රංජන් කස්තුරි
රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරයෙන් ඉවත්කළ යුතු යැයි ‘‘ තිලක් මාරපන කමිටුව ‘‘ සිය වාර්තාව මගින් එජාප මධ්‍යම කාරක සභාවට නිර්දේශ කර ඇතැයි වාර්තාවේ.
බැඳුම්කර සිද්ධිය සම්බණ්ධයෙන් වන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කරුණු අධ්‍යයනය කර එක්සත් ජාතික පක්ෂය ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තිලක් මාරපන කමිටුව පත්කර තිබිණි.
විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ සභහපතිත්වයෙන් යුත් එම කමිටුව වෘත්තීය වේදීන් , පරිපාලන නිලධාරීන් හා නීතිඥයින් ඇතැලු නියෝජිතයින් පිරිසකගෙන් සමන්විතය.
එම කමිටුවේ වාර්තාව ඉකුත්දා එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද කට්ටිය එකතු වෙලා රඟ දක්වපු නාට්‍යය .
රවි එජාප උප නායකකමින් අයින් වුනාම මහ බැංකුවට වූ පාඩුව පියවෙනවද? නොදන්න නිසයි අහන්නෙ.
හත් ඉල්ලව්ව්යි තාම උපනායකද ? උපනායකකමින් අයින් කරාම වැරදි වැඩ ඔක්කොටම දඬුවම ඒක විතරද?
මෙයා ගියාම ඔක්කොම හරිද?
කමිටු වාර්තාවෙන් කියපු විදියට අස්කලොත් ඇතිද දන්නේ නෑ අය්යෝ මෙහෙම රටක්..
අපි කොහොමත් රවී ඉවත් කරනවට විරුද්දයි .
එතකොට පක්ෂේ සුද්ද වෙනවද ?
මේවා කාටත් හොඳ පාඩම්.
කලින් කමිටුවකත් මෙම මහතා හිටියා. එදා හරියට කලා නම්???
නීතිය ක්‍රියාත්මක වුනාම හිරේයයි. ඊටකලින් පක්ෂයෙන්ම ඉවත් කලානම් අඩුම තරමින් පක්ෂය කෙරෙහි තිබෙන නරක නාමය ටිකක්හරි හේදිලා යයි.. නම්බුකාර මහත්මයෙක් නම් එතුමාම පක්ෂයෙන් ඉල්ලා අස්විය යුතුයි..ඒකනම් හීනෙන් තමයි...
මහේන්ද්‍රන්ව සින්ගප්පුරුවෙන් රැගෙනවිත් මහා බැංකුව බාරදුන්නේ රවිද? මහා බැංකුව මුදල් අමාත්‍යංශයෙන් වෙන්කර අගමැති යටතට පවරාගත් පසුවටත් වගකීම රවීගේද? ජනාධ්පතිගේ විරුද්දත්වය නොතකා මහා බැංකුවට මහේන්ද්‍රන් පත් කිරීම්මට නිර්දේශ කල අගමැතිට එරෙහිව පරීක්ෂණයක් පැවැත්විය යුතු නැතිද? සුජීව සේනසිංහ හදිසියේ 'කොප්' එකට පත් කලේ ඇයි? මේ බැදුම්කරය සම්බන්ධයෙන් ඔහුගේ භූමිකාව වෙනම පරීක්ෂණයකට ලක් කල යුතු නොවේද?
මේ ආණ්ඩුවේ හරි පහුගිය ආණ්ඩුවේ හරි මේ වගෙ අයගෙන් එක්කෙනෙක් දෙන්නෙක් හිරේ යවල, සියලු දේපොල රාජසන්තක කරල පසුව තමයි නඩු දාන්න ඕනෙ. නඩු ඉවර වෙනකම් මහ උලු ගෙදර තිබ්බහම ආයෙ එකෙක්වත් මේ වගෙ රාජකීය හොරකම් කරන එකක් නැහැ. නීති නැතිනම් ඒ විධියට නව නීති සම්පාදනය කරන්න ඕනෑ. එතකොට ඉදිරියට එන එක දේශපාලකයෙක්වත් මේ වගෙ මහජනතාවගේ දේපොල, මුදල් හොරකම් කරන එකක් නැහැ. නැතිනම් නඩු ඉවර වෙනකම් මේ අය එළියෙ ඉදල රජ සැප ව්දල ඉවර වෙනකොට මැරිච්ච තැන්වල මහ ගස් හැදිල තියේවි.
දැන් මෙතන අදහස් දක්වලා තියෙන බොහෝ දෙනා මැරිලා ඉපදුණු අය වගේ... හොරකමට තිත තියන්න ඕනි. ඒත් පක්ෂ මාර්ගයෙන් හරි විනය විරෝධී කටයුතු වලට යම් පියවරක් ගැනීම අගය කරන්නත් ඕනි. නීති කටයුතු වලට පෙර.
එජාප නායකත්වය කියන්නේ ටිකිරි එ් වගේම පුදුම මොලයක්. තමන්ට තර්ජනයක් වෙයි කියලා හිතෙන පක්ෂයේ කනිෂ්ඨ සාමාජිකයින්ව අතේ දුරින් තියාගෙන ඉන්න, වැඩිය දැඟලුවොත් එයිටත් එහා තැනකට යවන්න වහා ක්‍රියා කරන චරිතයක් නැති චරිතයක් ඒක. රවී "හොඳම මුදල් ඇමති" කියලා තමන්ම ලෝකුරුවට කියලා හදාගෙන දා ගත්තේ පදක්කමක් නොවෙයි පඩික්කමක්. කෙල ගහන්නේ එයා නොවෙයි එයාව ඔතනට ගෙන ආපු ජනතාව. බෙල්ලටම ලං කරනකන් මිනිහාට දැනුනේ නැහැ. ඉතින් කාල වරෙන්කෝ ! ඒ මොකද පක්ෂයේ නම "එක්සත් ...
මහරජාගෙන් වත් රවී පිළිබඳ ගතයුතු පියවර අහලා බලමුද?
තිලක් මාරපන දූෂණයකට සම්බන්ධව නේද ඇමති ධුරයෙන් ඉවත්කලේ?
පක්ෂයක් හැටියට රවිට දඬුවම් දිය යුතුයි.
උපනායක කමින් ඉවත්කොට නායකතනතුරේ පිහිටවනු ලැබේ. පුරවැසිකම (නැතිනිසා) අහෝසිකරමු. ඇමෙරිකාව, සිංගප්පුරුව වැනි රටකට පිටුවහල් කරමු. මෙවැනි දැඩි දඩුවමක් අනුමත කරමි.
මේ තීරණය ඉතාම හොදයි ,හොර හිත නිසා යහපාලනය දැන දැන බැදුම්කර බෝම්බය අටවල පක්ෂය විනාශ කලා.
ඡන්දේ නිසා රගපෑමක්
බලලව ලවා කොස් ඇට බාවලා, දැන් බලලව එලවන ජාතියේ කේස් එකක්නෙ දැන් යන්නෙ.
අර්ජුන් මහේන්ද්‍රන්ට මහ බැංකු අධිපතිකම දුන්නේ රවි කරුණානායකද ?
කිං කැකිල්ලේ .... මහ බැංකුව තිබුණේ රනිල් යටතේ, මුල්‍ය මණ්ඩලය තිබුනේ කබීර් හෂීම් යටතේ.. මහබැංකු අධිපති පත්කලේ රනිල්ගේඋපදෙස් පිට ජනාධිපතිතුමයි. බොන්ඩ් එක 1 සිට 10 දක්වා වැඩි කලේ රනිල්ගේ අනුදැනුම ඇතුව කබිර්ගේ ඉල්ලීමටලු.. මේ ඔක්කොම කොමිසම හමුවේ එළිවෙලා තියෙද්දී ...කොහොමද මේ මහබැංකු කොල්ලයට රවී වැරදි කාරය වුණේ.? ඇමතිකෙනෙක් ගෙවල් ගත්ත එකටයි, කොමිසමට සහයෝගය නොදීපු එකටයි නම් රවී වැරදි කාරයා තමයි... එ්කට වෙනම නඩුදාන්න ඕනෑ... එ්ත් මෙතන බැඳුම්කර වංචාවට රවී සම්බන්ධ නැතුව ඔක්කොම රවීගේ පිටින් යවලා ඇත්ත හොරු බේරෙන්නයි හදන්නේ...
ඇයි නායකයා ඉවත් කල යුතු නැද්ද? 2005 සිට 2015 වෙනතුරු එයාව අපි අයින්කරලා තිබුනේ. ආයිත් එයාව කූඩෙට දමන්නේ 2020 දී. රවි ගේ වැඩවලට හිතාමතාම සහය දුන්නේ ඔය කියන නායකයා. නැතිනම් විදේශ ඇමතිට ලොතරැයි මණ්ඩලය දේවිද?
ඒක හොඳයි. එතකොට පක්ෂේත් සුද්දයි. බැංකුවත් සුද්දයි.
එතකොට සුජීව සහ ෆුට් නෝට් කල්ලිය හොඳයිද...?
ගරු රවී ඇමැතිතුමාව ඉවත් කරන්නේ හොඳම මුදල් ඇමති වූ නිසාද? වැටිලා තිබුණු ආර්ථිකය ගොඩ ගත්තු නිසාද? මිනිසුන්ගේ අතමිට සරු කළ නිසාද?
මොහුව පක්ෂයෙන් අයින් කල යුතුයි....
සජිත්ව කපලා අනාගත අගමැති වෙන්න හිටිය පුද්ගලයා.. නමුත් රවී ගොඩ... එයාට අංග සම්පූර්ණ නිවසක් ලැබුණා..
දැන් මෙතන රනිල්, කබීර්, මලික් ඔක්කොම බේරිලා සේරම රවීගේ කර පිටින් දැම්මා... නේ....
එතකොට මේ අය සුදනන්ද?
මෙයා දැන් තමන්ම නිවැරදිකාරයා කියල කියාගන්නවා. තමන් නිවැරදි නම් මොකටද මුදල් ඇමතිකමෙන් ඉල්ලා අස් වුනේ? දැන් කියයි අධිකරණ කටයුතුවල පහසුව සඳහා තමන් ඉල්ලා අස්වුණා කියලා. හොරෙක් හොරකම් කළාට කවදාවත් තමන් හොරෙක් කියලා කියන්නේ නැහැ. අවුරුදු විස්සකට වැඩි කාලයක් විපක්ෂයේ ඉඳලා ඇවිල්ලා ආණ්ඩුවක් හදාගෙන දස පොළේ ගාගෙන මුළු පක්ෂයේමත් ගෑවා.
ඔය වාර්තාවේ රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත්කරන්න කියලා නැද්ද?
ඔව්, ඔහු ඉවත් කරන්න
ජනතාව තේරුම් ගත යුතු වන්නේ එ. ජා. ප. කියන්නේ හොරුන්ගෙන්, මංකොල්ලකරුවන්ගෙන්, දූෂිතයන්ගෙන්, මිනීමරු වංචාකරින්ගෙන් පිරුණු පක්ෂයක්. මෙහි නායකයා (රනිල්) මහබැංකුවේ මංකොල්ලයේද නායකයාය. රවී ඇතුළුව සියළු දෙනාට දඬුවම් දී මුදල්ද අය කර ගත යුතුයි. ඒ වගේම මොවුන් ඉල්ලා අස්විය යුතුය. සිරිසේනද ඉල්ලා අස්වී දඬුවම් වලට මුහුණ දිය යුතුයි.
ඒ ගොල්ලන්ට පුලුවන්දේ තමයි ඒ ගොල්ලෝ කලේ දැන් මහජනයා එකතුවී දේශපාලනයෙන් අතුගා දමන්න. අර වරායේ තිබෙන පුද්ගලික ගුදමත් පවරාගෙන. එ්ක මෙයාගේ මුදල් ඇමති බලයෙන් දීපු ඒවා.
සම්බන්ධ නැති කෙනෙක්ට නඩු දැම්මනම් ඒ පුද්ගලයට විරුද්ධව සාක්ෂි නැතිව ඔප්පු කරගන්න බැරි වෙනවා. එතකොට ඔහුව නිදොස් කොට නිදහස් වෙනවා. එකම සිද්ධියට දෙපාරක් නඩු දාන්න බැහැ. එතකොට ඔක්කොම බේරෙනවා. ප්‍රශ්නේ ඉවරයි. චන්දෙ ඉවරයි.
පක්ෂ සාමාජිකත්වය තහනම් කරන එක නම් පක්ෂයට වඩාත් යහපත්...