බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසක් සැකකරුවන් ලෙස නම් කිරීමෙන් පසු කොටුව මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග 10ක් ලබා දුන්නාය.
එම නියෝග මෙසේය.
01 අර්ජුන් ඇලෝසියස්ට විදේශ ගමන් තහනමක්.
02 අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ පැමිණීම පිළිබඳ ආගමන විගමන දෙපාර්තමෙන්තුවට දැනුම් දෙන ලෙස අධිකරණය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට නියෝගයක් නිකුත් කළේය.
03 පර්පචුවල් ටේරෂරීස් සමාගම විසින් ප‍්‍රාථමික හා ද්වීතීයක වෙළඳ පොළේ ගනුදෙනු අරබයා ශ්‍රී ලංකා මහා බැංකුවේ විද්‍යුත් මුදල් හුවමාරූ ගිණුම් දෙකකට මුල්‍ය මණ්ඩලය විසින් පනවා ඇති තහනම ඉවත් නොකරන ලෙසට අධිකරණය මුල්‍ය මණ්ඩලයට නියම කළේය.
04 කිසි`දු ප‍්‍රමාදයකින් තොරව බැ`දුම්කර ගනුදෙනුවලට සම්බන්ධ මුලික ලියකියවිලි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට බාර දෙන ලෙස පර්පචුවල් ටේරෂරීස් සමාගමට නියම කළේය.
05 පර්පචුවල් ටේරෂරීස් සමාගම සතු වත්කම් සහ අරමුදල් කිසි`දු පාර්ශවයකට තෑගි කිරීම, මාරූ කිරීම, ආයෝජනය කිරීම තහනම් කරමින් විශේෂ නියෝගයක්ද නිකුත් කළේය.
06 අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට පෙබරවාරී 15 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළ අධිකරණය එම නියෝගය සිංගප්පුරූ ජාත්‍යයන්තර පොලීසිය හරහා මහෙන්ද්‍රන් මහතා පදිංචි ස්ථානයට යවන ලෙස නියම කළේය.
07 පර්පචුවල් ටේරෂරීස් සමාගම ප‍්‍රාථමික හා ද්වීතීයක වෙළඳ පොළේ සිදුකළ සෑම බැඳුම්කර ගනුදෙනුවකටම අදාළ විස්තරාත්මක ලියකියවිලි වහාම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට බාර දෙන ලෙස පර්පචුවල් ටේරෂරීස් සමාගමට නියම කළේය.
08 2015 පෙබරවාරී සිට 2016 මාර්තු දක්වා කාලයේදී බැදුම්කර ගනුදෙනු වලින් ලබාගත් ලාභයෙන් පර්පචුවල් ටේරෂරීස් සමාගම අත්පත්කරගත් වත්කම් පිළිබද ලැයිස්තුවක් ලබා ගන්නා ලෙසද අධිකරණය නියම කළේය.
09 බැඳුම්කර කොමිසම විසින් එක්රැස් කරගත් දේවල් (දුරකථන හා පරිගණක) වැඩිදුර මහෙස්ත‍්‍රාත් පරික්‍ෂණ සදහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට බාර දෙන ලෙස බැදුම්කර කොමිසමේ ලේකම්වරයාට නියම කළේය.
10 2015 පෙබරවාරී මස 27 වැනිදා සිට මේ දක්වා සිදුවු සියළු බැඳුම්කර ගනුදෙනු පිළිබඳ සම්පුර්ණ වෝහරික වාර්තාවක් සකස් කර ඉදිරිපත් කරන ලෙස අධිකරණය මහා බැංකුවට නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ, මහා ජනතාවට අයියෝ
මේක හොරකමක් නොව ගනු දෙනුවක් .. අධික ලාභයක් ලැබීම හොරකමක් නොව ආර්ථික විද්‍යාවේ අනුව වෙළදාමක් .....!!!
අධික ලාභ ලැබීම හොරකමක් කියා නම්කළ නොහැක ... මහ බැංකුවට අධික පොලියට මුදල්දීම... හොරකමක් නොව වැරදි අර්ථ කතන දෙන්න එපා.
මේ සිදුවිම කවදාවත් හොරකමක් ලෙස ඔප්පු කල නොහැක. අයථා ලෙස ලාභ ඉපැයීමක් පමණි .
මේක සාමාන්‍ය සිදුවීමක් විතරයි. බැංකුවට පොලියට දිලා පොලිය ගත්තා මෙතන කොහෙද හොරකමක් කරලා තියෙන්නේ .
මෙය ආචාර ධර්ම උල්ලංඝනය කරමින් කාලයක සිට කල හොරකමක් නොවන අන්දමින් සිදු කල ලෝක හොරකමක්
ඡන්දෙ ඉවරවෙනතුරු කරන ප්‍රෝඩාවක්.
මෙම බැදුම්කර ගිවිසුම අවලංගු කිරීමට උත්සහ කරන්නේ නැත්තේ මොකද ? දිගින් දිගටම වසර 30 ක් දක්වා රටට සිදුවීමට යන පාඩුව වැලක්වීමට නම් එය හැකි ඉක්මනින් අවලංගු කරන්න.
පොහොට්ටුව බයවෙලා තුරුම්පුව නැතිවෙයි කියලා..
රොහාන්, ඉසුරු දැනගන්න ඔය කවුරු මොන ලාභ ලැබුවත් රටේ ජනතාවට පව් කරගහන්න වෙන හින්දා.. මේක මහජාතික අපරාධයක්... ඔය අර්ජුන් මහේන්ද්‍රන් ඕනෑමයි කියලා ගෙන්නාගෙන ඔය තනතුරු දුන්නේ අගමැති රනිල් මහත්තයා. දැන් රනිල් මහත්තයා කිසි ගානක් නැතුව ඉන්නවා. අර්ජුන්ට රටේ ඒකීයභාවය පිළිබඳ දිවුරුම නොදී රාජකාරි කරන්න දුන්නෙත් එතුමා. එ්කින් ඔහුට යම් වාසියක් වෙනවා මොකද කවද හරි කියන්න පුළුවන් තමන් නීත්‍යානුකුල ලෙස මේ තනතුරු දැරුවේ නැහැ කියලා. දේශපාලක කට්ටිය ලිස්සල ගියා වගේ මෙයත් යන්න බලාවි. මේවට කවුද දැන් වග වෙන්නේ?
දඹුල්ලෙන් රුපියල් 40 ට ගන්න බෝංචි ටික ගමේ කඩේ 300 ට විකුණුවා වගේ වැඩක්. අධික ලාබ ලැබීම හොරකමක්ද?
සාමුහික ලෙස ඒකරාශි වී සැලසුම් සහගතව කටයුතු කර රජය සතු මහජන මුදල් අවබාවිත කොට අයථා ලෙස ලාභ ඉපැයීම පොදු දේපල පනත යටතේ මෙන්ම අපරාධ නීතිය යටතේ ද ඇප නොලැබෙන බරපතල ගනයේ වැරදි ලෙස සැලකිය හැක.
මෙතන හොරකමක් සිදුවී ඇත. මන්දයත් හිටපු මහා බැංකු අධිපතිට බලතල අනුව රාජ්‍යය බැංකුවලට අඩු ලංසු තැබීමට නියෝග කිරීමත්, පුද්ගලික බැංකු ඉදිරිපත් කල ලංසු පිළිබඳ දත්ත තම බෑණාට දීමත්ය.
මෙය දේශපාලන බලපෑම මත සිදු කරන ලද්දක්... මුලින්ම අදාල රජයේ බැංකු තුනේ අය අත්අඩංගුවට ගත යුතුයි. හිතාමතාම අඩු ලංසු තැබීම පිළිබඳව එම බැංකුවල ප්‍රධානින් මහබැංකුවේ නියෝග පිළිපදින්න බෙදිලා නැහැ. විශේෂයෙන්ම නීත්‍යානුකූල නොවන නියෝගයක්... මොකද මේ බැංකුවලට වෙනම පනත් වලින් ස්ථාපිත කරලා තියෙන්නේ....?
වැඩට හොඳයි කියලා මිනිහෙකුව තෝරලා ගත්තාට පස්සේ ඒ මිනිහ හොරකම් කෙරුවොත් ඒක ඒ මිනිහාගේම වරද මිස, එයාව ජොබ් එකට තෝරපු මිනිහගේ වරද වෙන්නේ කොහොමද? ඉන්ටවිව් කරලා තෝරාගෙන පත් කරපු රාජ්‍ය නිලධාරියෙක් පගා ගහලා අහු ව්ණොත් එ්කට ඉන්ටවීව් බෝඩ් එක පළිද? විකාර!
එ්කාබද්ධයට ලොකු සටන් පාඨයක් නැතිවෙන පාටයි...