(අමල් වික්‍රමරත්න සහ දයාරත්න ඇඹෝගම)
තැපැල් ජන්දය සලකුණු කළ ආකාරය ජංගම දුරකතනයෙන් ජායාරුප සහ වීඩියෝගතකර මුහුණු පොතට දැමු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
තැපැල් ජන්ද ප්‍රකාශ කිරීමේදී මේ ආකාරයට නිතීවිරෝධී ලෙස කටයුතු කර ඇත්තේ කොළඹ ,මොනරාගල,රත්නපුර සහ වවුනියාව ප්‍රදේශයේ තැපැල් ජන්ද මධ්‍යස්ථාන හතරකදී බව දේශප්‍රිය මහතා කියයි.
අත්අඩංගුවට පත් පුද්ගලයන් මැතිවරණ නීතියට පටහැනිව අනියම් අන්දමින් කරන ලද බලපෑම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ නීති ප්‍රතිපාදන යටතේ සහ පොලිසිය මගින් පරීක්ෂණ කරන බව ඒ මහතා පැවසීය.
මීට අමතරව තැපැල් ජන්දය භාවිතා කර එම ජන්ද පත්‍රිකාව ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කරන ලද බව කියන පාසල් ගුරුවරයකු හොරොව්පොතාන අධ්‍යාපන කලාප කාර්යාලයේ ජන්ද මධ්‍යස්ථානයේදි අත් අඩංගුවට ගත් බව කැබිතිගොල්ලැව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ. ඕන එකයි එපා එකයි ඔක්කොම වීඩියෝ හරි සෙල්ෆි හරි කරලා දාන එක දැන් සෙල්ලමක් කරගෙන. නීතියට ගරු කරන්නෙත් නෑ
හොඳ වැඩේ. ඕන එකයි එපා එකයි ඔක්කොම වීඩියෝ හරි සෙල්ෆි හරි කරලා දාන එක දැන් සෙල්ලමක් කරගෙන. නීතියට ගරු කරන්නෙත් නෑ.....................
මොලේ නැති රාජ්‍ය සේවකයෝ
දේශපාලන පිස්සෝ....................
ඡන්ද මධ්‍යස්ථානයකට කැමරා සහ ෆෝන් ගෙන යන්න එපා. කොහේවත් තියෙන බාල්දි ඇගට පෙරලෙයි.
මොකක්ද එ්කේ ඇති වැරැද්ද? තමන් දාපු ඡන්දෙ තමන්නේ පෙන්නන්නේ. හොරඡන්ද දාන හැටි නෙවෙයි.
රුචි ඒකේ වැරද්ද තමයි ප්‍රජාතන්ත්‍රවාදයට අනුව තමන්ගේ ඡන්දය රහසක් විය යුතු වීම. තමන් දාපු ඡන්දය පෙන්වන්නේ පෞද්ගලික වාසි බලාගෙන. හැබයි අපේ රටේ එවුන් තමන්ගේ ගෙවල්වලගහලා තියෙන ඒවයින් උන් ඡන්දෙ දෙන්නේ කිටද කියලා හොයන්න පුළුවන්.
අනුන්ට කඩේ යනවට හොඳ වැඩේ.
තමන්ගේ ජන්දේ තමන්දාපු හැටි තමන්ට ප්‍රකාශ කරන්නවත් මේ රටේ දැන් අහිංසක ජනතාවට ඉඩක් නැහැ. ඔක්කොම අහිංසක ජනතාවට විරුද්දව තමයි පොලිසියේත් වැඩ. හරියට නිකන් මහා අපරාදයක් කරලා වගේ. ඔය පාර්ට් බැඳුම්කර හොරුන්ට නම් නැහැ
හැම මගුලම දානවා... හොඳ වැඩේ..