බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනියට බලපෑම් කර දණගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා නියෝග කළේය.
ඔහුට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප නියම විය.
දසනායක මහතා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ අද උදෑසන පොලිසියට භාර වීමෙන් පසුවය.
ඡායාරූප - ප්‍රසාද් රුක්මාල්





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගායකයාගේ බිරිඳට ඇප නෑ
සාමාන්‍ය මනුස්සයෙක් පොල් ගෙඩියක් හොරකම් කලත් ඇප දෙන්නේ නෑ. ලංකාවේ මිනිස්සු එකතුවෙලාම තමයි මේ ක්‍රමය වෙනස් කරන්න ඕන.
අනේ අපොයි. කවදා අහපු දේවල්ද දැන් සිද්ධ වෙන්නේ. ඕකටත් හොඳක් නම් කියන එකක් නෑ.
මේ තරම් අමනයෙක්ට හුරේ දාන්න ඉන්න සෙනග දැක්කහම අපි ගැනම කලකිරෙනවා... අපේ මී හරක්ට හිතන් ඉන්නේ තමන්ගේ සල්ලි හොරකන් කරපු මුන් වගේ උන් ලොකු වාහන වල ඇවිත් බෙහෙලා ඕන වැඩක් කරහම අපිටත් ආඩම්බරයි කියලා....
මොකද මෙච්චර සෙනඟ ? සපෝට් එකටද? නැත්නම් ඇතුලට දාපන් කියන්ටද?
පොලිසිය විරුද්ධ උනානම් ඇප ලැබෙන්නේ නෑ. ආයෙත් වතාවක් නීතිය නවලා වගේ. රටේ සියළුම ගුරුවරු පාරට බැහැලා ඉල්ලා අස්වී ගෙදර යනතුරු උද්ඝෝෂණය කළ යුතුයි.
මෙයා කිව්වා නේද ජනතා විමුක්ති පෙරමුණේ සමන්තට විරුද්ධව අපහාස නඩු පවරනවයි කියල.
මෙයාට තියෙන චෝදනා පොලිසිය හඳුනා ගෙන අඩංගුවට ගන්න ඕන බව තීරණය කරන්නත් පෙර පොලිසියට බාර උන කියන්නේ මෙතන මොකක් හෝ මගඩියක් තියෙනවා. මේක මිනිස්සු චුන් කරන්න ගහපු ගැටයක්. අර පොඩි දරුවෙක් බිම වැටිලා රිදිලා අඬන කොට අම්මල පොළොවට ගහල තවත් අපේ බබාට රිද්දවන්නේ හෙම එපා කියල දරුවා නලවගන්නේ, අන්න ඒ වගේ සෝබනයක් මේක.
හුරේ...බුරුවන්ට ජයෙන් ජයම වේවා.... මනුස්සයන්ට බංග වේවා...
මොකද මෙයා මෙච්චර සෙනඟ ගෙනත් .....
ඉස්සරහින් යන දොරටුපාලයවත් ඔයගමන්ම ඇතුලට දැම්මනම් හරි..................
බඩේ ප්‍රමාණයෙන් කියන්න පුළුවන් මද ආයු කෙනෙක් බව
අතේ පාඩුවෙලා ඔප්පුවෙලා තියෙද්දිත් තාමත් සැකකරුද?
දෙවෙනි ෆොටෝ එක දැක්කාම හිතුනේ අඹේවලින් පැනලා ඇවිල්ලා කියලා
මේ රට විකාරයක් වෙලා.. දේශපාලුවන්ට කඩේ යන මෝඩ මිනිස්සු දැක්කාම අපි කතාකරන ප්‍රෞඪ ඉතිහාසය මොකක්ද කියල හිතෙනවා. දැන් ඉන්න උගත් කියාගත්ත මිනිස්සු ඇත්තටම එහමද කියල අහන්න කියන්න කෙනෙක් නැද්ද..
මේ වැඩේ කලේ තමන්ගේ දරුවන්ගේ මොලය පාදන ගුරුවරයෙකුට කියලා හිතන්න පුළුවන් මිනිස්සු ඉන්නවානම් මේ රටට මේවගේ නස්පැත්තියක් වේවිද?
තනි ඇහැට ඇඩෙනවා.
නීති හදන බලධාරීන් මෙවැනි නීතියේ සිදුරු වැසීමට පියවර ගන්නේ නම් අගනේය.
දැන් මෙතුමා විත්තියට බලපෑම් කරන එකක් නැද්ද?
වටේ ඉන්න අය දකිනකොට එකක් ෂුවර්. ළඟදීම උසස්වීමක්! එක්කෙනෙකුට දුන්නනම් මෙයට නොදී ඉඳීවිද?
ඕවා ඔක්කොම ඇස්බැන්දුම් වැඩ.
අසංක ඔබ හරියටම හරි
ඇප පිට ඉන්න කෙනෙක්ට මහ ඇමතිකම දරන්න පුලුවන්ද ව්‍යවස්ථාව අනුව සහ රටේ නීතිය අනුව ?
මෙවන් දේවල් ඇහෙනකොට, උයා ගෙන කන්න අඹ ගෙඩි 3ක් කඩපු ආච්චිව මතක් වෙනවා. මේ දෙක අතරේ වෙනස කොහොමද?
ලංකාවට හරියන්නේ හමුදාමය පාලනයක්ම තමයි ..
හරිම දුකයි.
නිමල් ඇමතිතුමනි ඔබතුමා මේකට විරුද්ධ බව දනිමි. ඔබතුමාගේ ප්‍රතිචාරය නිහතමානීව ප්‍රකාශ කරන්න.
මොකද මෙච්චර සෙනඟ ? සපෝට් එකටද? නැත්නම් ඇතුලට දාන්න කියන්ටද? සපෝට් එකට සපෝට් එකට දෙසපාලුවෙකුට දඬුවම් දෙන්න ඉල්ලන මිනිස්සු ලංකාවේ ඉන්නවානම් මේ රට මෙහෙම වෙන්නේ නැත.
දයාබර ගුරු මෑණියනි ඔබ තුමිට ඔය වගේ දස මාර සේනාව නැතුවට ,අපේ රටේ ඔබ තුමිට ආදරය කරන බෝසත් ගුණ තියෙන මිනිස්සු ලක්ෂ ගණනක් ඔබ තුමී වටේ ඉන්නවා සත්තයි.