නිමල කොඩිතුවක්කු
සයිටම් ආයතනය අහෝසි කරන තෙක් රටපුරා අඛණ්ඩ විරෝධතාවයක් සිදුකිරීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තීරණය කළ බවත් ලබන 25 වැනිදා කොළඹ නගරය ඉලක්ක කරගනිමින් එම විරෝධතා පාගමන ආරම්භ කරන බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා අද (22) පැවසීය.
කතරගම ප‍්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීම ඇතුලූ යහපාලන ආණ්ඩුව දිගින් දිගටම සිදුකරන මර්දනකාරී වැඩපිලිවලට එරෙහිව සෑම විශ්ව විද්‍යාලයක් ඉදිරිපිටම උද්ඝෝෂණ ක‍්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද ඔහු කියා සිටියේය.
කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පිහිටි ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමයේ පැවති මාධ්‍ය හමුවකට අද පස්වරුවේ එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ළහිරු වීරසේකර මහතා මෙසේද කීය.
‘‘යහපාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කථා කරන්න තමයි ආණ්ඩුව ආවේ. ආණ්ඩුව ආපු වෙලාවේ ඉදන් කළේ බහුතරයක් ජනතාවගේ ඉල්ලීමට පයින් ගහපු එක. රැකියා දස ලක්ෂයක් දෙනවා කියලා තමයි මේ ආණ්ඩුව පටන් ගත්තේ. අදත් රැකියා විරහිත උපාධිධාරීන් මහ පාරේ උද්ඝෝෂණයේ නිරත වනවා.
නෙවිල් ප‍්‍රනාන්දුගේ අයිතියෙන් සයිටම් එක අයින් කරන එක තමයි මෙතන වෙන්නේ. ඒකේ වත්කම් ඔක්කොම ගන්නවා ස්ලිට් එකට. ඊට පස්සේ අලූත් අධ්‍යක්ෂක මණ්ඩලයත් එක්ක සෙට් එකක් එකතුවෙලා මේ අධ්‍යාපනය විකුණන වැඬේ කරනවා.
සයිටම් වලට එරෙහිව අපි මේ සතිය තුළ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමයත් , අන්තර් විශ්ව විද්‍යාල ශිෂය බළ මණ්ඩලයත් , අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බළ මණ්ඩලයත් , වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවත් අනෙකුත් විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒකාබද්ධ කරගත් දැවැන්ත විරෝධතාවයකට යනවා. ලබන 25 වනදා කොළඹදී දැවැන්ත පා ගමනක් සිදුකරමින් මෙම අරගලය ආරම්භ කරනවා.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සයිටම් අහෝසි කලා කියලා හුරේ දාලා ජයත් සැමරුවා නේද? මොකද මේ ආයෙත්?
මේ රට හදන්න නම් මේ සමාජ විෂබීජ සමාජයෙන් තුරන් කර දැමිය යුතුයි. රටේ ජනතාවගේ මුදල් වලින් මේ වගේ අයට පිනට ඉගැන්වීම මනුෂ්‍යත්වයට කරන ද්‍රෝහී කමක්. අඥානයින්ට අවශ්‍ය ලෙස රටක් පාලනය කලොත් එය මෝඩ අශිෂ්ඨයින්ගේ නිජබිමක් වීම හැර වෙනස් දෙයක් සිදු නොවේ.
රටේ ප්‍රශ්නෙකට කවදාවත් එලියට බහින්නේ නැති කට්ටියක්. තමන්ගේ බඩට වදින දෙයක්නම් උඩ පැනගෙන එයි. ඔය ගමන්ම ප්‍රමිතියක් නැති පෞද්ගලික රෝහලුත් වහන්න කියල ඉල්ලන්නකෝ බලන්න. ඒවාට සද්දයක් නෑ
අන්තරේ අයටත් ස්ට්‍රයික් කරනවා මිසක් වෙන වැඩක් නැතුව වගේ.
ඔච්චරම අධ්‍යාපනය රකින්න ඕනිනම් ගුරුවරු දන ගස්සන රටේ ඒවටත් විරුද්ධව පාරට බහින්නකෝ
මේ උන්මන්තකයින්ට අවශ්‍ය කරන්නේ, විනාශ කරන්න මිස, ගොඩ නගන්න නොවේ..
ඔය මොකුත් නෙමෙයි පළාත් පාලන ඡන්දයට පෙර රට අයෙත් ආපස්සට අදින්න කරන උප්පරවැට්ටියක්. අන්තරේ පිටුපසින් ඉන්න අය බයයි පැරදෙන බව දැනෙන කොට. රජය දැන්වත් තදින් තීරණයක් ගන්න වෙනවා.
හිරේ දාන්න ජනතාවට කරදර කරනවා කියල. පාලනයටත් කොන්ද පන නැහැනේ මේ වගේ දෙයක් කරන්න. රට හදන්න නෙවේ සේරටම උවමනා බලය තියා ගන්න.
පාලකයින්ට කොන්දක් තියනවනම් අපට අද මෙහෙම වෙන්නේ නැහැනේ. උන්ට ඕන කොහොමහරි බලයේ ඉන්න පමණයි.