(ඩයනා උදයංගනී)
ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනයන්නේද නැද්ද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තීන්දුව ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසු ගන්නා බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක, විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
මැතිවරණ කාලසීමාවක් තුළ එවන් තීන්දු ගත නොහැකි බව කී අමාත්‍යවරයා එබැවින් එය මැතිවරණය අවසන් වන තුරු ප‍්‍රමාද කිරීමට පක්‍ෂය තීරණය කර ඇතැයි සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ලියවිල්ලක් අත්සන් කර ඇති නමුත් එය ලියාපදිංචි ගිවිසුමක් නොවන බව කී අමාත්‍යවරයා එබැවින් එහි නීත්‍යානුකූල පදනමක් නොමැති බව ද කීවේය.
එම ගිවිසුමේ ද කාලසීමාව මේ වන විට අවසන්ව ඇති බවත් ඒ පිළිබඳ පසුවිපරමක් කර එයින් බලාපොරොත්තු වූ ඉලක්ක ඉටුවී තිබේද නැතිනම් ඉදිරියේදී එම ඉලක්කයන් ළඟා කර ගත හැකිවේද යන්න ගැන පසුවිපරමක් කළ යුතු බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (29) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතට ඡන්ද මදි වුණාම එජාපයත් එක්ක අායෙත් එකතු වෙනවා. එ්කනේ ඔය නොකියා කියන්නේ අපි නොදන්නා ඡන්ද පොරොන්දු...
මෙහෙම අය එක්ක කොහොමද ආණ්ඩු කරන්නේ? මහින්ද කතාකළ එකතුවෙන්න ආණ්ඩුව දාලා එන්න කියලා, ආවේ නැහැ. සිරිසේන කියනවා 96 එකට ඉන්නවා නම් ආණ්ඩුවක් හදනවා කියලා... දාල එන්න කැමති නැහැ, 2020 වෙනකම්ම ඕක කරාවි..
පරාජිතයින්ට අපේක්ෂකයින්ට රැකියා දෙන්න පුළුවන්නම් ගිවිසුම් නැතත් කමක් නැහැ. සංස්ථාවක හරි වෙනත් ආයතනයකට රැකියාවක් දෙන්න පුළුවන්නම්...
ඒක හොඳයි. ඔබතුමාලා ඉතා උනන්දුවෙන් ජාතික ආණ්ඩුව පස්සෙන් පස්සට ගෙන යන තීන්දුව දැන් අරගෙන ක්‍රියාත්මක කරමින්නේ යන්නේ.... මැතිවරණයෙන් පස්සේ ඉදිරියට යන්න හිතුණු එක හොඳයි.
මොනවා උනත් හැමදාම කල වගේ රටට හෙන ගහල ගියත් ඔබලාගේ අනාගතයට සුභ ධයක තීරණයක් ඔබල ගන්න බව මට 100% ම විශ්වාසය
අපි කන්නේ බත්... තණකොළ නෙවෙයි.
පවතින්නේ සන්ධාන ආණ්ඩුවක් තමතමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනුව රට කරනවා මිසක ජාතික ප්‍රතිපත්තියකින් රට කරන්නේ නැහැනේ.. එලෙස පාලනය කරන නිසා ලැබිලා අවුරුද් 70ක් වෙලත් අපි ඉන්නේ අන්ත අසරණ දුප්පත්ව නේද?
පොහොට්ටුවත් එක්ක කොහොමද හදන්නේ ආණ්ඩු? පොහොට්ටුවේ ඉන්නේ දූෂිතයින් සහ හොරුන්නේ. ජනාධිපතිතුමනි, ජනතා විමුක්ති පෙරමුණ සමග එකතුවෙමු.
ජනතාවට ජාතික ආණ්ඩු එපා කියන එක ප්‍රකාශ කරන්නේ කොහොමද?
ලංකාවේ දේශපාලකයන් රටේ සම්පත් කොල්ල කන මංකොල්ලකාරී පිරිසක්.... හැම කෙනාම හොරු.. මේ තක්කඩියන් යවන්නේ කවද්ද? රටේ සාරය උරාබොන ලේ බයියන්. රටට හිතවත් ආදරය කරන පිරිසක් බිහිවන්නේ කවදාද?
ඔයා දේශපාලනයට ආදා සිට මෙතෙක් රටට කර ඇති සේවය හා ඔබ ඔබට හා ඔබේ පවුලට කරගෙන ඇති සේවය පිළිබඳ පසු විපරමක් අපගේ ජනතා රහස් ඔත්තු සේවය විසින් සොයා බලා තියෙනවා. ඒ අනුව අප තීරණය කර තිබෙනවා ඔබලා වැනි වැනි වැනි ඉන්නා ඇමතියන්ව සදහටම ගෙදර යවන්න.
ඒක ඉදිරියට නොයන තරමට ඔබතුමා කැමති බව අපි නොදන්නවා නොවේ. ඒකට හේතුත් අපි නොදන්නවා නොවේ.
ඡන්දෙ දෙන එක ඔබේ වැඩක්
මම නම් මෛත්‍රිපාල මහතාට ඡන්දය දුන්නේ සියළු ලාංකිකයන් හට නිර්පාක්ෂික ස්වාධීන වූ නායෙකු බලාපොරොත්තුවෙනුයි. එදා, අද සහ හෙටටත් අවශ්‍ය එවැනි රාජ්‍ය නායකයෙක්. රාජ්‍ය නායකයා වූ පසු පක්ෂ නායකකම වෙන කෙනෙකුට දිය යුතුයි. සුදුසු අය පැහැදිළිවම ඉන්නවා. එහෙම වූවානම් යන දවසක් සියළුම ලාංකිකයන් වඳියි. අනේ ඉතින් මම දුන්නු ඡන්දය!
දෙසැම්බර් 31 සිට ජාතික ආණ්ඩු ගිවිසුම අවලංගු නිසා ඇමති මණ්ඩලය 45 ක් විය යුතු බැවින් මේ අයගේ ඇමතිකම් නීති විරෝධී වේ .
ඒ උනාට ජනාධිපතිතුමා නම් කියන්නේ 96 ම එයත් එක්ක එකතුවෙනවානම් හෙට උනත් ආණ්ඩුවක් හදනවා කියල. මෙයා මේ නොකිය කියන්නේ, ඒ උදවියට එකට එකතුවෙන්න එපා කියල මම හිතන්නේ. එකනේ යු එන් පි එක්ක තවදුරටත් ආණ්ඩුව ගෙනියනවද කියන එක ඡන්දෙන් පස්සේ හිතනවා කියන්නේ.
අහන්න බැරිද විද්‍යා තාක්ෂණ ඇමති විදියට මොනවද මේ වනවිට කරලා තියෙන අලුත් ව්‍යාපෘති. මහජනතාවට ප්‍රයෝජනවත් අලුත් කාර්යන් මොනවද කියල. අපි කැමති ඒවගේ දේවල් දැනගන්න.
ඔව්, ඔව් තමන්ගේ පවුලේත් පරම්පරාවේත් ගෝල බාලයෝන්ගේත් බඩගෝස්තරේ රැකෙන්නේ හැමදාම පින් ඇමතිකම් කලොත්නේ.
දැන් අවුරුදු 40 ක් විතර ආණ්ඩුවල ඉදල ඇමතිකම් දරල රට ස්වයංපෝෂිත කරපු අයට හරි අමාරුයි මොකුත් නැතුව . තමන් මහන්සියෙන් ඉතුරු කරපු මුදලක් තියෙනවනම්, රට ණය බරෙන් නිදහස් වෙන්න සම්මාදම් වුනොත් නම් පින් සිද්ධවෙනවා .
ජාතීන් අතර සහජීවනේ වඩන්නෙ කොහොමද ප්‍රදාන දේශපාලන පක්ශ අතර රට නන්වන්න සහජීවනේ නැතුව.
මෙයා කොහොමද ජාතික ආණ්ඩුව ගැන කතාකරන්නේ.ජාතික ආණ්ඩුව හැදුවේ වෙන කට්ටියක්.