හර්ෂණ තුෂාර සිල්වා
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලියට එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් සම්බන්ධ දැයි සොයා බැලීම සඳහා පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව හෙට (29) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දීමට නියමිතය.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ සහභාගීත්වයෙන් යුත් කමිටුවක් විසින් අදාළ වාර්තාව සකසනු ලැබ තිබේ.
වාර්තාව සැකසීමේදී හිටපු මුදල් හා විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා කමිටුවට ඉදිරිපත් කරනු ලැබූ ලේඛනයක් ද සැලකිල්ලට ගෙන ඇති අතර අදාළ ලේඛනය ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, ගාමිණි මාරපන සහ ෆයිස් මුස්තාෆා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සකසනු ලැබ ඇත.
බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයකුට හෝ මන්ත්‍රීවරයකුට හෝ චෝදනා එල්ල වී ඇත්දැයි සොයා බැලීම සඳහා මෙම ත්‍රිපුද්ගල කමිටුව පත් කරන ලද්දේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදිය.
ඉකුත් 17 වැනිදා කෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම ත්‍රිපුද්ගල පත් කිරීම සඳහා වන තීරණය ගනු ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාගෙ දෙමව්පියන්ගෙන් පේන අහනවා
හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්...................
හොරාගේ තාත්තාගෙන් පේන අහනවා වගේ. මේගොල්ලෝ කවදාද තමන්ගේ සේවා දායකයා විත්තිකාරය කෙරුවේ?
කොමිසම කලේ කෙලින්ම බැංකු කොල්ලලයක් සිදු උනාද එයට වගකිව යුතු මිනිනිස්සු සොයන්න මිස එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයකුට හෝ මන්ත්‍රීවරයකුට හෝ චෝදනා එල්ල වී ඇත්දැයි සොයා බැලීමට නොවේ. මේ ගොල්ලන්ගේ වාර්තාව ඕගොල්ලන්ට මිසක් රටට වැඩක් නැත. සමහර විට මෙගොල්ලොත් සම්බන්ද ඇති එමනිසා උසාවියේ නඩු පවරමු. ඒ වගේම දප්පුල ලිවේර ඇතුළු කණ්ඩායම එම තනතුරුවලට පත් කරමු.
මම මේක පත්තරෙන් දැක්කේ,
බැඳුම්කර මංකොල්ල කෑ බව එජාපය දන්නේ නැත. වාර්තාව ගැන අනාවැකිය.
හොඳයි සම්බන්ධයි කියලා ඔප්පු වුණොත් මොකද කරන්නේ? තව එකක් පත්කරනවද? විහිළුනේ...
හොදම විහිලුව තමයි මෙම කමිටුව.හොරාට හොරකම් කරන්න දීපු එක නේද හොරකම.කොහෙවත් නැති පරදෙසක් කාරයෙකුට මහා බැංකුව බර දීපු එක නේද හොරා.ඉතින් ඒ හොරා මොන කමිටුව පත් කලත්,තමුන් නන්සේලා ඒවා එලියට දන්නේ නැහැ නේද?ඕකට හොද කියමනක් තියනවා .......ඒක ප්‍රසිද්දියේ කියන්න බැහැ..........ඡන්දයක් ලං වෙන කොට මෙයාල මාරු විකල්ලෙන් දොඩවනවා. මෙයාල දැන් රජ ගෙදර අන්දරේලා වෙලා ඉවරයි./මම බලාගෙන ඉන්නවා අන්දරේලට මොකද වෙන්නේ කියල.
මෙන්න වාර්තාව කලින්ම කෙටියෙන්. කියන තරම් යකා කළු නැත.
අර රජයේ ඉඩමක් අයුතු පරිහරණය ගැනත්... මේ ගමන්ම මෙයාගේම කොමිසමකින් හොයලා බලමුද?
අපි එක්සත් ජාතික පක්ෂයේ. අපේ තීරණයට රවී වැරදිකරුවෙක් බැව් පේනවා. ඔහුව අද හෙටම පක්ෂයෙන් යවන්න. ඊට පසුව අනෙකුත් උදවිය ගැන බලමු...
මේ බැඳුම්කර වංචාවට එජාපය සම්බන්ධයි කියන්න සාධාරණ හේතුවක් නැහැ. එම කාලයේ අගමැතිවරයා මුදල් ඇමති නොවෙයි. එමෙන්ම මහ බැංකුව පැවතියේ හිටපු මුදල් අමාත්‍යවරයා යටතේත් නොවෙයි.
මේ අය වාර්තා ඉදිරිපත් කරන්නේ නිරුවත්ව ඉඳගෙනද?
රනිල් හිතන් ඉන්නේ මේ රටේ බහුතරයක් කන්නේ තණකොළ කියලා... කොළඹ 07 ඉඳගෙන මොනවා දන්නවද? ගතින් විතරයි ලංකාවේ මනසින් ඇමරිකන්, කෙසල් ගසක එක කැනක් පමණයි එන්නේ කියලා දන්නේ නැති ලෝකයේ එකම අගමැති... ඉතින් තව මොන කතාද? ඕක වාර්තාව හදන එක තක්කඩියෙක් බව රටේ ගහක් කොලක් පවා දන්නවා...
දී කිරට බළල්ලුත් සාක්කියි කිව්වලු.
මේ කියාගෙන එන්නේ මහජන මුදල් කොල්ල කාපු "මන්ද බුද්ධිකයෝ" ඔක්කොම ටික හොරකමින් නිදොස් කොට නිදහස් කරන ලදී.
මොන තරම් පීචන් වැඩ ද මේ කරමින් ඉන්නේ? කටමැත දොඩවන ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කාණු පල්ලේ දාලා කරන නරි නාටක තමයි.
පොහොට්ටුවෙයි, අතෙයි, සීනුවෙයි නියෝජිතයෝ එක බැගින් කමිටුවකින් දාලා බලමුද?
අපක්ෂපාති කමිටුවක් බව සිතීමට නොහැකිය.... ජනතාවට බුදු සරණයි !!!!!!
තමන්ගේ රෙදි තමන්ම හෝදගන්න රහස මේකයි. තමන්ට වස්ත්‍රයේම පහ වෙච්ච බව ලෝකයා දැන ගනීවි කියන බිය. අතීසාරයට අමුඩ ගහන්න ගියහම වෙන දේ ඕක තමයි. අපි නම් කියන්නේ තවදුරටත් රට ගඳ ගස්සවන්නේ නැතිව ජරා කරගත් වස්ත්‍ර සමගම යන්න කියලා.
බැඳුම්කර වංචාව හෙළිවුණු ගමන් රනිල් තමන්ගේ ගෝලයෝ දාලා කොමිසමක් පත්කරලා රටට කිව්වේ එවැනි වංචාවක් සිදුවී නැහැ කියලා. මේකත් ඒ හා සමානයි.
ගාමිනී මාරපන තිලක් මාරපනගේ සහෝදරයා. රවී ඉදිරිපත් කල වාර්තාව හදන්න සහය වෙන්නේ ඔහු. කාරනාව පැහැදිලියි.
මෙි වාර්තාව මහජනතාවට අවශ්‍ය නැත. මහජනතාව බලාපොරුතු වාර්තාව ජනතිපති කොමිසම දැනටමත් මහජනතාවට දීල ඇත.
මතකද පිටිපන කොමිටිය පත් කළා. වංචාවක් වෙලා නැහැ කීවා. පාර්ලිමේන්තුව එමගින් නොමග යැව්වා . ඒවගේ තමා මේක.
මෙන්න වාර්තාවේ නිර්දේස:පළමු චෝදිතය අගමැතිතුමා , දෙවැනි සහ තුන්වන චෝදිතයන් රවී සහ සුජීව,. සියලුම චෝදනාවලින් නිදහස් මර-පන. සතුටුද?
යු.එන්.පී ලේකම් කෙනෙක් ජනාධිපති ලේකම් ලෙස හදිසියේ පත්කර ගත්තේ මේ බැදුම්කර වාර්තාව පිටු හොරකම් කරන්න තිබුණු උවමනාව නිසා ඉව දැන් පැහැදිලියි
ජනතාවට බදු සරණයි..
සියලුම තොරතුරු සොයා බලලයි දෙන්නේ තීන්දුව... උදහස් පැමිණිලිකරුවෝ වැරදිකාරයෝ... විත්ති කාරයෝ නිදහස්..