල්ලත් ඉදිරියට කරගෙන ගියා. උදාහරණ ලෙස සයිට්ම්, උඩවත්ත කැලේ විකිණීම ගන්න පුළුවන්. අනික එය විකුණපු ගාලු මුවදොර ශැන්ග්‍රිලා හෝටල් ඉඩම, හම්බන්තොට ඉඩම් විකිණීම ගැන කට වහගෙන හිටියා.