(ටී.කේ.ජි.කපිල )
බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු දින 6 ක ශ්‍රී ලංකා සංචාරයක් සඳහා අද (31) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
එඩ්වඩ් කුමරු සමග ඔහුගේ ආර්යාව වූ සොපී රීස් ජෝන්ස් මැතිනිය සහ දූත පිරිස සමඟ තවත් 7 දෙනෙක් ද පැමිණ සිටියහ.
මොවුන් ශ්‍රී ලංකාවේ නිදහස් උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් සේ සහභාගි වීමට මෙසේ පැමිණි බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය .
මෙම පිරිස පෙබරවාරි 5 වැනි දා මෙම සංචාරය නිමවා ආපසු පිටත්ව යෑමට නියමිතය .
ඡායාරූප - ප්‍රසාද් මුතුකුඩ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමරුනේ... ඔබලා අපට දීලා ගිය රටමද දැන් මේ තියෙන්නේ....?
අපේ එඩ්වර්ඩ් කුමාරයාට ජයවේවා!!! කරුණාකර මේ රට බාරගෙන අපිව පාලනය කරන්න!!! අපිට අපිව පාලනය කර ගන්න බැහැ.
අනේ වාසනාවන්!!! ඔය සැපත් වීම විතරමයි අඩුවකට තිබුනේ. හැමදාමත් පිටරට අයට, පිටරටවල් වල දේවල් මහා ඉහලින් වර්ණනා කර කර, තමුන්ගේ දේ දියුණු කරගන්න උනන්දු උත්සාහ නොකළ අරුම පුදුම ලෝකයේ ඉන්න එකම ජාතිය....
අපේ මහරජතුමාව සාදරයෙන් පිළිගන්නවා. යහපාලනයෙන් රටට ලැබුණු පිළිගැනීම නිසයි එන්නේ...
අපි කවදා රටක් විදියට තනියෙන් හිටගනීවිද? අපේ ජාතික වීරවරයෝ දිනාගත්තු නිදහස සමරන්න 70 වසරකට පස්සෙත් ගේන්නේ අපේ රටේ සම්පත්, ගහකොළ, සතා සිව්පාවා, ආගම, ජාතිය, සංස්කෘතිය විනාස වුණාමයි.. හාමුලා තමන්ගේ වතුපිටිවල වැඩකරන වහල්ලු, සේවකයෝ බලලා යන්න ඇවිල්ලා. ඔන්න දිනාගත්තු ජාත්‍යන්තරේ. කමක් නැහැ රැජින මේස් ගලවල අතට අත දුන්නනේ. දැන් ඉතින් තියෙන්නේ හොඳට පුද සත්කාර කරලා යවන එකයි. ඒ අය තාමත් බලන්නේ අපේ දිහා වහල්ලු දිහා බලන විදියටමයි. අපි වහල් මානසිකත්වයෙන් මිදෙනකම් එ්ක එහෙමම තමයි.
සුද්දා එනතෙක් බලාහිඳ... අන්දා නෙක සළු වර්ණයෙන් හැඩකොට.. ගල්වා විලවුන් එල්ලා මුතු පබළු බැඳ.. දෝතින්ම පිදුවයි මේ පස ඒඅයට.. සමරන්නට ඔවුන් කල කෙණෙහිලි අපට.. එන්නට කියනවද නිදහස නමදින්ට..
ආවාට කමක් නැහැ. පුළුවන්ද අායෙත් උඹලට අපේ රට සංවර්ධනය කරලා දෙන්න. අපේ රටේ ඔය හොරු ටික ඉවරයක් කරලා...
කුමාරයෙක් කිව්වට අපි වගේ වයසක පොරක්නේ...
එඩ්වඩ් කුමරු අපේ සිරිසේන ජනාධිපතිට අතට අත දෙන්නේ ග්ලවුස් (අත්මේස්) ගලවලා හිටං. මහා රැජිණත් එහමයි කලේ...
මේ රටේ අය හිතාගෙන ඉන්නේ ලංකාව එංගලන්තේ යටත් විජිතයක් කියලයි. නැත්නම් "කුමාරයා" "සැපත් වෙයි" වගේ වැකි ලියයිද..? පැමිණෙයි කිව්වා නම් හරිනේ.. මේ වගේ අපේ රටේ මානව හිමිකම් කඩ කරපු යටත් විජිතවාදීන්ගේ මුණුබුරන්ව ගෙන්වන අයට අර කියපු මඩු වලිගෙන් ගහන්න වෙයි වගේ.
ඔබතුමාගේ පැමිණීම අපි අගය කොට සලකනවා. බොහෝ මිනිසුන් සුද්දා රට කෑවා කියා කියනවා. මෙපමණ සේවයක් කල මහින්ද මහතා හොරෙක් කියන සිංහලයා ඔබලා රට කෑවා කියන එක ගැන පුදුම වෙන්න එපා. ඒ සිංහලයාගේ හැටි. ඔබලා නොඑන්න එක්කෝ තාම දෙමළෙක් යටතේ නැතිනම් දකුණු ඉන්දියාවේ ප්‍රාන්තයක්. සිංහලයා ඉංග්‍රීසි ඉගෙන ගත්තෙත් විද්‍යා විෂයන් ඉගෙන ගත්තෙත්. හොඳ පරිපාලනයක් ඇති රාජ්‍ය සේවයක් ලැබුණෙත් ඔබලා මෙරට පැමිණි නිසයි. නැතිනම් අපි දෙමලෙන් තමයි අත්සන් කරන්නේ. උඩරට ගිවිසුම් අත්සන් කලාවගේ. ඔබලා නොපැමිණියා නම් හුදී ජනයා කියවන්නේ මොන රටේ පොත්ද? කියන්න දේවල් ගොඩක් තිබෙනවා පලනොවන නිසා නොලියමි...
අපි සුද්දන්ට බනින්නේ අවුරුදු 200 ට පෙර කලදේටයි. ඉතිහාසය සොයනවා නම් ඒකාලේ ඒ රටවල අයටත් භයානක දඬුවම් දීලා තියෙනවා. ඒ අවුරුදු 200 ට පෙර තිබුනු සමාජය. නමුත් අද ඔවුන් මානව හිමිකම් අතින් අපිට වඩා ගව් ගණනක් ඉදිරියෙන් ඉන්නේ...
සිංහලයව පාගා දාපු සුද්දන්ට කතා කරනවා නිදහස සමරන්න. නිදහස දිනා දීපු මිනිසුන්ව හිරේ දාන්න පිඹුරුපත් හදනවා. අරුම පුදුම සිරි ලංකාවක්...
මෙතන අතීතෙ ගෑන ලොකු කතා කියන අයට එන්ගලන්තෙන් ලෑබෙන ආධාර, ණය සහ අපේ භාන්ඩ මිලදී ගෑනීම ගෑන ප්‍රශ්නයක් නෑ වගේ. ලොකු ටෝක් දෙන්න ඕනෙනම්, තමන්ගේ තත්වය නන්වාගෙන ඉන්න ඕනෙ.
අපේ ජාතික වීරවරයෝ දිනාගත්තු නිදහස සමරන්න 70 වසරකට පස්සෙ ගේන්නේ සිංහලයා පාගා දාපු යටත් කර ගත්තු සුද්දද? එතකොට කොහොමද එ්ක නිදහස සැමරීමක් වෙන්නේ. මොනවද මේ වෙන්නේ?
සුද්දා නොහිටින්නට අපි ඉන්දියාවට පරාදීනයි නේද? දැනටමත් අපි ඉන්දියාවට පරාදීනයි... ඒ ගැන මොකද කියන්නේ?
අපේ ජාතික වීරවරයෝ දිනාගත්තු නිදහස! කියන්න කව්ද වීරවරයෝ නිදහස ලබා ගත්ත කියලා? සුද්දාට රට පාවලා දුන්නේ කව්ද? සුද්දා කලේ දෙමල රජෙක් යටතේ සිටි සිංහලයාට ඔවුන්ගේම රටක් හදලා දීල ගිය එකයි. කරුමෙක මහත... සිංහලයා එ්ක ඉන්දියාවට යට කෙරුවා. දැන් තමිල් නාඩුවේ ඉන්න දෙමලුත් අපට නියවනවා. සුද්දා වඩුග රජා පැන්නුවේ නැතිනම් සිංහලයා වංගෙඩියේ කෙටිලා නවතින්නේ නැත. ඉතිහාසය ගැන දැනගෙන කතා කරන්න.
බොරු බේගල් රස කොට, රට බේරාගත් යුගපුරුෂයෙක් මකා, කල ගුණ නොදත් ලක්වැසියන් කරගත් විපතක මහත....
කපිල මහතා වෙත. ඔබතුමාට එංගලන්තය ගැන ලොකු කැක්කුමක් තිබෙන පාටයි. ඒ අය අපේ රටවල් යටත් කරගෙන අපේ රටවල් වලින් අරන් ගියපු දේවල් තමයි අපිට අාපහු දන්නේ. ආධාර විදියට... කැලේ වනසත්තුම කොච්චර මැරුවද? අලි ඇත්තු, මුතු මැණික්, රන් රත්තරන් දහස් ගාණක් ඒ අයගේ රටවල් වලට අරන්ගියේ ඔය කුමාරවරුන්ගේ අය තමයි. මේ අයගේ විනෝදෙට අසරණ සත්තු ඇත. ගාල්වලට කොටු කරපු විදිය ලඟදී ලංකාදීප විශේෂාංගයක තිබුණා බලන්න. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පටන් අරන්, පුරා වස්තු ගවේෂණය කරනවා කියලා... අපේ සීගිරියේ ඇතුළු පුරා වස්තු කොච්චර මංකොල්ල කෑවද? ලංකාවේ මාර්ග පද්ධතිය හැදුවේ අපිට ආදරේකටද? ඒ අය කොල්ල කාපුවා වතුවල දේවල් ලේසියෙන් වරායට ගෙනියන්න තමයි ඒවා හදලා ගත්තේ. ඇත්ත අපි ඒ අයගෙන් ආධාර ගන්න තත්වෙට පත් කරලා තමයි ... ඒ අය අපිට නිදහස දුන්නේ. ඒ කරපු විනාසේ සමරන්න ඒ අයම ගෙන්න ගන්නකොට අපිට කොහොම හිනාවෙනවා ඇත්ද?
රට සුද්ද කරකෙන ගිය අය දැන් සැපත් වෙනවා. අපි පිළිගන්නවා. රට බේරාගත් අපේ රණවිරුවන්ට මාංචු දමනවා.
මෙයාලා සිංහල ජාතිය, බුද්ධාගම විනාශකරලා මේ රටෙන් ගියේ.1818 සිංහල නිදහස් සටන ම්ලේච්ඡ ලෙස මර්ධනය කලේ..... මොකට ආවඩනවද මේ යුද අපරාධ කරුවන්ට?
එඩ්වර්ඩ් කියන්නේ කවුද? මොකද්ද අපේ නිදහස් උස්සවයට එයාගේ තියෙන අදාල කම. පිස්සුද මන්දා?
කිසිම වැඩක් නැති අයාලේ ගිය අයෙක්. අපේ අයටම ගැලපෙනවා.
එංගලන්තයේ රජ පවුලේ සිටින "සරලම" පුද්ගලයා මෙතුමායි. චිත්‍රපටි කර්මාන්තය පිළිබඳ තමන්ගේම වූ ව්‍යාපාරයක් පවත්වාගෙන සරල සාමාන්‍ය ලෙස ජීවත් වන්නෙකි.
තවම වැඩවසම් මානසිකත්වය තියෙන සහ අදිරජ්‍යවාදී මානසිකත්වය තියෙන ය ඉන්නවා වගේ..
අපි රත්රන් සමරුමට ප්‍රංශ අශ්වයින් ගෙනත් කරපු ලොකු උත්සවයටත් කුමාරයෙක් අවා මතකද? අධිරාජ්‍ය වාදය ගැන කතාකරන්නන් හොරෙන් හරි යන්න හදන්නේ ඔවුන්ගේ රටවලටම නේද? අපිට ගෙන්නන්න තිබුනේ ස්වාසිලන්තයෙන්ද ?
1818 කලේ අපිට රොබට් බ්රෞන්රිග් කරපු අමානුෂික අපරාධ ගැන පොතක් අච්චු ගහල මෙතුමා අතේ එංගලන්තෙට යවන්න කියල මම යෝජනා කරනවා,
මේ කුමාරයාව වෙල්ලස්සේ අරන් ගිහින් පෙන්නන්න එයාලා කරපු විනාසේ හැටි.. අනෙක ඔය කුමාරයා හම්බවෙන්න යනකෙනෙක් කියන්න අපේ හොරකම් කරන් ගිය කෞතුක භාණ්ඩ ටික මතක ඇතිව එවන්න කියලා... රුසියාව නම් කඩුවක් දුන්නා වෙන්දේසියකින් ගෙනාපු.. ඕනෙනම් තව මතක ඇතුව අහන්න වෙස්ට්මිනිස්ටර් ක්‍රමේ ජාතික ලැයිස්තුවක් එහෙත් තියෙනවද කියලා..