ඌව මහඇමති චාමර සම්පත් දසනායක මහතා සිය පළාත් අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් තාවකාලිකව ඉවත් වන බව ප්‍රකාශ කර ඇත.
විදුහල්පතිනියක දණගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙන පරීක්ෂණ සඳහා සහයෝගය දීමට තමා තනතුරෙන් ඉවත් වන බව මහඇමතිවරයා කියා සිටී.
ඌව මහඇමති චාමර සම්පත් දසනායක මහතා සිය පළාත් අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් තාවකාලිකව ඉවත් වන බව ප්‍රකාශ කර ඇත.
විදුහල්පතිනියක දණගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙන පරීක්ෂණ සඳහා සහයෝගය දීමට තමා තනතුරෙන් ඉවත් වන බව මහඇමතිවරයා කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කරලා වීරයෝ වගේ අයින් වෙන්නේ. පුදුම රටක්.
තාවකාලික නෙවෙයි සදාකාලික ව මේවගේ අය ගෙදර යවන්න ඕන.. අපේ මෝඩ මිනිස්සු ඉන්නකල් රට හදන්න බැ.. මුන් දන්නවා මිනිසුන්ව ගොනාට අන්දන්න.. දැන් පේනවනේ රටට වෙලා තියන දේ ..
ඌව මහ ඇමතිකම තියාගෙන පළාත් මහ ඇමතිකමනේ අස් උණාට බලතල අඩුනොවන බව අපි නම් දන්නවා..................අයින් වෙන්න ඕන මහ ඇමතිකමින් නේද?
බලනකොට උගත් අගමැතිට වඩා නූගත් යැයි කියන මහ ඇමති හොඳයිනෙ අනේ..................
අධ්‍යාපන ඇමති ධූරයෙන් පමණක් නොවේ. මහ ඇමති ධූරයෙනුත් ඉවත් විය යුතුයි. කාන්තා හිංසනය සම්බන්ධයෙන් වහාම අත් අඩංගුවට ගත යුතුයි.
මේ පුත්තලම් බුරුවා සදහාටම දේශපාලනයෙන් ඉවත් කලානම් තමා හොඳ.
මහ ඇමති කිව්වේ ජ.වි.පෙ. සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීතුමා බොරුවට අපහාස කරනවා. කීර්තිනාමය විනාශ කළා කියලාට මිලියන 500ක් වන්ඳි ඉල්ලලා නඩු දානවා කියලා. නඩු කෙසේ වෙතත් දැන් එයාට රෙද්දක් ඇඳගෙන පාරට බහින්න බැරි වෙනවා. ආයිත් වතාවක් සමන්ත මන්ත්‍රීතුමාගෙන් කෑවා අමතක නොවෙන පරිප්පුවක්.
මෙවැනි අම්බරුවන්ට ඡන්දය දී වැඩිම මනාපයෙන් පත්කර හරින්නේ අපේ රටේ උගත් බුද්ධිමත් ඡන්දදායකයොම තමා සරත්. අපි අපි ගැනම ලැජ්ජා වෙන්න ඕන.
අම්මෙක්ගේ අගේ දන්නේ අම්මාගෙන් කිරි බීපු එකෙක්. ගුරුතුමියක්ගේ අගය දන්නේ ගුරුතුමියකගෙන් අකුරක් ඉගෙනගත් එකෙක්. වැස්සකටවත් ඉස්කෝලේ නොගිය කෙනෙක් කොහොමද පළාත් අධ්‍යාපන ඇමත් උනේ. මේ නින්ඳිත ක්රියාව රටට හෙළිකළ ජ.වි.පෙ. සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීතුමනි, ඔබට සමස්ත ගුරු, සිසු පරපුරේම උපහාරය හිමි විය යුතුයි.
කරුණාකර ලංකාවේ සිටින සියලුම අධ්‍යාපන ඇමතිවරුන්ගේ අධ්‍යාපන මට්ටම හා අනිකුත් සුදුසුකම් මහජන හිත සුව පිණිස පලකරන්න.
මෙයාව ගෙදර යවන්නේ කවදාද ?
ඇයි තාවකාලිකව, සියලුම දේවලින් වහාම ඉවත් විය යුතුයි.
විළි ලැජ්ජා නැති රන්ල්ට මේක හොඳ ආදර්ශයක්...............
තාවකාලිකව නම් ඒවත් උනේ බලය පාවිච්චි කොරන්න පුලුවන්නේ.
නුගෙතුකට ඇමතිකමක් දෙනවා කියන්නේ වදුරට දැලි පිහියක් දුන්න වගේ වැඩක්, අධ්‍යාපන ඇමතිකම වගේ තනතුරක් දරන්නා නිසි අධ්‍යාපනයක් ලැබුවෙකු විය යුතුයි .
අධ්‍යාපන ඇමති කම දෙන්න ඕනේ අධ්‍යාපනයක් තියෙන එකෙකුට. පළාත් සභාවට ගොබ්බයො දැම්මහම රටම ගොබ්බ වෙනවා.................
මහ ඇමැති කමින් ඉවත් විය යුතු නොවේද? මේ වගේ කුජීත වැඩ කරන අයට රැකවරණය දුන්න ගිය ආණ්ඩුවට වූ දේ දැක දැක මේ ආණ්ඩුව මෙහෙම කරන්නේ අසරණ කමටද?
දැන් ඉතින් හතර වටේම පෝස්ටර් ගහවි බය නැති මහ ඇමති කියලා...
අම්මේ මේ හාරතගේ තිබෙන පිං පාට....
රනිල්ට පමණක් නොව මහින්ද ඇතුළු කණ්ඩායමත් හොඳ ආදර්ශයක් මහ්තයෝ!!!!!!!!!! දැන් ප්‍රජාතන්ත්‍රවාදය ඉගෙන ගන්න. ෆොට්ටු ලින්කගේ කාලේ මෙහෙම තිබුණද. තවමත් බලන්ලෝභය.
රනිල්ට පමණක් නොව මහින්ද ඇතුළු කණ්ඩායමත් හොඳ ආදර්ශයක් මහ්තයෝ. දැන් ප්‍රජාතන්ත්‍රවාදය ඉගෙන ගන්න.ෆොට්ටු ලින්කගේ කාලේ මෙහෙම තිබුනද.
වැස්සකටවත් ස්කෝලේ නොගිය අය කරන වැඩ...
මෙයා නම් බැරිවීමකින්වත් ඉස්කෝලේ ගේට්ටුව ගාවවත් ඉඳලා නැති කෙනෙක්...
ඡන්ද අපේක්ෂකයන්ට රජයේ රෝහලකින් වෛද්‍ය සහතිකයක් (මානසික සහ ශාරීරික) ගැනීම අනිවාර්ය කළයුතු බවට මැතිවරණ පනතෙහි නීති සංශෝධනය කරන දේශප්‍රිය මහත්තයගේ අවධානය යොමුවේවා...
ඉස්සර දේශපාලඥයින් ඇතැමෙක් උගත්කමින් අඩුවුණත් ආගමික හා සංස්කෘතික තත්ත්වයන් පරිදි හොඳ නරක, වැරැද්ද නිවැරැද්ද තෝරා බේරාගෙන මන්ත්‍රීකම්, ඇමතිකම්, අගමැතිකම් හා ජනාධිපතිකම් දැරුවා. නමුත් මේ වගේ ඔළුවයි, ඇඟයි උදුම්මාගෙන අමන විදිහට කාන්තාවන්ගේ ආත්ම ගරුත්වය කෙලෙසුවේ නැත. සල්ලි තිබෙන කෙනාටද, කසිප්පුකාරයාටද, තැබෑරුම්කාරයාටද , කුඩුකාරයාටද, ස්ත්‍රී ධූර්තකයාටද? නැතිනම් උගත්කෙනාටද? අඩුම මට්ටමේ ප්‍රාදේශීය සභා නියෝජිතකමක් හෝ දිය යුත්තේ කියා මහජනතාවත්, දේශපාලන බලධාරිනුත් දැන්වත් අවබෝධයෙන් තීරණය කලයුතුයි. පළාත් සභා ඇමැතිකමක්, ප්‍රා.ස. සභාපතිකමක් දෙනවාය කියන්නේ රාජ්‍ය සේවයේ නියුතු නොයෙක් තනතුරු හා බලතල ඇති පිරිසක් තම අණසකට යටත් කිරීමක්.... එසේවූ එකේ සෙසු සහ වෙනත් ඇමැති තනතුරු බේරාගෙන චෝදනාවට අදාළ තනතුරින් පමණක් ඉවත්වන මෙවැනි පාදඩ වැඩ කරන තනතුරු පෙරේතයින්, මහජනතාව විසින් පත්කරන ලද නිසා ප.ස.මන්ත්‍රීකමට පමණක් සීමා කළ යුතුය. මහඇමැතිකමේ මෙයා තියාගන්නවා කියන්නේ ඒ යටතේ රාජ්‍ය සේවයේ නියුතු, තමන්ට වඩා උගත්, උසස් අය මානසික පීඩනයකට පත් කිරීමක්... මේ මහඇමැති තනතුරට උගත් සුදුස්සෙකු ඇත්තෙම නැතිද?
ගුරුතුමියට හිංසා නොකළ කිව්වා මහාඇමතිද ඉල්ලා අස්වුනේ?
කරුණාකර මහා ඇමති තනතුරු, අධ්‍යාපන ඇමති තනතුරු වැනි තනතුරු සඳහාවත් අවම අධ්‍යාපන සුදුසුකමක් නීති ගත කරන්න. නැත්නම් රටේ අනාගතයම විනාශයි. හිතලා බලන්න අට පාස් නැති කෙනෙකුගෙන් කොහොමද? අපි බලාපොරොත්තු වෙන්නේ පළාතක අධ්‍යාපනය හෝ වෙන යම් දෙයකට අවශ්‍ය ඉදිරි තීන්දු තීරණ ගන්න. සැලසුම් සකස් කරන්න. හරියට මේක ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වගේ වැඩක්නේ.. ඉදිරියට නාමයෝජනා පත්‍ර ඉදිරිපත් කරනකොට අඩුම තරමෙන් 60% වත් අපොස සාමාන්‍ය පෙළ සමත් සහ 20 % උසස්පෙළ සමතුන් සිටීම අනිවාර්යය කරන්න.
අපක්ෂපාතී පරීක්ෂණයකට මහඇමැතිකමින් ඉල්ලා අස්විය යුතුයි.
නුවන් මහත්මයාගේ තර්කය " හුඟක් උගත් අයට මිනිස්සු එක්ක වැඩ කරන්න බැහැ " මම පිළිගන්නේ නැහැ. අපොස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත් වෙන පුද්ගලයන්ගේ මොලය අවුල් වෙනවද? උදාහරණයක් ලෙස ජර්මනිය ගත්තොත් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිලාගෙන් 60%ක් විතර උපාධියක් තිබෙනවා. 20%ක් විතර ආචාර්ය උපාධියක් තිබෙනවා. අගමැති ඇන්ජිල් මෙර්කල්ට රසායන විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධියක් තිබෙනවා. හිටපු අගමැති ගර්හාර්ඩ් නීතිය පිළිබඳ ආචාර්ය උපාධියක් තිබෙනවා. ප්‍රංශයේ අගමැතිට උපාධියක් තිබෙනවා. පොලිසියට කොස්තාපල් කෙනෙකු ලෙස බැඳෙන්නත්, ග්‍රාමසේවක කෙනෙක් වෙන්නත් අධ්‍යාපන සුදුසුකම්, චරිත සහතික අවශ්‍ය වෙනවා නම් පළාතක් පාලනය කරන දේශපාලකයෙකුට අධ්‍යාපන සුදුසුකම් අත්‍යවශ්‍ය වෙන්න ඕනේ බවයි මගේ අදහස... මේ රට හැමදාම දුප්පත් වෙන්න ප්‍රධානම හේතුවක් වන්නේ නූගත් පුද්ගලයන් දේශපාලනයට එ්මයි.
පළාත්සභා, ප්‍රාදේශීය සභාවලට ගොඩක් පක්ෂ වලින් ඉදිරිපත් කරන නාමයෝජනා පත්‍රවල සිටින්නේ වැඩි හරියක් අපොස සාපෙළ වත් සමත් නැති අපේක්ෂකයන් ... නමුත් ජවිපෙ ඉදිරිපත් කරන නාමයෝජනා පත්‍රවල අනික් පක්ෂ සමග සන්සන්ධනය කරන කොට විශාල ප්‍රමාණයක් අපොස සාපෙළ සමතුන් ඉන්නවා... පාර්ලිමේන්තුවේ ඔවුන් තර්ක කරන ආකාරය දැක්කාම වෙනස පෙනෙනවා.
කාන්තා හිංසනය සම්බන්ධයෙන් වහාම අත්අඩංගුවට ගත යුතුයි. දේශපාලනය කිරීම සඳහා ඒ මට්ටමින් වහාම අවම අධ්‍යාපන සුදුසුකම් නීතිගත කලයුතුයි. සුදුසුකම් බලපාන රටේ සියලුම රජයේ නිලධාරීන් හා තනතුරු පාලනයට අවම අධ්‍යාපන සුදුසුකම් හෝ පරීක්ෂාවකින් තොරව දේශපාලකයින් පත්වීමේ මේ ක්‍රමය වහා වෙනස් විය යුතු නොවේද?
ද සිල්වා බර්ලින්, ඔබ හරියට හරි. දේශපාලනයට පිවිසෙන්න අවම අධ්‍යාපන සුදුසුකම් නිර්දේශ කල යුතුයි. එය කලයුත්තේද දැනට සිටින දේශපාලන අම්බරුවන් විසින්ම නිසා එය මේ රටේ කිසිදා සිදු නොවේ. මැතිවරණ කොමිසමට මේ ගැන ක්‍රියා කල නොහැකිද?
අයින් කරලම දාන්න ඕනේ මේ වගේ ඇමතිවරු... ඕනෙම නැහැ. රටට ඕනේ හොඳ අය මිසක් මේ වගේ අය නෙවෙයි.
මේ අයව සදහටම තනතුරෙන් අයින්කල යුතුයි.
ගිය ආණ්ඩු කාලේ වුණා නම්, ටීචර් ඉවරයි.. මට මමම ගහ ගත්ත කියන්න වෙයි.
බලාගෙන ගියහම ලංකාවේ අපි පාරවල් වලට බැහැලා උද්ඝෝෂණ කරන්නේ සුළු දේවල්වලට අපිට වෙලා තිබෙන ලොකුම හෙනය උගත්කමක් නැති මැරයන් දේශපාලනයට ගොස් රට පාලනය කිරීමයි. කරුණාකර ප්‍රාදේශීය සභා, පළාත් සභා, පර්ලිමේන්තුවලට නාමයෝජනා ඉදිරිපත් කරනකොට නාමයෝජනා පත්‍රයේ සිටින 60% අවම වශයෙන් අපොස සාමාන්‍ය පෙලවත් සමත් පුද්ගලයන් විය යුතු බවට නීති වෙනස් කරන ලෙස ඉල්ලලා උද්ඝෝෂණය කරමු. එහෙම වුණාම කැමති කෙනෙකුට ඔවුන්ට ඡන්දෙ දෙන්න පුළුවන්... දැන් අපි ප්‍රාදේශීය සභා ඡන්දෙට ඡන්දෙ දෙන්න ගියහම ඉන්න ඔක්කොම අධ්‍යාපනයක් නැති රස්තියාදුකාර මැරයෝ... ගොඩක් වෙලාවට මිනිස්සු මේ ගොල්ලන්ට ඡන්දෙ දෙන්නේ දෙන්න කෙනෙක් නැති කමටයි...
වැස්සකට තියා වඩේ විකුණන්නවත් ඉස්කෝලේ ගේට්ටුවක් ලඟටවත් ගිය නැති මිනිහෙක් කොහොමද ගුරුවරුන්ගේ අගය දන්නේ?
මොකක්ද අනේ ඔය කියන වැඩේ කතාව, මටනම් නොතේරේ, කව්රු හරි ඕකේ අග මුල කියන්නකෝ දන්නා කෙනෙක්. නොදන්නා කමට අහන්නේ . තරහ වෙන්න එපා