තරිඳු ජයවර්ධන
බදුල්ල, දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ආර්.බවානි මහත්මිය දණ ගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණය සඳහා පෙනී සිටින ලෙස ශ්‍රී ලංකා මානව හිම්කම් කොමිෂන් සභාව ඌව අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල ඇතුලු පිරිසකට සිතාසි නිකුත් කළේය.
හෙට උදේ 10ට එලෙස කැඳවා ඇත්තේ ඌව අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රත්නායක, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ රණසිංහ , බදුල්ල පොලිස් ස්ථානාධිපති පළාත් සභා සේවකයින් තිදෙනෙකි.
වින්දිත පුද්ගලයා ලෙස විදුහල්පතිනියට ද, පැමිණිලි කරුවන් ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සහ කැෆේ සංවිධානයේ කීර්ති තෙන්නකෝන්ද මානව හිමිකම් කොමිසමට කැඳවා ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.