(මනෝප්‍රිය ගුණසේකර)
බැඳුම්කර වංචාව අදාළ සිද්ධියේ සැකකරුවන් වශයෙන් මහබැංකුවේ හිටපු සභාපති අර්ජුන් මහේන්ද්‍ර පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂක අර්ජුන ඇලෝසියස් සහ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන නම්කරණු ලැබීය.
මෙම පුද්ගලයන්ගෙන් සිද්ධියට අදාළව කට උත්තර ලබාගත යුතුබව කියමින් අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය දැනට විදෙශ ගතව සිටින සංගප්පූරු ජාතික, අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ලබන 15 ට පෙර ශ්‍රී ලංකාවට පැමිණ මෙම සිද්ධියට අදාළව රහස් පොලීසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙස නියම කළාය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිටපු අධිපතිවරයායි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර දවස් අපි දැක්කේ , අපිට පෙන්නුවේ, තේ කෝප්පේ සුනාමියක්ද?
චූදිතයා විදෙස් පුරවැසියෙක් නම් නඩුව අවසාන වන තෙක් තබා ගත යුත්තේ රිමාන්ඩ් බන්ධනාගාරේ නේද?
ඔය කොමිෂන් පත්කරන්නේ සේරම යට ගහන්න කියලා කිව්ව කට්ටිය දැන් කියන්න යන්නේ මොනවද කියලයි මම මේ බලාගෙන ඉන්නේ?
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැ නේද?
ඡන්දෙට පස්සේ නිදහස් කෙරුවද?
එතකොට මොකද වෙන්නේ?
එතකොට අර කෝටි ගණන් දීලා ගෙවල් ගත්තා. පස්සේ මතක නැහැ කියන කට්ටියට මොකද වෙන්නේ?
මේක හොඳ පුවතක්. දුප්පත් මිනිසුන් වෙනුවෙන් සිදුකළ මේ මුදල් සොරකම් වලට උපරිම දඬුවම් ලබාදිය යුතුයි.
ඔයගොල්ලෝ කියන්නේ පරණ ආණ්ඩුවේ ලොක්කෝ කවුරුවක්වත් සත පහක්වත් හොරකම් කෙරුවේ නැහැ කියලද? රටේ ආර්ථික පරිහානියට ඒගොල්ලෝ වගකිව යුතු නැද්ද? ඒ ගොල්ලෝ ඔක්කොම නිදහස් කරලා මහා බැංකු හුටපටේට විතරද ඉක්මනට දඬුවම් කරන්න කියන්නේ? ඒවාට අපි සුදානම් නැහැ. වැරදි කරපු හැම අපරාධකාරයෙකුටම දඬුවම් දිය යුතුයි.
අනේ හැබැටම මෙහෙමත් නාටක?
එතකොට රවී, රනිල්, සුජීව කෝ මේ අය? මාරයි එ්ක... කොහොමද එහෙම වෙන්නේ?
කොන්දක් ඇති කෙනෙක්ද? රනිල්ට ඕනෑ විදියට වැඩ කරන්න දීලා පින් පඩියක් අරගෙන විදේශ වලින් ලැබෙන ඩොලර් අට්ටි ගහගෙන රට බේරා ගත් මිනිසුන්ගෙන් පළි ගන්නවා. මේ හොරකම සිරිසේනට නතර කරන්න පුළුවන්කම තිබුණා. රවිත් රනිල් සමග එකතු වී මේ දේ කළා. එනිසා මොවුන් සියල්ලටම දඬුවම් දිය යුතුයි. ඡන්ද කඩා ගැනීමට බොරු නාඩගම් නැටීමෙන් කම් නැත. ජනතාව යහපාලනය යැයි කියාගන්නා මේ දූෂිත වසලයින්ව පලවා හැරිය යුතුය.