ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පර්පචුවෙල් ව්‍යාපාර සමූහයට අයත් සමාගම් 28හිම බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකය පියවර ගෙන ඇතැයි මහ බැංකු ආරංචි මාර්ගවලින් පැවසේ.
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අර්ජුන් ඇලෝෂියස් මහතා අධ්‍යක්‍ෂධූරය හෙබවූ මෙම සමාගම්වල ගිණුම් පවත්වාගෙන යන සියලුම බැංකුවලට මහබැංකුවෙන් පසුගිය බදාදා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ එම ගිණුම්වල මුදල් ඉවත්කර ගැනීමට යන බවට බුද්ධි ඒකකයට ලැබී ඇති තොරතුරු අනුවය.
ගිණුම් අත්හිටුවීමත් සමඟ අදාළ සමාගම් 28ට තම ගිණුම් භාවිත කරමින් කිසිඳු මූල්‍ය හෝ ව්‍යාපාරික කටයුත්තක නිරතවීමට නොහැකි වේ.
මෙසේ තහනමට ලක් කළ සියලුම බැංකු ගිණුම් එකින් එක ගෙන පරීක්ෂාවට ලක්කිරීමට මහ බැංකුවෙන් පියවර ගෙන ඇති අතර එසේ කරනු ලැබ ඇත්තේ සේවක වැටුප් ගෙවීම වැනි එදිනෙදා කටයුතු කරගෙන යෑමට එම සමාගමට පහසුකම් සැලසීම සඳහාය.
එම නිරීක්ෂණ සහ විමර්ශන කටයුතුවලින් අනතුරුව අදාළ බැංකු ගිණුම් හරහා සිදුවන නෛතික මූල්‍ය ගනුදෙනු සඳහා පමණක් ඉඩ ප්‍රස්ථාව ලබාදෙන බව ද අදාළ ආරංචි මාර්ග කියයි.
මෙසේ එම සමාගම්වල ගිණුම් තහනම් කිරීම සඳහා හදිසියේ පියවර ගෙන ඇත්තේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ අරමුණින් යැයි ද පැවසේ.
මහ බැංකුව මගින් මෙසේ බැංකු ගිණුම් තහනම් කරනු ලැබ ඇති සමාගම් අතර පර්පචුවෙල් ටේරෂරීස් පුද්ගලික සමාගම, පර්පචුවෙල් ඇසට් මැනේජ්මන්ට් පුද්ගලික සමාගම, පර්පචුවෙල් කැපිටල් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම, ඩබ්. එම් මෙන්ඩිස් සහ සමාගම, ඉන්ටග්‍රේටඞ් මීඩියා නෙට්වර්ක්ස් පුද්ගලික සමාගම ද වේ.
භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු සඳහා පර්පචුවෙල් සමාගම විසින් පවත්වාගෙන ගිය ගිණුම් දෙකක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් මීට ඉහතදී තහනම් කරනු ලැබූ අතර අලුත්ම තහනම පනවා ඇත්තේ ඊට අමතරවය.
කලින් තහනම් කළ වත්කම්වල වටිනාකම මුදලින් රුපියල් බිලියන 12.5කි. මෙයින් රුපියල් බිලියන 7.5ක් මුදල් වන අතර ඉතිරි ඒවා සුරැකුම්පත් වේ. එම තහනම ඉවත් කර ගැනීම සඳහා පර්පචුවෙල් සමාගම් සමූහය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය ද ප්‍රතික්ෂේප කෙරිණි.
මුදල් විශුද්ධිකරණය රෙගුලාසි සහ පරිපාලනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසිනි. පර්පචුවෙල් සමාගම ප්‍රාථමික හා ද්විතීය වෙළෙඳපොළේ කරන සියලු වෙළෙඳ කටයුතු තාවකාලිකව නවතා දැමීමට මූල්‍ය මණ්ඩලය තීරණ කර තිබිණි.
සන්ඬේ ටයිම්ස් ඇසුරිනි
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම් කරපු සල්ලි මොන මෝඩයෝද ලංකාවේ බැංකු වල දාන්නේ?
ඡන්දයක්වත් ලඟදි තියෙනවද? මේ ගිඩිගෑවිල්ලේ හොරුන්ට දඬුවම් දෙන්න පටන් අරන්ද තියෙන්නේ?
අර ලෝකේ හොදම කෑදැත්තට ( ලෝක හොරාට) නිකන් ලැබුන දුප්පත් පොල්අතු සෙවිලි කල ගේ පොඩ්ඩට මොකද කරන්නේ ???
අශ්වයා ගියා කියල ෂුවර් නේද? එහෙනම් ඉස්තාලේ වහමු .
අශ්වයා පැනලා ගියාට පස්සෙ ඉස්තාලේ වහලා දාලා වැඩක්ද? දැනටමත් මේ සල්ලි රටෙන් පිට කරළා ඉවරයි. ඩුබායි මෂ් රික් බංකුවේ තිබුණ රාජපක්‍ෂලාගේ සල්ලි ආපහු ගෙනාවද? මේ සල්ලි වලටත් ඒ ටිකම තමා.
මේ තහනම පෙබරවාරි 11 දා වෙනතුරු විතරද ?
තවත් ඡන්ද මගඩියක් වගෙ. ඡන්දයෙන් පස්සේ අත්හිටවු කාලයේ පාඩුව පොලියත් එක්ක සමාගම් වලට ගෙවයි?
මේ පාර කොච්චර දැගලුවත් නිදහස් පක්ෂෙට 2/3 ක බලයක් ලැබෙන්නේ නැහැ. පොහොට්ටුව මේගොල්ලන්ගේ ඡන්ද ලක්ෂ 5 ක් විතර කඩනවා.
මොන බිස්නස් කාරයත් උපායශීලීව සල්ලි හම්බ කරනවා එය වලක්වන්න බැහැ. ඒ උපාය වලට අසුනොවීම්ට සහ ජනතාව අසු නොකිරීමට නීති සම්පාදනය කිරීමේ රජයේ වගකීමයි. බැංකු කොල්ලයේදී සිදුවුයේ එම සමාගමේ උපායවලට රජයේ ඉහලම තැන්වලින් සහ ඉහලම අයගෙන් අනුග්‍රහය ලැබීමයි. තරඟ ක්‍රමයට කොන්ත්‍රාත් ලබාගන්නා සමහර අය පර්පෙචුඅල් සමාගම අනුගමය කල ක්‍රමයට අනිකුත් කොන්ත්‍රාත් කරුවන් සමග කතා කොරගෙන කොන්ත්‍රාත් ලබාගන්න ක්‍රම ඇත. එමනිසා මෙම බැංකු වචාවට දඬුවම් ලැබිය යුත්තේ රජයෙන් මෙම වංචාවට අනුග්‍රහය දුන් අයයි. බැලුබැල්මට අගමැති මුදල්ඇමති පාද සටහන් දැමුවෝ සහ සමහර බැංකු නිලදාරීන් මෙම වංචාවට මුලින්මම දඬුවම් ලැබිය යුත්තෝය. මගේ අදහසනම් මාමා දඬුවම් ලබිය යුතුය නමුත් බෑනා වරදක් කරනැත ඔහු උපාය ශීලීය. තම පුද්ගලික වාසියට රටේ ආර්ථිකය පාවාදුන් එවුන් බයිබලයේ එන ආකාරයට ගෝල්ෆේස් පිට්ටනියට ගෙනවුත් ගල්ගසා මරා දැමිය යුතුය. බැංකු වංචාවලට සම්බන්ද නොමතිබවින් පලමු ගල මට ගැසිය හැක.
හොරෙක් හොරබඩු ගෙදර සාලයේ තියනවද? නැහැනේ. ඒ වගේ මේ හොරා සහ නායකයා හොර සල්ලි පිටරටකට ගෙන ගොස් ඇතිවාට සැ ක නැත. අන්තිමට මහබැංකු කොල්ලයක් වෙලා නැතිය කියාවි. හොර නායකයා ගොරක දඩමස් කරන දඩමස් ගොරක කරන ජාතියේ මිනිහෙක්.
ඡන්ද ගුණ්ඩු. පෙබරවාරි 10 න් පස්සේ මහ බැංකු කොල්ලය මතකත් නැහැ.
දැන් අර පොහොට්ටුවට තව ටොපික් එකක් හොයාගන්න වෙනවා ඡන්දෙට කලින්
මිනිස් ජීවිතයක වටිනාකම කීයද?
පිස්සු වැඩ රනිල් කියනවා නේ සල්ලි අඩු නෑ කියල, අපරාදේ මේ මිනිසුන්ගේ සාදාරන සල්ලි
රනිල් සහ පිරිවර මේ මඩවලෙන් ගැලවිය යුතුමය නැත්නම් එය පිරිසිදු පක්ෂයේ අනාගතයටම අගුනදායකය
නාට්ටිය නැගල යනවා. නළුවෝ දැන් කරනම් ගහල බල්ටිත් ගහනවා. සමහරවිට අර කවුද කිව්වා වගේ ඇදුම් ගලවල නිර්වස්තරවත් දුවන්ට ඉඩ තියෙනවා. අපේ සමහරු ඒ අය ගලවපු ඇදුම් ඇදගන්නත් ඉඩ තියෙනවා. පෙබරවාරි 11 උදේට බලාගන්න පුළුවන්!
මෙහෙම තත්වයක් ඉහතදී නං අපි දැක්ක නා. තවම හොඳයි.
මෙතන වැරද්දක් වෙලා නැහැ කියල රනිල් මහත්තය කිව්වනේ,ඒ නිසා බැදුම්කරේ ගැන තවදුරටත් පරීක්ෂණ කරන්න ඕනේ නෑ
ඇත්තටම මේක අශ්වයා පැනල ගියාට පස්සේ ඉස්තාලය වහනවා වගේ වැඩක්. දැන් කට්ටිය ඔක්කොම පැනල ඉවරයි. මේකට සම්බන්ද හොරු තාම නිදැල්ලේ.
මහින්ද පරදවා සිරිසේන දින්නේ ඡන්ද ලක්ෂ දෙකහමාරක් සිරිසේනට ඡන්ද දීපු නිසාය. 2020 දී මහින්ද මහතාට ඡන්ද ලක්ෂ 5 ගන්නට පුලුවන්නම් අනිවාර්යෙන්ම මහින්ද මහතාට සිරිසේන පරාජය කල හැක. රනිල් ගැන ප්‍රශ්නයක් නැත 2020 දී ඔහු නැවත 2015 වෙන් එහාට තල්ලු වී යනවාය.
බමුණුආරච්චි 19 වැනි සංශෝධනය නිසා මහින්ද මහතාට ආයේ ජනාධිපතිවරණයට ඉල්ලන්න බැහැ.
කිරිඇල්ල කියනවා 10න් පස්සේ රනිල්, මෛත්‍රි යළිත් ප්‍රේම සම්බන්ධය අලුත් කරනවලු. එදාට බලාගනිමු කියනවා කොහොමද ලව් එක කියලා. මේ අයට මේ රට ගොඩනගන්න තිබෙන අවශ්‍යතාවය දැන් හිතාගන්න පුළුවන් නේද? ඔය බැංකු මංකොල්ලයත් යටයන්නේ ඔයවිදියට... පොහොට්ටුවට බයවෙලා එක එක පිස්සු කතා වේදිකාවල දොඩවනවා ජනතාව රවට්ටන්න. ලේසි වෙන්නේ නැහැ වගේ මේදාපාර නම්...
තහනම් නොවේ.. තාවකාලිකව අත්හිටුවලා. තහනම් කරානම් ඉතින් උසාවි නියෝගයක් තියනවනේ. නැවත කෙසේවත් කොහෙවත් අයකරගෙන නැහැනේ. බොරු මවලා දූපත් ජනතාව දිගටම අන්දනවා.
අඩුම තරමේ එහෙම හරි යම් පියවරක් ගැනීමත් ලොකු දෙයක්. පසුගිය ආණ්ඩු විසින් නොකරන ලද දෙයක්...
මේක බොරු කතාවක්... ගතවුණු කාලයේදී මුදල් අාරක්ෂක තැන්වලට අැදගෙන අැති..