මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ සියලූදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් ඔවුන්ට දඬුවම් ලබාදීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවසීය.
තමන් ශක්තිමත් කරනවා මිස කිසිදු අවස්ථාවක තමාව දුර්වල කිරීමට කටයුතු නොකළ යුතු බව ද ජනාධිපතිවරයා අගමැති සහ පක්ෂ විපක්ෂ සියලු දෙනාගෙන් අද ඉල්ලා සිටියේය.
ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ මහනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
2014 වසරේ තමන් පැවති රජයෙන් ඉවත්වූ විට එදා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් තමාට චෝදනා කළ අතර අද එක්සත් ජාතික පාක්ෂිකයින් ද තමාට චෝදනා නගමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා තමා එම කිසිදු පාක්ෂිකයෙකුට ද්‍රෝහි වූවා නොව තමා සැමදා ද්‍රෝහි වන්නේ වංචාවට හා දූෂණයට බව ද කීවේය.
‘‘අද මහබැංකු වාර්තාව ගැන වේදිකාවේ කෑ ගසන හිටපු නායකයා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණ ඡන්දය දුන්නේ නෑ. රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවෙන් පිට වූ විගස දුරකථන ඇමතුමක් ලබාදී ඔහුට සුබ පැතුවා. ඒ බව මා හොඳින් දන්නවා. ‘‘
ඡායාරූප සහ වීඩියෝ - ජනාධීපති මාධ්‍ය අංශය




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මධ්‍යස්තව සලකා බැලුවහොත් මෙය හුදෙක් මැතිවරණය ඉලක්ක කරගෙන කරන ලද ප්‍රකාශයක් බවයි පෙනෙන්නේ.
රටට හොදක් වෙනවනම් රටේ මුල් පුරවැසියට තිබෙන බලය උපරිමයෙන් පාවිච්චි කරන එකනේ තියෙන්නේ.
මෙය ප්‍රසිද්ධියේ නොව ඇතුලත කල යුතු කතාවක්.
ශ්රී ලාංකික ජනතාව ඔබ සමගයි.
මේක 2015 දීම උනානම් මේවෙනකොට ලංකාව කොතරම් ඉස්සරහට ගිහින්ද?
අනේ මන්දා. මේවා අපිට තේරෙන්නේ නැහැනේ
මහබැංකු අධිපතිව පත් කලේ අගමැති බව මුන්නාන්සේ පත්තරේකින්වත් දැකල නෑ වගේ ! කඩුවක් අතට ගත්තේ දුර්වල කම වසාගන්නටද? විධායකකම තියාගෙන නේද මේ නීච වෙන්නේ !
පාලු අම්බලමේ වළං බිඳිනවා.
එජාපය දැන් බය වෙලා වගේනේ. හොරු අල්ලනවට. බලය පාවිච්චි කලාම එ්කටත් දොස් එනවනේ. කොහොම හරි දූෂණ නැති වෙනවා නම් එච්චරයි.
ඉතින් ඕක අපට කියන්න දෙයක් නොවේ. ඔය අඬන්නේ මම මාර පොරක්.... ඉදිරි ඡන්දේදී දුර්වල කරන්න එපා කියන එකනේ. අපි නොදන්නවයැ සෞක්‍ය අමාත්‍යාංශයවත් කරගන්න බැරි වෙච්චි කෙනාටමනේ රටම බාර දුන්නේ...
ජනපතිතුමාණෙනි ! කවද්ද රවි කරුණානායකට විශ්වාස භංගයක් තිබ්බේ? ආප්ප කනවාටත් ලේසියට මුසා බස් දොඩනවා නේද?
අනේ මෙහෙමත් නිවට නායකයෙක්, කඩුව අතේ තියාගෙන බොරු කයිවාරුව. ඔය හොරු ටික ඔක්කොම කපලා දාන්න පුළුවන්නේ.
මේ මැතිවරණයෙන් පස්සේ බලාගන්න පුළුවනි ලොක්කයි දෙවැනියයි අතර තිබෙන විරසකයේ ඇති සත්‍ය අසත්‍ය බව බලා ගන්න..
මොකටද මේක ප්‍රසිද්ධ රැස්වීමක කියන්නේ?
මේගොල්ලෝ කියනවා වගේ නිදහස් පක්ෂයට මේ පාර 2/3 ක බලයක් කොහෙත්ම එන්නේ නැහැ. එජාපය ශක්තිමත්. අනික මහින්දත් වෙන පක්ෂෙකට සහය දක්වන හින්ද ලක්ෂ 5 ක් විතර ඒගොල්ලන්ට කැඩෙනවා.
විධායක ජනාධිපති වරයෙක් කියන කතාද මේ. මොහුට බලය දීලා තියෙද්දි රටේ දෙවෙනියට කියනව දුර්වල කරන්න එපා කියල.
රගපෑමට රැවටුන කාලේ ඉවරයි.
දුර්වල අගමැතිකෙනෙක් පත් කර ගත්තනම් වැඩේ හරි
මේක දේශපාලන වාසි තකා මේ වෙලාවේ කල කතාවක්. මොකද දෙන්නට ඇතුලත කතාකරල බේරගන්න පුළුවන්. මේක පැන්න දුෂිත දේශපාලුවෝ මෙතුමාව රවට්ටලා යහපාලනය කඩන්න කරන කපටි වැඩක්. ඔබතුමා මේ ලග ඉන්න අයගෙන් ප්‍රවේසම් වෙන්න.
කොන්ද කෙලින් තියන් තීරණ ගන්න බේරී බැව් පෙන්නේ. මීට කලින් හිටපු ජනාධිපති වරුත් අගමැතිගෙන් අහලද තීරණ ගත්තේ. දැන් කව්ද මෙතන රටේ නායකයා. නිවැරදි තීරණ ගන්න බැරිනම් මොකටද ඔය තනතුර. ප්‍රසිද්ද වේදිකා වල ඕව කියවන්න දෙයක් නෑ. ඔබතුමාට පුළුවන් තීරණයක් ගන්න.
ඕක හම්බුනාම කියන්න තිබ්බනේ.
ඕව මේ ජන රැලිවල මිනිස්සුන්ට ඇහෙන්න කියලා, මාධ්‍ය ප්‍රචාර දීලා කරන බොරු රැවටිලි. දැන් මුළු ලෝකෙම දන්නවා මේ හොරකම් කරපු අය කවුද කියලා.
අගමැති සහයෝගය නොදෙන බවයි පෙන්නේ
බලතල හරියට පාවිච්චි කලේ නැතිනම් ..ජනාධිපති තුමා වුනත් අසරණ වෙනවා කියලා අපි දන්නවා...
අතිගරු ජනාධිපතිතුමනි මේ වැඩේට නම් කවරදාකවත් සහය ලැබේ යැයි හිතන්න බෑ. ඔබතුමා පූර්ණ බලැති විධායක බලය අරගෙන නීතිපති දෙපාර්තමේන්තුව ඔබතුමා යටතට පවරා ගන්න.
යුද්ධය නිමවීමෙන් පසු අපි හිතුවේ ආර්ථික අතින් පහසුවක් දැනෙයි කියා. නමුත් තිබුණටත් වඩා බඩු මිල ඉහල ගියා . මෙහෙම උනේ හොරා කාපු නිසා. එකෙක් නෙවෙයි. හැම පාටකම හොරු ඉන්නවා කියලා අපට දැනෙන්නේ කොටින්ගෙන් රට බේරා ගත්තට වඩා අමාරු වැඩක් හොරුන්ගෙන් බේරෙන එක. හොරු මට්ටු කරන්න උත්සහ දරන ජනාධිපතිතුමාට අපේ සහයොගය. හැබැයි ඡන්දෙ හෙට කියලා සද්දෙ දාන එකනනම් අපටත් ගැටළුවක්.
මොනවද මේ කියන්නේ. බොරුවක්නේද මේ කරන්නේ.
අමුතුවෙන් දුර්වල කරන්න දෙයක් නෑ.
ඔච්චර බලයක් තියාගෙන මොකට අගමැතිට යටවෙනවද .. බොරු ෂෝ. අහුවෙන්න නම් එපා..
මෙතුමා 2015 දී වගේම ජනතාව රවටන්න හදන්නේ. මෙයාගේ තව මොනවා දුර්වල කරන්නද ?
ඒ කියන්නේ අගමැති ඉන්නේ ජනපතිට වඩා උඩද.?
විධායක බලතල සතු ජනාධිපතිවරයකු හොරුන්ට දඩුවම් කරන්න අගමැතිගෙන් අවසරගැනීම අවශ්‍ය නැත. මේවා මැතිවරණය ඉලක්ක කරගෙන කරන ලද විහිළු කතා...."අපිට නම් පෙන්නේ ඔබතුමාගේ කඩුව තාම පෙට්ටගමේ දාමා අගුලු දාලා වගෙයි "
හිටපු ගමන් මෙතුමාට තමන් මෙරටේ විධායක ජනාධිපති කියලා අමතක වෙනවා. ජනතාව තමන්ට දී ඇති බලයට උඩින් වෙන කිසිවක නැති බවත් මෙතුමාට අමතක වෙනවා. මේ කතා වලින් වෙන්නේ තමන් හැල්ලු වෙනබවත් මෙතුමාට අමතක වෙනවා. ගැලරියට ගහන්න ගිහින් තමන්ගෙයි , අගමැති තුමාගෙයි , ආණ්ඩුවෙයි කොළ ඔකොම ඉරගන්නා බවත් මෙතුමාට අමතක වෙනවා.
ඔබතුමා විධායක ජනාධිපති බව අමතක උනාද...
ජනපති අවංකද ? කෝ ඒයර් ලංකා වංචා සොයන කොමිසම පත් කලාද ? මොකද UNP වැරදි පමණක් සොයන්නේ ? උව මහා ඇමති තවම නිදැල්ලේ . කෝ නිතිය ?
ජනාදිපතිතුමනි අපි කවදත් එජාපයේ එහෙත් සියලුම හොරුන්ට දැඩි දඬුවම් දීම සඳහා අපි ඔබ සමගයි.
තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට කරන කූට උපක්‍රමය . අපි කොන්දේ බැඳපු චීන්නු නොවේ. ඌව මහා ඇමති අයින් කරන්න රනිල් ගෙන් අවසර ඕනද?
දුර්වල කරන්න මෙයාට ශක්තියක් තියෙන්න එපැයි!
දැන් කපන්න බැරි අත ඉඹිනවා නේද ?
හොරුන්ගේ අනුපිල්වෙලට දඬුවම් දෙමු. පරණ හොරුත් තවම නිදැල්ලේ. මිනීමරුවන්ට ඉක්මනින් දඬුවම් ඕනා.
මෙතුමා මේ රටේ විධායක ජනපති. මෙතුමාට තරම් බලයක් මේ රටේ කාටවත් නෑ. ව්‍යංගයෙන් කියන්නේ අගමැති මොහුට නිවැරදි දේ කරන්න දෙන්නේ නෑ කියලා. මොහුට තියෙන්නේ මෙහෙම නාහෙන් අඬන්නේ නැතුව ක්‍රියාත්මක වීමයි.
ඔබතුමා රටේ විධායක ජනපති මිස ග්‍රාම සේවක කෙනෙකු නොවේ. යහපාලනේ නාමයෙන් මහ බැංකුව හොරාකාපු අයට තරාතිරම නොබලා දඬුවම් දෙන්න. ශ්‍රී ලාංකීය ජනතාව ඔබ සමගයි.
ඔන්න ඔය රටවැසියෝ වගේ මිනිස්සු හින්ද තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ
වැරදිකරුවන්ට ආණ්ඩුව පවතිද්දීම දඩුවම්දීමේ සංස්කෘතියක් ලංකාව තුල බිහිවිය යුතුය කියන එක තමයි මගේ හැගීම. ආණ්ඩු මාරු කිරීම කිසිම පලක් නැති දෙයක්.
විධායක බලය තිබිය දී මොකටද අගමැතිට පින්සෙන්ඩු වෙන්නේ...
පසුගිය දවස්වල ජනාධිපති තුමා වේදිකාවල කෑගහපු විදිහට මම හිතාගෙන හිටියේ වෙන දෙයක්.
අපේ ගරැ රවි තුමාට විරැද්ද ඔය කියන විස්වාස බංගෙ කවද්ද හැබෑටම තිබුනෙ?
හැමෝම හිතාගෙන ඉන්නේ මහජනතාව මෝඩයෝ රැලක් නිසා උන්ව ඕන වෙලාවක රවටන්න පුළුවන් කියාලා. එක අතකට ඒගොල්ලෝ හැසිරෙන විදියටත් එහෙම හිතන එකේ වරදක් නැහැ.
යුගයේ අභීත නොසැලෙන නායකත්වය ඔබයි. සියලු දෙනාම ඔබ සමගයි.
රට හදන කොමෙන්ට් දාන්න තිබෙන එකම තැන මෙතන ? ලංකාදීපය ට ස්තුතිය.
කාට කියන්නද මේවා. හිනාකාල පණ ගිහින් ආපහු හිනා යනවා....
බලයට ආවේ ඔබ තුමා හිටපු ආණ්ඩුවේ වංචා දුෂණ කරපු හැමෝටම තරා තිරම නොබලා දඩුවම් කරන බවට පොරොන්දු වෙලයි.
ආ...කොහොමද..ඒක ?
මෙතන අදහස් පළකර ඇති වැඩිදෙනෙක් වත්මන් ජනාධිපතිවරයාගේ එක්තරා දුර්වල කමක් දකිනවා. විධායක ජනාධිපතිවරයෙකුට ජනතාව බලය ලබා දෙන්නේ (කඩුව යුද්ධය පිණිස මිස කොස් කොටන්න නොවේ) තම බලය උපරිමයෙන් යොදා ජනතාවගේ සතුරන් මෙල්ල කරන්නයි. "සම්මුති" ආණ්ඩුවක ප්‍රධාන පාර්ශව කරුවන් වුනා කියා ඔවුන් ජනතාවගේ මිතුරන් නොවන බව මෛත්‍රීපාල සිරිසේන මහතාට වැටහෙන්න මෙපමණ කාලයක් ගතවුනේ මන්ද යන ප්‍රශ්නය තමයි ජනතාව අහන්නේ. සතුරන්ගෙන් යමක් ඉල්ලා සිටීම මුල් පුටුවට ගැලපෙන්නේ නැහැ. එක්කෝ තරයේ අවවාද කරන්න ඕනේ නැත්නම් අතට ගත කඩුවෙන් (තමාගේ සතුරන් නොව) ජනතාවගේ සතුරන්ගේ ගෙල සිඳ ලිය යුතුයි. නැත්නම් හරා කිරි තමා.