IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


අන්තරේ යළිත් සයිටම් සටනට

නිමල කොඩිතුවක්කු

සයිටම් ආයතනය අහෝසි කරන තෙක් රටපුරා අඛණ්ඩ විරෝධතාවයක්  සිදුකිරීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තීරණය කළ බවත් ලබන 25 වැනිදා කොළඹ නගරය ඉලක්ක කරගනිමින් එම විරෝධතා පාගමන ආරම්භ කරන බවත්  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා අද (22) පැවසීය.
 
කතරගම ප‍්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීම ඇතුලූ යහපාලන ආණ්ඩුව දිගින් දිගටම සිදුකරන මර්දනකාරී වැඩපිලිවලට එරෙහිව සෑම විශ්ව විද්‍යාලයක් ඉදිරිපිටම උද්ඝෝෂණ ක‍්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද ඔහු කියා සිටියේය.
 
කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පිහිටි ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමයේ පැවති මාධ්‍ය හමුවකට අද පස්වරුවේ එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  ළහිරු වීරසේකර මහතා මෙසේද කීය.
 
       ‘‘යහපාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදය  ගැන කථා කරන්න තමයි ආණ්ඩුව ආවේ. ආණ්ඩුව ආපු වෙලාවේ ඉදන්  කළේ බහුතරයක් ජනතාවගේ ඉල්ලීමට  පයින් ගහපු එක. රැකියා දස ලක්ෂයක්  දෙනවා කියලා තමයි මේ ආණ්ඩුව පටන් ගත්තේ. අදත් රැකියා විරහිත උපාධිධාරීන් මහ පාරේ උද්ඝෝෂණයේ නිරත වනවා.
 
නෙවිල් ප‍්‍රනාන්දුගේ අයිතියෙන්  සයිටම් එක අයින් කරන එක තමයි  මෙතන වෙන්නේ.  ඒකේ  වත්කම් ඔක්කොම ගන්නවා ස්ලිට් එකට. ඊට පස්සේ අලූත් අධ්‍යක්ෂක මණ්ඩලයත් එක්ක සෙට් එකක්  එකතුවෙලා මේ අධ්‍යාපනය විකුණන වැඬේ කරනවා.
 
සයිටම් වලට එරෙහිව අපි මේ සතිය තුළ වෛද්‍ය පීඨ ශිෂ්‍ය  දෙමව්පිය සංගමයත් , අන්තර් විශ්ව විද්‍යාල ශිෂය බළ මණ්ඩලයත් , අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු  බළ මණ්ඩලයත් , වෛද්‍ය  පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවත් අනෙකුත් විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය  ශිෂ්‍යාවන් ඒකාබද්ධ කරගත් දැවැන්ත විරෝධතාවයකට යනවා. ලබන 25 වනදා කොළඹදී දැවැන්ත පා ගමනක් සිදුකරමින් මෙම අරගලය ආරම්භ කරනවා.‘‘



අදහස් (9)

අන්තරේ යළිත් සයිටම් සටනට

විජේවීර Monday, 22 January 2018 01:42 PM

සයිටම් අහෝසි කලා කියලා හුරේ දාලා ජයත් සැමරුවා නේද? මොකද මේ ආයෙත්?

:       6       2720

බද්රානි Monday, 22 January 2018 01:49 PM

මේ රට හදන්න නම් මේ සමාජ විෂබීජ සමාජයෙන් තුරන් කර දැමිය යුතුයි. රටේ ජනතාවගේ මුදල් වලින් මේ වගේ අයට පිනට ඉගැන්වීම මනුෂ්‍යත්වයට කරන ද්‍රෝහී කමක්. අඥානයින්ට අවශ්‍ය ලෙස රටක් පාලනය කලොත් එය මෝඩ අශිෂ්ඨයින්ගේ නිජබිමක් වීම හැර වෙනස් දෙයක් සිදු නොවේ.

:       910       2618

kasun Monday, 22 January 2018 01:49 PM

රටේ ප්‍රශ්නෙකට කවදාවත් එලියට බහින්නේ නැති කට්ටියක්. තමන්ගේ බඩට වදින දෙයක්නම් උඩ පැනගෙන එයි. ඔය ගමන්ම ප්‍රමිතියක් නැති පෞද්ගලික රෝහලුත් වහන්න කියල ඉල්ලන්නකෝ බලන්න. ඒවාට සද්දයක් නෑ

:       82       343

Saranapala Monday, 22 January 2018 01:53 PM

අන්තරේ අයටත් ස්ට්‍රයික් කරනවා මිසක් වෙන වැඩක් නැතුව වගේ.

:       13       162

nimal Monday, 22 January 2018 03:51 PM

ඔච්චරම අධ්‍යාපනය රකින්න ඕනිනම් ගුරුවරු දන ගස්සන රටේ ඒවටත් විරුද්ධව පාරට බහින්නකෝ

:       0       262

රවිඳු Monday, 22 January 2018 05:21 PM

මේ උන්මන්තකයින්ට අවශ්‍ය කරන්නේ, විනාශ කරන්න මිස, ගොඩ නගන්න නොවේ..

:       52       117

hesa Monday, 22 January 2018 10:30 PM

ඔය මොකුත් නෙමෙයි පළාත් පාලන ඡන්දයට පෙර රට අයෙත් ආපස්සට අදින්න කරන උප්පරවැට්ටියක්. අන්තරේ පිටුපසින් ඉන්න අය බයයි පැරදෙන බව දැනෙන කොට. රජය දැන්වත් තදින් තීරණයක් ගන්න වෙනවා.

:       0       0

indika Tuesday, 23 January 2018 03:20 AM

හිරේ දාන්න ජනතාවට කරදර කරනවා කියල. පාලනයටත් කොන්ද පන නැහැනේ මේ වගේ දෙයක් කරන්න. රට හදන්න නෙවේ සේරටම උවමනා බලය තියා ගන්න.

:       0       4

Perakum Tuesday, 23 January 2018 04:51 AM

පාලකයින්ට කොන්දක් තියනවනම් අපට අද මෙහෙම වෙන්නේ නැහැනේ. උන්ට ඕන කොහොමහරි බලයේ ඉන්න පමණයි.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාඨලීගේ පෙත්සම විසි වෙයි
2025 මැයි මස 09 11 0

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ


‘‘ඉන්දු පකිස්ථාන ගැටුම්වලට අපේ ගුවන බෑ‘‘
2025 මැයි මස 09 26 0

ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය


රැකියා අවස්ථා නංවන්න ලෝක බැංකුවෙන් සහාය
2025 මැයි මස 09 10 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පාකිස්තාන ප්‍රහාරයකින් ඉන්දියානුවන් 16ක් මරුට
2025 මැයි මස 09 108 0

පාකිස්තාන හමුදා ජම්මු හා කාශ්මීර් පාලන රේඛාවට යාබදව තිබෙන ඉන්දියානු ගම්මානයට දරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවත් ඉන් සිවිල් වැසියන් 16 ක් මියගොස්


දැරිය පැහැර ගන්න හැදු සැකකරු රඳවාගන්න අවසර
2025 මැයි මස 09 25 0

කොළඹ ප්‍රසිද්ධ පාසලක් අසලදී දැරියක් පැහැරගෙන යාමට තැත් කළේ යැයි අත්අඩංගුවට පත් සැකකරු පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත


මාස හතරට ඝාතන 29ක්
2025 මැයි මස 09 24 0

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගම මෙම වසරේ මේ දක්වා දිවයින පුරා සිදු වූ වෙඩිතැබීම් 43 කින් 29 ක් ඝාතනයට ලක්ව ඇතැය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1210 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 301 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1335 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site