ඉන්දිකා රාමනායක, නිමල කොඩිත්තු
සරසවි සිසුන්ගේ විරෝධතා පාගමන කොල්ලුපිටිය මංසන්ධියේ දී මීට සුළු මොහොතකට පෙර පොලිසිය කදුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරියහ.
සිසුන් පොලිස් මාර්ග බාධක පෙරළා අරලියගහ මන්දිරයට ගමන් කිරිමට උත්සහ කිරිමේ දී එය වළක්වා ලමින් පොලිසිය ඔවුන් විසුරුවා හැරිමට ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර තිබුණි.
මේ හේතුවෙන් කාර්යාල නිම වී කොල්ලුපිටිය දුම්රිය ස්ථානය වෙත ගමන් ගන්නා සේවක සේවිකාවන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත.
සිසු සිසුවියෝ එම ස්ථානයේ රැදී සිටිමින් තවදුරටත් විරෝධතාවේ නිරත වෙමින් සිටිති.
මේ හේතුවෙන් ගාලු පාර කොල්ලුපිටිය මන්සංධියෙන් වසා දමා ඇති බව පොලිසිය පවසයි. අන්තර් විශ්ව විද්‍යාල ශෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර ද සිද්ධියේ දී තුවාල ලබා ඇත.
ඡායාරූප - ශාන්ත රත්නායක









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් කූඹියෝ ටෙලි නාටකයේ කොටසක්ද?
ඉතා හොඳ ක්‍රියාවක්.. කුහකයින්ට, අරගලයක් කළ යුත්තේ සාධාරණ ගැටලුවලටයි. පාරේ නටන විශ්ව විද්‍යාල අධ්‍යාපනය විනාශ කරන කුහකයින්ට අනුව මේවායේ උපාධි පිරිනමන්නේ සම්පුර්ණයෙන් නොමිලේ වෙන්න ඇති.. මොනවා වුණත් මේ අයතනවලින් පිටවන උපාධිධාරින් වැඩි ලෝකයේ ඉහළම තනතුරුවල.. කුහකයෝ වැඩි ප්‍රමාණයක් ඉන්නේ මේ අය යටතේ..
සයීටම් කඩේ නම වෙනස්කර වෙන කඩයක් දාන්න හදනවා. මෙහෙම මිනිස්සු අන්දන්න බෑ.
'මම පොලිසියට කියලා තියෙන්නේ මොනවත් නොකර ඉන්න කියලා' කවුදෝ ගිය සතිවල ටීවී එකේ කිව්වා! ඇත්තමයි
සුද්දාගෙන් නිදහස ලැබූ දා සිට මේ වනතුරුත් ලංකා පොලිසියේ රාජකාරිය වඩාත් සමීපවූයේ අළුගෝසු රැකියාවටයි. වසර 60 ගණනක් තිස්සේ ජනතාව හා සිසුන් පෙළමින් පොලිසිය ලත් අත්දැකීම දැන් පරපුරේ පොලිසියේ අයගේ ජානවලටත් ඇතුල් වෙලා වගේ. මිනිස් පරිණාමයේ වෙනම අත්තක් හැටියට ඔවුන් පරිණාමය වන බවයි පෙනෙන්නේ. ඔවුන්ට කිසිදාක ආපසු හැරී එන්න ලැබෙන්නේ නැහැ. ශිෂ්‍යයෝ හැමදාමත් ශිෂ්‍යයෝ නොවෙයි. දිනක ඔවුන් මැති ඇමති වරු නැතිනම් ජනාධිපති වෙන්නත් පුළුවන්. එතකොට මේ පොලිස් නිලධාරීන්ම උසස්වීමක් බලාපොරොත්තුවෙන් අතීත ශිෂ්‍යයන්ට සැලියුට් ගහන්නේ පෝලිමේ. මේක දෛවයේ සරදමක්.
අපේ දරුවන්ට ඉගෙන ගන්න නොදී බාධාකරන මේ තක්කඩි කණ්ඩායම ගෙදර යවන්නේ නැත්නම් අපේ දරුවන්ට හරියට ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ.
වයස හැට පනින කන් අරගල කර කර හිටපුදෙන්... දියුණු රටවල බුද්ධිමත් සිසුන් කම්කරු රැකියා කරමින් සරසවි ගාස්තු ගෙවා වයස 21 වෙනකොට උපාධිය සම්පූර්ණ කරනවා. මෙහෙ උදවිය අනුන්ගේ ඉගෙනීම නවත්වන්න වලි කමින් කාලය නාස්ති කරනවා.
අපිට ඕනෑ ගෝඨාභය රාජපක්ෂ වගේ පාලකයෙක්...
ඔළු ගෙඩි කුණු වෙලා ඉන්න මේ අයව නාවන වෙලාවේ, බුලට් ටිකක් තිබුනෙම නැද්ද අපේ ශ්‍රී ලංකා පොලිසියට? කොහෙද ඉතින් රටේ පාලකයෝත් රිලව් නටවන්න හරි දක්ෂයිනේ.
මෙයා පිටිපස්සේ අයට ඕනේ රටේ කැරැල්ලක් ඇති කරන්න.. රජය පෙරළන්න.
මේ සිසුන්ගෙන් 50%ක් පමණ අකැමැත්තෙන් මේ උද්ඝෝෂණවලට සහභාගී වන්නේ. සහභාගි වුණත් තෝ නසි... සහභාගී නොවුණත් තෝ නසි... කියන එක තමයි මෙතැන සිදුවන්නේ. සහභාගී වුණොත් කඳුළු ගෑස්, සහභාගී නොවුනොත් ජ්‍යෙෂ්ඨ සිසුන්ගෙන් දඩුවම්....
රිදෙන්න ගහන්න ඕනෑ හැමදාම පිස්සු කෙලිනවා. මේක හරියන මගුලන් නෙමෙයි.
මේවා පසුපස දේශපාලකයන් මෙහෙයවනවා... අනේ අපොයි රටකට ගිය කලක්....
ඔය 6 වැනි පින්තූරේ ඉන්නේ රැවුල, කොණ්ඩය වවාගෙන ඉන්නේ හාමුදුරු කෙනෙක් නොවේ... මෙයලා අපේ ජාතියට, ආගමට, රටට අනාගත පරම්පරාවට පිළිකාවකි.
මෙහෙම විනය විරෝධි, නීති විරෝධී වැඩකරමින් ජන ජිවිතයට බාධාකරමින් කඳුළු ගෑස් කන්නනම් විශ්ව විද්‍යාලයට නොවෙයි පසලකටවත් යන්න අවශ්‍ය නැත. ඔබ වෙනුවෙන් නාස්ති කරන එම මුදල් දුප්පතුන් හා රෝගීන් වෙනුවෙන් යොදන්න ඉඩහරින්න
විසිරුවා හැරීමේ බලය පොලිසියට සහ ත්‍රිවිද හමුදාවට සහ ගිනි නිවන හමුදාවට තිබිය යුතුයි .. මේක ලෝකේ හැම රටකම සාමාන්‍ය දෙයක් .
අපමණ අගයක් ඇති වෙනසක අරුමය.
වර්තමාන රටේ පවතිනමේ ඛේදවාචී තත්වය හා සැසදීමේදී, අතිගරු මහින්ද රාජපක්ෂ මැති තුමා වැනි යුද්ධයක් නිමාකල නායකයෙක් මේ රටට අවශ්‍ය බව තමයි අපට හැගී යන්නේ.
මෙවැනි අසමජ්ජාතින්ට.................. මෙහෙම නොවෙයි සලකන්න ඕනේ ?
තිස්ස දන්නවද කව්ද මේවා පසුපස ඉන්නේ කියලා? තිස්ස නිකන් අද ඊයේ ලංකාවට ඇවිල්ල වගේ.
බෙහෙත් නැහැ කීවම දොස්තරට බැනල ගිහින් සෞඛ්‍ය ඇමතිට මල්මාලා දාල කරේ තියාගෙන යන මිනිස්සු ඉන්න රටක මොන අරගලද , මුන්ට මොන විප්ලවද, සහෝදරය. කන්න බොන්න ටිකකට දරුවෝ බිරිඳත් මාරුකරයි .
වැඩේ කියන්නේ මේ හැම සයිටම් අරගලයකටම එවන්නේ කලා විෂය හදාරන කට්ටියව . අවසානයේ වෛද්‍ය සිසුන්හොම හරි උපාදිය සමත් වෙලා හොඳ රැකියාවල් හොයගනී , මේ ගොල්ලෝ හැමද අනාතයි................
මුන්ට ගහන්න ඕන අපි හැමදාම මහපාරේ රස්තියාදු වෙනවා රට විනාසයි