එම් කේ නන්දසේන, කේ ඩී දේවප්‍රිය සහ නෙල්සන් ප්‍රියන්ත
කතරගම වෙඩි තැබීමට ප්‍රදේශවාසීන් විරෝධය පළ කිරීමට පටන් ගැනීමත් සමඟ ප්‍රදේශයේ සහ පොලිස් ස්ථානයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ඇතැයි පොලිසිය කියයි.
වෙඩි තැබීම නිසා කළහකාරී වූ පිරිස් එල්ල කළ ගල් මුල් ප්‍රහාරවලින් පොලිසියේ 20 දෙනකුට පමණ සුළු සුවාල සිදුවූ බවත්, පොලිස් පරිපාලන ගොඩනැගිල්ල, පොලිස් නේවාසිකාගාර ගොඩනැගිල්ල සහ පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල නිවස ඇතුළු දේපොළ රැසකට අලාභ හානි සිදුවූ බව ද පොලිසිය පවසයි.
පොලිස් වෙඩි තැබීමට විරොධය පළ කරමින් අද කතරගම - තිස්ස මාර්ගය අවහිර කරමින් ටයර් පුළුස්සමින් විරෝධතා පැවැති අතර ප්‍රදේශයේ කළු කොඩි ඔසවා ඇති අයුරු දැක ගත හැකි විය.
පොලිසියට ගල් මුල් ප්‍රහාර එල්ල කළ බව කියන පුද්ගලයන් 100ක් පමණ අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.
ඡායාරූප
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතරගමදී පුද්ගලයෙක් මියයාමේදී පොලිසියට ගල්මුල් උද්ඝෝෂණ කලහැකිමුත්.... යාපනයේදී කලොත් නම් කොටියෙක්? නොනවත්වා යතුරුපැදිය හෝ වාහනයක් ධාවනයකදී පොලීසිය පුද්ගලයා හඳුනාගෙන වෙඩි තබනවා නොව පොලිස් අණ නොතකා ධාවනය වන නිසා වෙඩි තබන්න ඇති. කොහොමත් මේ වෙලාවේ බොරදියේ මාළු බාන අයට නම් හොඳයි.
ඔන්න එකා පිට එකා නාගන්නවෝ...
අනේ මන්දා. හැමතැනම වගේ කලබල. ආණ්ඩුවට අපලයි වගේ....
යහපාලන පොලිසිය මෙහෙමත් අහිංසක මිනිසුන් මරනවාද? හෙනම ගසාවි...
පොලිස් අණ නොතකා ධාවනය කරොත් වෙඩි තියන්න පුළුවන්ද? පොලිස් අණ නොදැක්කා නම් මොකද කරන්නේ? පොලිසිය ගස් අස්සේ ඉඳන් එකපාරටම නවත්තන්න කිව්වම එක තැන වාහනේ නවත්තන්න පුළුවන්ද? වෙන රටවල් වලනම් එහෙම ධාවනය කලොත් එලවලා ගිහින් අල්ලන්නේ. මෙහෙනම් ඔලුවටම වෙඩි තියනවා.
මේවා ගැන දෙවියෝ බලාගනීවි!!!
පොලීසිය කියන්නේ රජයේ අවසරය ඇතිව ප්‍රසිද්ධියේ ගිනිඅවි භාවිතා කිරීමට අවසර ඇති පිරිසක්. ඕනෑම ආයතනයක විශාල පිරිසක් සේවයේ යෙදෙන විට සිය බලතල වැරදියට පාවිච්චි කරන පුද්ගලයන් කිහිප දෙනෙක් හෝ සිටීම අනිවාර්යයෙන් බලාපොරොත්තු වියහැකි තත්ත්වයක්. පොලීසියට සම්බන්ධ පුද්ගලයින්ට අපරාධ, චෝදනා එල්ල වනවිට ඒ ගැන පරීක්ෂණ කිරීමට වෙනත් පොලිස් නිලධාරීන් පිරිසකට පැවරීම වෙනුවට වෙනත් ස්වාධීන ආයතනයක් අත්‍යවශ්‍යයි. මන්ද පොලීසියේ සිටියදී, අපරාධ චෝදනාවලට ලක්ව අධිකරණයෙන් වැරදිකරු වූ පුද්ගලයින් සම්බන්ධ සිද්ධි වාර්තා වන බැවිනි. කණගාටුවට කරුණ එවැනි අවස්ථාවල ඔවුන් බොහෝවිට අපරාධ සඳහා යොදාගනු ලබන්නේ මහජන බදු මුදලින් මිලදීගත් ආයුධයි. මේ තත්වය සාමාන්‍ය අපරාධකරුවකු මිනීමැරීම් සිදුකිරීමට වඩා භයානකය. අනෙක් අතට පොලිස් සේවයට නුසුදුසු පුද්ගලයන් එහි සිටීම නිසා බහුතර විනයගරුක නිලධාරීන් අපහසුතාවයකට සහ කලකිරීමට පත්වේ.
අර නීතිය නමන එක්කෙනා දැන් භාවනා කරනවද දන්නේ නැහැ.
ප්‍රදේශ වාසීන්ට අනුව මේ පුද්ගලයා පොලිසියේ යම් යම් අකටයුතු කම් ප්‍රසිද්ධියේ විවේචනය කරපු කෙනෙක්, ගංජා සිද්දියක් සම්බන්ධව කතරගම පොලිසියට ප්‍රසිද්ධියේ චෝදනා කරපු පුද්ගලයෙක්, පහුගිය සතියේ දවසක පොලිසියෙක් මොහුට තර්ජනය කරලා තුබුණා "තොට මහා පාරේදී බල්ලෙක් වගේ වෙඩි තියන්නේ" කියලා. මොහුගේ සයිකලය නැවැත්වීමේ ප්‍රමාදය දඩමීමා කරගෙන පොලිසිය තමාගේ වාඩුව ඔලුවටම වෙඩි තියා ගත්තා, සැකකරුවෙක්ට දණහිසෙන් පල්ලෙහට වෙඩි තියනවා මිසක පළමු වතාවෙන්ම ඔලුවට වෙඩි තියන රීතියක් නැහැ. මහ කුජිතයගේ හැසිරීම එක්ක බලද්දී පොඩ්ඩෝ ගැන කවර කතාද?
එදා ඇඹිලිපිටිය අද කතරගම. උදෑසන භාවනාවෙන් පසුව දවසේ වැඩ පටන්ගන්න අැති. ජීවිතයක වටිනාකම නොදන්නා නිළ අැදුමින් කය වසාගත් අවි ගත් වෘෂභයන්.
ඉඳල හිටලා නාගත්තේ නැත්නම් පොලිසියට කැසිල්ල වගේ ඇති ..මාර්ග නීති කඩ කර අණ නොතකා පලායාමට උත්සහ කිරීමේදී එය වැලැක්වීමට ශ්‍රී ලංකා පොලිසියේ පළමු උපක්‍රමය නම් ඔලුවටම වෙඩි තැබීමයි ...මේවාට කියන්නේ වනචාරි ක්‍රියා කියල ...පොලිස්පති තුමාගේ ඉඳල අන්තිම පහලට එනකන් ඉන්න සියලු නිලධාරීන්ට අඩුම තරමේ යුටියුබ් එකේ තියෙන පලායාමේදී පොලිසිය වීඩියෝ කල වීඩියෝ ටිකක්වත් පෙන්වන්න මේ රටේ පාලකයෙක්ට කවදා මොලයක් පෑදෙයිද? මේවා කරන උන්ට නිසි දඬුවමක් නොලැබුනොත් හෙට දිනයේදී පොලිස් අණ නොදැක ඉදිරියට යන අපේ ඔලුවටද බුලට් එකක් එන දවස වැඩි ඈතක නැහැ ..
රජය අපහසුතාවයට පත් කිරීමට එක්තරා කෙනෙකුගේ හිතවාදීන් සිදුකරන මෙම කුර ක්‍රියා තරයේ හෙලාදැකිය යුතුයි.
අහිංසකයෙකුගේ ජීවිතය උඩින් බලයට ඒමට දගලන තිරිසන් මිනිසුන්.
අදාල නිළධාරියා අත්අඩංගුවට ගෙන ඇත පරීක්ෂණ සිදු කරනු ඇත. මෙසේ හැසිරෙනවුන්ට උතරේද දකුනේද වෙනසක් නොමැතිව උපරිමයෙන් කටයුතු කල යතුය. නීතිය අතට ගැනීමට මෙම රස්තියාදුකාරයන්ට ඉඩ නොතබන්න. මහින්ද මහතානෙනි! වසර10 ක රට කල නායකයෙකු ලෙස වගකිමකනින් කතා කරනන්න. ගැලරිය අමතන ආකාරයට කටයුතු නොකරන්න
පොලිස්පති තුමාගේ භාවනා පන්ති වලට මේ පොලිසියේ උදවිය ගිහින් නැති පාටකුයි පෙනෙන්නේ. එහෙමත් නැත්නම් 1971 මතක් උනාදෝ?
මෙවැනි වනචර ක්‍රියා නවත්වගන්න නම් මුළු රටම පාරට බැසිය යුතුයි ..විපක්ෂයක් තිබිය යුත්තේ එවැනි අවස්ථාවල මුලිකත්වය ගෙන එවැනි උද්ගෝෂණ සංවිදානය කර පාලක පක්ෂයෙන් වෙන වැරදි නවත්වාගනිමටයි ..මෙවැනි සිදුවීම් උනාම පාලක පක්ෂයක් කලයුත්තේ එසේ වැරදි කරන උන්ට තරාතිරම නොබලා දඬුවම් දීමට නීතියට බලය දීමයි සහ නැවත එසේ නොවන ලෙස නීති සකස්කිරීමයි ...
මේච්චර ලෝකේ දියුණු තාක්ෂණය ඇති කාලෙක මිනී මරන්නේ මෙච්චර සුළු දෙකට. මේ රටනම් කවදාවත් හැදෙන්නේ නැත. දවසක ඔබට මටත් මෙහෙන් යන්න වෙනවා නිදහසේ නීතියක් ඇති රටකට ඉන්නනම් සිකුරුයි
නීතිය කාටත් එකයි