තරිදු ජයවර්ධන
සන්ඩේ ලිඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ගල්කිස්ස පොලිසියේ එවකට සිටි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අද (1) රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කළ පරීක්ෂණ වලදී සොයා ගත් ඇතැම් සාක්කි මෙම පොලිස් පරික්ෂකවරයා විසින් වසන් කරනු ලැබ ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම ඝාතනයට අදාල ප්‍රබල සාක්කි කිහිපයක් මෙම සැකකරු පොලිසියේ ජ්‍යෙෂ්ඨම නිලධාරීන් කිහිප දෙනෙකුට නීත්‍යානුකුල නොවන ලෙස ලබාදී ඇති බව පරික්ෂණ වලින් අනාවරණය වී යැයි රහස් පොලිසිය පවසයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශයෙන් සැකකරු අද (1) අත්අඩංගුවට ගන්නා විට ඔහු පොලිස් සේවයෙන් විශ්‍රාම ගෙන සිටි බව රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.
සැකකාර පොලිස් පරික්ෂකවරයා හෙට (2) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සේනවිරත්න, නියෝජ්‍ය පොලිස්පති සුගත් නාගහමුල්ල යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ සහකාර පොලිස් අධිකාරි ඩී.එස් තිසේරා මහත්වරුන්ගේ උපදෙස් පරිදි සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හ්ම් ..! ඒකත් එහෙමද. එහෙමවත් ගිහින් මොකක් හරි පොටක් පාදා ගන්න පුළුවන් වුනොත් ලොකු දෙයක්.
ඡන්දෙ ළගයිනෙ. ඒකයි.
අඳුරු උමගේ ඈතකින් යාන්තමින් එළියක් පෙනවද එහෙමත් නැතිනම් මිරිගුවක්ද ?? අනේ මන්දා !!!
තාම පොඩි අයව තමයි පෙන්නන්නේ. මේවට අණ දීපු අය තාම නිදැල්ලේ.
මේවා තමයි යහපාලනයේ නියම ස්වරුපය. මොනවටද මිනිස්සුන්ව මේ තරම්ම අන්දවන්න හදන්නේ ඇයි මේ අය හිතන්නේ මේ රටේ මිනිස්සුන්ට තියෙන්නේ රගර් ක්‍රීඩකයාගේ මරණය, ලසන්ත ඝාතනය, හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රජා අයිතිය වගේ ප්‍රශ්න විතරයි කියලද, මොවුන් එහෙම හිතුවා වුනත් ඇත්තටම අද මේ රටේ මිනිස්සු ඉන්නේ ජීවිත්වීම කියන කාරණාව ගැන දැඩි පීඩනයකින්. මිනිස්සු හතර අතේ ණය වෙලා. එහෙම නැති මිනිස්සු බොහොම අමාරුවෙන් ජාමේ බේරාගෙන පවුල නඩත්තු කරන්නේ. ජීවන වියදම දරන්න බැහැ. මේ කිසිම දේකට විසදුමක් නොදෙන පාලකයින් මැරිච්ච මිනිස්සු මළේ කොහොමද හොයනවා. ඒවා ජාතික ප්‍රශ්න කරවනවා. මෙහෙව් රටක අපි ජීවත් වෙන්නේ ඇයි.
අපට තිබෙන්නේ කාලයට ඉඩදී නිවැරදිව පරීක්ෂණ කිරීමට උදවු කිරීම පමණි.