මීළඟ ජනාධිපතිවරණයට තරඟ කරනාවාද නැත්ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බවත් ජීවත් වන තුරා දේශපාලනය කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මීළඟ ජනාධිපතිවරණයට තරඟ කරනාවාද නැත්ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බවත් ජීවත් වන තුරා දේශපාලනය කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නෑ....එන්න ! ඔබතුමා ආවත් හරවල යවන්න යහපාලන බලාපොරොත්තු සුන් උන අපි ලෑස්තියි!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ පාර 2/3 බලයක් ගන්න බව ඒකාන්තයි. බණ්ඩාරනායක මහත්තය අපට ඔබ තුළින් දර්ශනය වේ. තෙරුවන් සරණයි ජනපතිතුමනි...................
වඳින්නම් හොරු අවීචි නරකාදියට එනකම් එහෙට ගිහින් දේසපාලනය කරන්න. මෙහෙ අයෙත් ඉල්ලන්න එපා
හොඳ අදහසක්. නමුත් ඔබතුමා මහින්දට කියන්නේ දේශපාලනය නොකර ගෙදරට වෙලා ඉන්ඩ කියලනේ. දැන් ඔබතුමාට තේරෙනවා ඇති දේශපාලනය කරපු මිනිහෙකුට දේශපාලනය නොකර ඉන්ඩ බැහැ කියලා.
එනවද නැද්ද කියන එක අපිට අදාලම නැහැ.
ඔබ තුමා තවම තීරණ කරලා නැති උනාට අපිනම් දන්නාවා ඔබ තුමා එන බව.
මෙයා සිරිසේන නෙමේ , බයිලා සේන......................
අම්මෝ එහෙම හිතන්නවත් එපා! නැත්තම් මට මගේම නොවන මගේම ජනාධිපතිකමක් තිබුනයි, මට රට කරන්න, ශක්තියයි අවසරයි ඉල්ල ඉල්ල තවත් අවුරුදු පහක් ඉන්නකොට අපිටයි රටටයි හොඳටම අවසර වෙලා තියෙයි.
අනේ ....වදින්නම් අයෙත් එන්න. මොකද අපි බලාගෙන සිටින්නේ වාඩුව ගන්න.
විශිෂ්ඨ තීරණයක් ජනාධිපතිතුමනි!!!! සොභිත හිමියන් අපේක්ෂා කළේ ඔබ තුමන් වැනි නායකයෙක්......මේ රමේ ජනාධිපති වීමයි............2040 වන තුරු ජනාධිපති ඔබයි...................
එනවනම් කම්බා හොරු ටික හිරේ දාලම එන්න , නැත්නම් ඇපත් රාජසන්තක වේවි!!!!!!
ආයේ මොනාද හිතන්නේ....................ඔයා එදා කිව්වේ ආයිත් එන්නේ නෑ කියලානේ.................
ඔබ එන්න................ ඔබ ඇවිත් යන්න එන්න................ අපි මඟ බලාගෙන..............
ඔබ තුමා ප්‍රාදේශීය සභා මැතිවරණය බලලම තීරණ ගන්නකො . ඔබතුම සුදුසු වන්නේ අනුශාසක ධුරයකට මිසක් ජනපති පුටුවට නෙමෙයි .ජනමාධ්‍ය නොමැති කාලේ ඔබ ජනපති වෙලා හිටියනම් රටට මාර වැඩේ වෙන්නේ. මොකද රටේ වෙන දේ ඔබත් දන්නේ පත්තරෙන් නේ...................
බණ්ඩාරනායක මහත්තය හිටියනම් අද ඉන්න ශ්‍රී ලංකා අයටදෙන්නේ කනට-- ඒ නිසා එතුමාට අගෞරව කරන්න එපා !!
මොලේ විකල් !!
ඔබතුම දළදා මැදුර ගාව ගිහින් කිවුව නේද දෙවෙනි පාර ඉල්ලන්නේ නැහැ කියල. දැන් රහ වැටිලා නේද.?
මොහු මේ වගේ බල තණ්හා මිනිහෙක් කියලා හිතුණෙම නෑ. විශ්වාස භංගයක් හරි ගෙනැල්ලා මෙන්න මේ මනුස්සයව ගෙදර යවන්න. අපේ සල්ලි ටිකක් හරි ඉතුරු වෙයි.
මුලදි කිව්වෙ ඉල්ලන්නෙ එක පාරයි කියලා. ආයෙ ආවත් හිටපු කෙනාට වුනදේම තමයි.
ගත්තේ බලය නැවතත් මම නොඑමි කියා... දැන් දැන් රසය හොදහැටි මා දන්න නිසා.. නොකියා කියමි නැවතත් මම එනව කියා...
ආයේනම් එන්න එපා...
මහින්දට ඉන්න සෙනග දැකල දැන්නම් හොඳටම බය වෙලා.
62 ලක්ෂයක් රැවට්ටුවා. පසුගිය තුන් වසර බලපුවහම , පරාදවුනේ මහින්ද මහතා නොවේ, මුළු රටම ජාතියම අද පරාදවෙලා.
සෝභිත හාමුදුරුවන්ගේ දේහය ඉස්සරහ, දළදා මාලිගාව ඉස්සරහ පොරොන්දු උන දේවල් අමතකවෙලා නේද ?
හිතේ ඇති එන්න, ඔන්න බලල මල්ලෙන් එලියට පැන්නා...
ඔබතුමා නැවත අවොත් පරාද වෙනවම තමයි. එහෙම පැරදිල යනවට වැදා වැදගත් නේද අවුරුදු පහෙන් යනඑක.
බුදු අම්මෝ ආයෙත් නම් එන්ඩ එපෝ . අපි ඉල්ලගෙන කාපු පරිප්පුව හොදටම ඇති
එන්න අපිත් එනකන් තමා බලන් ඉන්නේ .ඇපත් නැතිකරලා තමා ගෙදර යවන්නේ.
ඔබතුමා එන්න. හොරුන්ට දඬුවම් දී එන්න. හොරුන්ට හොඳම විකල්පය එයයි..
ආවොත් අනිවාර්ය ආපහු හැරවුමක් තියන නිසාද? නැතිනම් බාරගත්තු කොන්ත්‍රාත්තුවේ කාලය අවසන් නිසා ද? එහෙමත් නැතිනම් මහජන අනුකම්පාව මැතිවරණයට ආයොජනයක් කර ගන්නද? ඒ කොහොම වුණත් පෙබරවාරි 11 සවස වනවිට ස්ථිර තීරණයක් ලබාදේවි.
එන්න, එන්න ඔබතුමාට වෙන්නේ මහරජාට වඩා කුජීත වෙලා ගෙදර යන්න.. යූ.එන්.පී අපේක්ෂකයාට ඡන්දෙ දෙන්න පරම්පරාගත යූ.එන්.පී කාරයෝ ටික ඉන්නවා. පොහොට්ටුවට ඡන්දෙ දෙන්න මහරජාගෙන් ප්‍රයෝජන ගත්ත ගමේ මිනිස්සු ඉන්නවා. ඔබතුමා හැට දෙලක්ෂයක් ජනතාව රවටලා බලයට ආවට කවුරුවත් නැහැ. ඔබතුමා දන්නවා ඔය තනතුර නැති දවසට ඔබතුමාට බල්ලෙක්වත් නැහැ කියලා...
ආයිමත් එන්න අාසයි වගේ යූ.එන්.පී ඡන්ද නම් සොරි ...ශ්‍රී ලංකා ඡන්දත් එහෙමද..?
අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්...
හොරු සෙට් එක හිරේ දාලා ඡන්දෙට එන්න..ජය නියතයි !
ආවට වැඩක් නැහැ. මොකද දැන් ඔයා රජ ගෙදර කවටයා {අන්දරේ} වෙලා ඉවරයි. රකිත නෝනා ඔයා කියන බණ්ඩාරනායක ප්‍රතිපත්තිය මෙයා ගාව තියෙනවා නම් ඒක තමයි මෙයත් ඔයත් කියන "නිරුවත" වහ ගැනීමේ ඇත්ත..
ජනාධිපතිතුමා අවංකයි. නමුත් එතුමාගේ සමහර හොඳ තීරණ ක්‍රියාත්මක කරන්න පවතින තත්වය අනුව අමාරුයි. ඊට හේතුව එතුමා බලයට ආවෙ විවිධ මති මතාන්තර තියන සුළු ජාතීන්ගේ ඡන්ද වලින් වීමයි. උදා : ජනාධිපතිතුමා හරක් මරණවට විරුද්ධයි. නමුත් කොහොමද තහනම් කරන්නේ. බහුතර මුස්ලිම් ජනතාව කැමති වෙන්නෙ නෑනෙ ඒකට.
ඔබතුමා නැවතත් එනවද නැද්ද කියලා තීරණය කරන්නේ මහජනතාවයි. ඔබතුමාට නැවතත් එන්න ඕනේ නම් දෙපැත්තේම ඉන්න මහ හොරු ටික ජීවිතාන්තය දක්වා මහ උළු ගෙදරට යවලා ඉන්න. නැත්නම් හොරුත් එක්ක එකතුවෙලා ඉන්නේ තවත් හොරෙක් කියලා මහජනතාව ඔබතුමාවත් අනිවාර්යයෙන්ම අරයා වගෙ ගෙදර යවාවි.
ඔව් ඔව් ප්‍රාදේශීය සබා මැතිවරණයේ ප්‍රතිපල බලල නිදහස් පක්ෂයේ සභාපති කමේ ඉන්නවද කියල මුලින් තීරණය කරන්නකෝ...
අර මෛත්‍රි පාලනය කියන ඡන්දෙට කලින් ජනතාවට දුන්න පොරොන්දු වලින් 80% ලබන ජනාධිපතිවරණයට කලින් ඉෂ්ට කරලා ජනතාවට පෙන්නුවොත් ඔබට දිනන්න පුළුවන් එහෙම නොකර මලගෙවල්, මගුල් ගෙවල්වල යමින් මුකුත්ම නොකර කාලය ගත කළොත් ඔබ පරාදයි.
ඔබතුමා තීරණය නොකලට අපි තීරණය කරලා ඉවරයි ඔබතුමාට ආපහු ඡන්දෙ දෙන්නේ නෑ කියලා...
මහත්තයෝ ලැජ්ජාවක් නැතිව මේ දාලා තියෙන කොමෙන්ට්ස් බලලා තීරණයක් ගන්න අාපහු ඉල්ලනවද? නැතිද කියලා. ඉල්ලුවොත් සොරිම තමයි හොඳේ...
මහින්ද මහත්තයා පැරදුණු දාට පහුවදා ඉඳලා රටේ මිනිස්සු මැදමුලනට ගියේ එතුමාව බලන්නයි. ඔබතුමා පැරදුනොත් දුමින්දවත් එන එකක් නැහැ... පොළොන්නරුවට ඔබතුමා බලන්න. එදාට ඔබතුමාට තේරුම් ගන්න පුළුවන් අවස්ථාවාදී දේශපාලකයෝ කවුද කියලා...
ශ්‍රී දළදා වහන්සේගේ දෙපතුල යට හිටගෙන පොරොන්දු වුනේ මේ මගේ මුල්ම හා අවසාන වාරය කියලා නේද?... විළිලැජ්ජයි!..
අපෙත් කරුමයක් තියනවා නම්... ඒක ගෙවලා ඉවර කරන්නම එපායැ...
ආයේ නාවත් කම් නෑ ඉතින්...!!!
ඒ කියන්නේ රටේ කරුමේ තාම ගෙවිලා නැද්ද? රට නැති වුණාමද ඒක ගෙවන්නේ?
ජනතාවගේ හා රටේ ප්‍රශ්න විසඳන්න කියලා ජනතාව එකතුවෙලා නායකයෙක් පත් කළා. බලාගෙන ගියාම ජනතාවට වඩා නායකයට ප්‍රශ්නනේ කයිවාරු ගැහුවට, "ගහපු බෙරේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ" කියලා තමයි අපිට නම් කියන්න තියෙන්නේ? බෙරේ තාලෙට මහපාරවල්වල නටන රිලා නැටුම්වල නම් විශාල වර්ධනයක් අපි දුටුවා මේ ටික කාලේ...
ඒකට කාරී නෑ මහත්තයෝ අපි නම් ආවොත් කරන්න ඕන දේ දැනටම තීරණය කරලයි තියෙන්නේ.
එතකොට එදා අර දළදා වහන්සේ ඉස්සරහ කිව්වේ බොරුද..? කමක් නෑ... ඔහොම යංකෝ.. බලමු කවුද හරි කියලා.
ඔබ මගේ ගමේ. ඔබ බොරුවට රජරට පුතෙක් වෙන්න එපා. ඔබ දැන් දෙපාරක් කිව්වා නේද ආයේ ඉල්ලන්නෙ නැහැ කියලා. දැන් කතා කරන්නේ කොහොමද? හැමකෙනාම බොරු කාරයෝ. ඒ අයට ඡන්දෙ දෙන අයටයි ගහන්න ඕනේ.
ඔය කතාවට සිංහල උපහැරණයකින් කියනාවානම් කියන්නේ මූද හත්ගව්වක් තියා අමුඩේ ගහනවයි කියලා. තව අවරුදු දෙකාක් තිබෙනවානේ. බදු බර හැරෙන්නට රටේ කිසිම දෙයක් වෙනස්වන්න නතුව ඉතිරි අවුරුදු 2 යනබව අපි දන්නවා. නමුත් ස්වාබාවදර්මයා කරන අනිකුත් වෙනස් කිරීම් වලට භාජනය වුනොත්.
අපි අලියට තමයි... එහෙත් හොරුන්ට ඡන්දෙ දීමෙන් වැලකී සිටිය යුතුයි.
ඔබ මේ රටේ ජනාධිපතිවරයා වූයේ එජාපයේ, පාවෙන ඡන්ද දායකයන්ගේ, සුළු ජාතීන්ගේ හා ඒකාධිපති නායකත්වය එපාවූ ශ්‍රීලනිප සාමාජිකයන් අතලොස්සකගේ ඡන්දයෙන්. ඔවුන් ඔබට ඡන්දය දුන්නේ නිර්පාක්ෂික ජනාධිපතිවරයකු ලෙස ඓතිහාසික කාර්යයක් ඉටුකර විධායක ජනාධිපති ධුරය අහෝසි කර රටේ නැවත ජනාධිපතිවරණ නොතබා ගෞරවනීය නායකයකු ලෙස ඉතිහාසයට එක් වීමට මිස ඔබ හැරදා ආ පක්ෂයේ නායකත්වය ගෙන නැවත ජනාධිපතිවරණ තබන්නට හා ඒවාට ඉදිරිපත් වන්නට නොවේ. නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු වූ ඔබ බලය ලැබුණු පසු ඔබ හැරදා ආ පක්ෂය කර උඩ තබා ගත්තාට, පක්ෂයකින් තරග කර බලය ලබාගැනීමෙන් පසු "මම දැන් මුළු රටේ ජනතාවගේම නායකයාය. ඒ නිසා මට පක්ෂයක් නැත" යයි පවසා සිය පක්ෂයෙන් ඉල්ලා අස්වී නිර්පාක්ෂික ජනාධිපතිවරුන් බවට පත්වූ ලෝක නායකයන් පිලිබඳ උදාහරණ ඇත. ඉතිහාසය ඔබට පැවරූ සුවිශේෂ කාර්යය ඉටු නොකර ඔබ නැවත ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නේ නම් එජාප ඡන්ද කොහොමටත් නොලැබෙන අතර පාවෙන ඡන්ද දායකයන්ගේ, සුළු ජාතීන්ගේ හා ශ්‍රීලනිප පාක්ෂිකයන් වැඩි පිරිසකගේ ඡන්දත් ඔබට නොලැබෙනු ඇත. එ්නිසා ජනාධිපතිතුමනි මේ මොහොතේ ඔබ කළ යුතු ඉතිහාසය ඔබට පැවරූ කාර්යය ඉටු කිරීමයි.
මම දැනට අවුරුදු 5කට ඉස්සර ගෙයක් හැදුවා. ඒ ගේ එක විදිහකට නෑ. තට්ටු 2ක ගෙයක් වුණාට කවදාවත් ඉස්සරහින් පේන්නෑ තට්ටු දෙකක් කියලා. පිටිපස්ස තමයි වෙන ගේක ඉස්සරහ වගේ ලස්සනට හදලා තියෙන්නේ... හැම ජනේලයක්, දොරක්ම එක එක ඩිසයින් වලින් තියෙන්නේ... කොන්ක්‍රීට් කණු පවා එකිනෙකට වෙනස්. මුළු ගෙයි බිත්ති ඔක්කොටම ගෑවේ කළු තීන්ත ජනෙල් උළුවහු වලට ගෑවේ සුදු තීන්ත.. මම හිතන්නෑ ලංකාවේවත් මේ වගේ ගෙයක් ඇති කියල මම මේක හදන කාලෙ මට මිනිස්සු අනන්තවත් බැන්නා. උඹට පිස්සු කිව්වා.. ගොඩක් දේවල් කිව්වා. තැන නොතැන බලලා ... මම වෙනසකට කැමති නිසා මම ඒවා ගණන් ගත්තේ නෑ. අද ඒ එදා මට සමච්චල් කරපු බැනපු හුඟ දෙනෙක් කියනවා මගේ උත්සාහය සාර්ථකයි. මගේ ගේ විශිෂ්ඨ නිමාණයක්.... මාර ලස්සනක් කියලා.. ඒවත් මේ උදාහරණය වගේමයි.
ඔබතුමා ආපහු ඉල්ලනවට වඩා ගෙදර ගිය දවසට සැනසිල්ලේ ඉන්නේ කොහොමද කියලා කල්පනා කළොත් නරකද?
" මෙයත් කියනකොට එහෙමයි ...කරනකොට.. මෙහෙමයි ...
ඔබතුමාට හොඳම නළුවාට හිමි සම්මානය ලැබෙන්න ඕනෑ කෙනෙක්. ප්‍රේමවන්තයා, දුෂ්ඨයා, පමණක් නොවෙයි විකට චරිතයට පවා මෙතුමා හපනෙක්... ද කොහෙද? අපටත් වැරදිලා චිත්‍රපටි සම්මාන උළෙලට දාන්න ඕනා ඡන්දෙ ජනාධිපති මැතිවරණයට දැම්මනේ.
බදු එපා ජනාධිපතිතුමනි, ප්‍රායෝගික වැඩේ පෙන්නන්න. කතාවක් තියෙනවනේ බුරන බල්ලා හපන්නේ නැහැ කියලා.. ඔබතුමා කරන්න ඕනෑකම තිබුණා නම් මෙච්චර කල් ඉන්න ඕනේ නැහැ. අවුරුද්දක් ඕනෑ තරම් ඇති...
මේ මොනවද කියන්නේ? එන්න කලින් මොනවද කිව්වේ? මේ කොහෙද යන්නේ? අරයා ගිය පාරෙමයි. බුදු සරණයි !!!
තව අවරුදු දෙකකින් ජනාධිපතිවරණයක් තබල , අර විජේතුංග ජනාධිපතිතුමා කලා වගේ දේශපාලනයෙන් විශ්‍රාම ඇරන් ගෙදර ගියොත් කිසිම අවනම්බුවක් නැතුව ජිවත් වෙන්න පුළුවන් , නැත්නම් අර කුරුණෑගල මන්ත්‍රී තුමා වගේ පන්සල්වල රස්තියාදු වෙමින් හැරමිටියෙන් යනතුරු පාර්ලිමේන්තු එන්න පුළුවන් . ඔබතුමා සහ විජේතුංග ජනාධිපති තුමා වැනි කෘතීම ජනධිපති වරුන්ගෙන්(අනුන්ගේ කරපිටින් ජනාධිපති වුන පුද්ගලයන්ට ) රටට වැඩක් කරන්න අමරුය .
අන්තෝ ජටා .... බහි ජටා ... තමයි නේද ? ඔබතුමා 2015 ජනවරමින් පසු නිර්පාක්ෂිකව ඉඳගෙන , එදා ජනතාව හා වැදගත් ස්ථානවලදී ප්‍රභූන් ඉදිරියේ පොරොන්දු වූ පරිදී , අභීතව හා නොවක්ව ජනතා අභිලාෂයන් ඉෂ්ට සිද්ධ කළා නම් මේ වගේ දෙගිඩියාවකට පත්වන්නේ නැති බව පැහැදිලියි. එසේ වූවා නම් රටේ භාරකාරත්වය සඳහා දෙවැනි වරකටත් ඔබතුමන් පිළිබඳව ජනතාව තුල බලවත් ඉල්ලුමක් ඇතිවන බවත් පැහැදිලියි.
ආයේ නාවත් කම් නැ ඉතින් .......
ඔන්න ඔය එන්න අනේ මේක අම්මට සිරි අපට නොසිරි සිරි ලංකාව
සිරිසේන මහත්තය ඔබ හොද වැඩ ටිකයි කරේ ...මම ඔබගේ නායකත්වයට කැමති නෑ.. තරහ වෙන්න එපා...මම ඔබ තුමාට චන්දයනම් දෙන්නේ නෑ...
බණ්ඩාරනායක හෝ කාගෙවත් ප්‍රතිපත්ති මට නම් අවශ්‍ය නැ.තම ප්‍රතිපත්ති අදට ගැලපෙන ලෙස සකසා ගන්න.මහා පරිමාණයේ හොරු අල්ලනවා කියලා චන්දෙ ලබා ගන්න හදනවා.චෝදනා එල්ල කර අපව සනසන්න එපා. පසුගිය වසර පහක් තුල නොකළ දේවල් මීලග වාරයේ ක්‍රියාත්මක කරන බව කියමන පුහු, හිස් පොරොන්දුවක්.
අනේ මෙහෙම තණ්හාවක්ක්...
මෙයා ආණ්ඩුව හැදුවේ තමන්ට ඕන විදිහට නීති විරෝදී ලෙස . ආණ්ඩුවේ ලොක්කා මෙයා . ජනතාව ප්‍රතික්ෂේප කර චන්දෙන් ගෙදර යවපු අයව ආණ්ඩුවේ ඇමතිවරු කලේ මෙයා. අර්ජුන් මහේන්ද්‍රන් ගේ පත්වීමේ ලිපියට හා සියලු කැබිනට් ඇමතිවරුන්ගේ පත්වීමේ ලිපි වලට අත්සන් කලෙත් මෙයා . එහෙනම් රටේ අහිංසක ජනතාවගෙ මහජන මුදල් මංකොල්ල කන්න ඉඩ දුන්නේ මෙයා . ජනතාව මංකොල්ල කන්න ඉඩ දීලා ජනතාවට බදු ගැහුවෙත් මෙයාගේ ආණ්ඩුව.
ඇත්තට ඔය කටින්ද කතා කරන්නේ? විධායක ජනාධිපතිකම නැතිකරලා ගෙදර යනවා කියල නේද ආවේ?
අනේ වදින්නම් අප්පා... ආයේ නම් එන්න එපා.. මගේ රටට මේ කොරපු හරිය මදැයි.
ඔබ එන්න ... ඇවිදින් ඇණගෙන යන්න.
අපිත් නැවත ගන්නවාද කියලා තීරණය කරලා නැත මොකද වැඩ පෙන්වන්න තව අවුරුදු 2 ඔබට තිබෙන නිසා
මට නම් විශ්වාසයි... ඔබතුමා දේශපාලන වාර්තාවක් තියලාම ගෙදර යනවා කියලා. ඒ තමයි ලංකාවේ ජනාධිපති ලෙස දෙවනවර ඡන්දය ඉල්ලලා පැරදුණු ප්‍රථමයා වීම....
ලංකාවේ දේශපාලනයේ කිසිම වෙනසක් මේ වනතුරුත් සිදුවෙලා නැහැ පැරණි ක්‍රමයම තමයි. සුදුසුකම් තිබෙන අයට කිසිම සාධාරණයක් නැහැ. ලංකාවේ දේශපාලනය ගැන කණගාටු වෙනවා .
මුරකරු රස්සාවක් තියෙනවා. ඕනේම නම් ඉල්ලුම් කරලා බලන්න...