(අමල් වික්‍රමරත්න සහ දයාරත්න ඇඹෝගම)
තැපැල් ජන්දය සලකුණු කළ ආකාරය ජංගම දුරකතනයෙන් ජායාරුප සහ වීඩියෝගතකර මුහුණු පොතට දැමු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
තැපැල් ජන්ද ප්‍රකාශ කිරීමේදී මේ ආකාරයට නිතීවිරෝධී ලෙස කටයුතු කර ඇත්තේ කොළඹ ,මොනරාගල,රත්නපුර සහ වවුනියාව ප්‍රදේශයේ තැපැල් ජන්ද මධ්‍යස්ථාන හතරකදී බව දේශප්‍රිය මහතා කියයි.
අත්අඩංගුවට පත් පුද්ගලයන් මැතිවරණ නීතියට පටහැනිව අනියම් අන්දමින් කරන ලද බලපෑම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ නීති ප්‍රතිපාදන යටතේ සහ පොලිසිය මගින් පරීක්ෂණ කරන බව ඒ මහතා පැවසීය.
මීට අමතරව තැපැල් ජන්දය භාවිතා කර එම ජන්ද පත්‍රිකාව ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කරන ලද බව කියන පාසල් ගුරුවරයකු හොරොව්පොතාන අධ්‍යාපන කලාප කාර්යාලයේ ජන්ද මධ්‍යස්ථානයේදි අත් අඩංගුවට ගත් බව කැබිතිගොල්ලැව පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.