බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය දණ ගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා සහභාගී වීම අවිනිශ්චිත බව ඒ මහතාගේ පාර්ශ්වයෙන් දැනගන්නට තිබේ.
මේ ගැන විමසීමට මහඇමැතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඔහු දේශපාලන රැස්වීමකට සහභාගී වී ඇති නිසා අද රාත්‍රී 11 පමණ වනතුරු මහඇමැතිවරයා සම්බන්ධ කිරීමට නොහැකි බව දුරකතනයට ප්‍රතිචාර දැක්වූ තැනැත්තා පැවසීය.
මහ ඇමැතිවරයා හෙට මහියංගනයේ සහ තවත් ස්ථානයක පැවැත්වෙන රැස්වීමට යන බව ප්‍රකාශ කළ මුත් ඔහු මානව හිමිකම් කොමිෂන් සභාවට යන බවත් ගැන නොදන්නා බව එම ප්‍රකාශකයා කීවේය. මහ ඇමැතිවරයා වෙනුවෙන් නීතීඥවරයකු කොමිසමට යවන බව ඔහුගේ පාර්ශ්වයේ තවත් පුද්ගලයෙක් පැවසීය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කියනුයේ ඔහු නොපැමිණෙන බවට කළ දැනුම් දීම ප්‍රතික්ෂේප කළ ඔහු අනිවාර්යෙන් කැඳවීමේ ලිපිය යොමු කර ඇති බවයි. හෙට උදේ 9.30ට මානව හිමිකම් කොමිෂන් සභාවේ කොළඹ ප්‍රධාන කාර්යාලයට පැමිණෙන ලෙස ඔහුගේ නමට සිතාසි යොමු කර ඇති බැවින් මහ ඇමැතිවරයා අනිවාර්යෙන්ම පැමිණිය යුතු බව මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙන් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ම ඔහොම නං, බලය ලැබුනොත් කොහොමට හිටීවිද?
යන්තම් පාස් අපේ මහ ඇමතිට කවුරුහරි සිතාසිය කියවා තේරුම් කර දුන්නේ නැත්නම් මොනවා වෙයිද?
අපේ හිටපු තුමාම බලයේ සිටියා නම් ඔය එක එක කොමිසම් වලට යන්නෙත් නැහැ. ඔලුව නමන්නේත් නැහැ. මට ඕනෑ දේ මං කරලා, ඔවුනුත් දණගස්සවලා, හොඳ පාඩමකුත් උගන්වන්න තිබුණා.... මගේම නරක වෙලාව...!
මේ මහා ඇමතිය හිතන් ඉන්නෙ රජකම ලැබුන කියල එච්චරම උදච්ච මිනිහෙක්.මෙය මෙහෙම ලොකුකම පෙනන්නත් හේතුවක් ඇති.නැත්තම් කවුද මේ පිනට කකා ඉන්න බහිරවයන්ව ගණන් ගන්නෙ.
මෙම ප්‍රවර්තියෙ "ඌව මහ ඇමැති දෙලොවක් අතර" යන්න වෙනස් විය යුතුය . මොකද මේ අම්බරුවන්ට ලෝක දෙකක් නැත. තිබෙන්නේ "තිරිසන් ලෝකය" පමණි .එබැවින් මෙම මාතෘකාව නුසුදුසු යන්න කිවයුතුය.
කෙනෙක් වැදගත් වෙන්නේ කරන කියන දේවල් වලින් මිස දරන තනතුරෙන් නොවෙයි,
මුළු බදුල්ල දිස්ත්‍රික්කයේම ඉන්න උගත්ම මනුස්සය මහා ඇමති ලෙස තෝරගත්ත මහින්ද මහතාට ජාතියේම උපහාරය.
මෙහෙමත් අසික්කිත්ත මිනිස්සු.
නයෙක් වත් කයද දන්නේ නැහැ .
ඔය මානවහිමිකම් සබාවේ අයගේ වැඩ ගැනත් පොඩ්ඩක් මධ්‍යස්ථද කියා බලනවානම් හොද නැද්ද .
මෙයා නම් ගොන්කමේ ප්‍රතිමුර්තිය !! ඊ ළඟ චන්දෙදි මූට දෙන්න ඕනේ මීහරකෙක් චන්ද ලකුණ හැටියට !! චන්ද්‍ර මෙල්බෝර්න්
මොන ලොවේද කියල ජනතාව තේරුම් කරලා දෙන්න කාලය ඇවිත්.
ඉතින් සෙතක් වෙයිද මෙහෙම රටකට
මහ ඇමැතිවරයා වෙනුවෙන් නීතීඥවරයකු කොමිසමට යවන බව කියන්නේ එයා කරපු වැරද්දට උත්තර බඳින්න ඕන නීතීඥවරයා කියන එකද ?