තරිඳු ජයවර්ධන
බදුල්ල, දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ආර්.බවානි මහත්මිය දණ ගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණය සඳහා පෙනී සිටින ලෙස ශ්‍රී ලංකා මානව හිම්කම් කොමිෂන් සභාව ඌව අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල ඇතුලු පිරිසකට සිතාසි නිකුත් කළේය.
හෙට උදේ 10ට එලෙස කැඳවා ඇත්තේ ඌව අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රත්නායක, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ රණසිංහ , බදුල්ල පොලිස් ස්ථානාධිපති පළාත් සභා සේවකයින් තිදෙනෙකි.
වින්දිත පුද්ගලයා ලෙස විදුහල්පතිනියට ද, පැමිණිලි කරුවන් ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සහ කැෆේ සංවිධානයේ කීර්ති තෙන්නකෝන්ද මානව හිමිකම් කොමිසමට කැඳවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දන්නේ පත්තරේ පලවෙන වාර්තාව විතරයි.
මේ අධම ක්‍රියාව යට ගැසීමට තවත් කාන්තාවන් තිදෙනෙක්ම හවුල් වීම මුළු කාන්තා සංහතියටම නින්දාවක්. මේ නින්ඳිත ක්‍රියාව රටට හෙළිකළ ජ.වි.පෙ. සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීතුමන්ට සමස්ත ගුරු, සිසු පරපුරේම උපහාරය හිමි විය යුතුයි. මෙහි සාක්කි දීම සඳහා එතුමා කැඳවිය යුතුයි.
ජාති භේදයකින් තොරව මේවැනි නොසන්ඩාල වැඩ කරන අදමයන් ට මහා පාරේදී ගල් ගසා නිරුවතින් ඇවිද්දවිය යුතය.
කොන්ද පන ඇති රාජ්‍ය සේවකයින් ඇතිකිරීම කාලයේ අවශ්‍ය තාවයකි. හැබැයි අපට ඒ බව කියා දුන්නේ අපේ පාසල් සහ රාජ කාරී කළ දෙපාර්තමේන්තුවයි. තවමත් එම දෙපාර්තමේන්තුව සහ අපට පුහුණුව දුන් ඒ නිලදාරීන් ගැන ආඩම්බරයෙන් කතා කල හැක. අපි හරිදේ කතා කොරන්න දෙපර්රත්මෙන්තු ලොක්කාටවත් බය වුනේ නැත. නමුත් අද ඒ දෙපර්ර්තමේන්තු බල්ලට ගිහිල්ලය. නිලදාරීන් දේසපාළුවන් ළඟ දනින් වැටීම ඒ කාලේ අපි කීවේ ඔච්චමටය නමුත් අද ඇස්පනාපිටම දකින්නෙමි.
සමන්ත විද්‍යාරත්න කියන්නේ සැබෑ මහත්තයෙක් ! එත් දුප්පත් අසරණ ජනතාව වෙනුවෙන් හඬ නැගුවත් - මොන කැපවීම කරත් චන්දෙදි උවේ හූරන් උඩින්ම මනාප පොජ්ජ ගැහුවේ වල් අලින්ටයි - බුලත් හපයන්ටයි ! සමන්තගේම වචනයෙන් කියනවනම් ජනතා විමුක්ති පෙරමුණට වැඩිකර ඉන්නේ චන්දදායකයෝ නෙවෙයි... කතාව අහල අත්පුඩි ගහන විසිල් ගහන සෙසු පක්ෂවලට අක්මුල් බැහැල තියෙන මෝඩ ප්‍රේක්ෂකයෝ ! සැබෑ බුද්ධිමතුන් නිහඬව හිටියත් මෙවැනි උගතුන්ට මහත්වරුන්ට තමන්ගේ චන්දය දෙනවා බෙර ගහන්නේ නැතුව ! එත් වැඩි චන්ද බරක් තියෙන්නේ අපත මෝඩයන්ට !