(එච්.එම් ධර්මපාල)
බෙල්ලන්විල විහාරස්ථානයේ ‘මියන් කුමර්‘ ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍යාමෝපාලි මහා නිකායේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමියෝ අද (03) අපවත් වූහ
ඇතාට ආහාර දීමට යාමේදී මෙම අනතුර සිදුවී තිබුණු අතර විමලරතන හිමිගේ ඉලඇටවලට හානි සිදු වී තිබූ බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබිණි.
ඒහිමියෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස කටයතු කරමින් සිටියහ.
විමලරතන නාහිමියන්ගේ අපවත්වීම පිළිබඳ පුවත සැලවීමත් සමග මහා සංඝරත්නය ද දේශපාලන නායකයෝද සිවිල් ක්‍රියාකාරීහූ ද එම විහාරස්ථානයට පැමිණියහ.
ජාතියට අත්‍යවශ්‍යම අවස්ථාවක උන්වහන්සේගේ අපවත්වීම දැඩි පාඩුවක් යැයි එම විහාරස්ථානයට පැමිණ සිටි ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ කීහ.
විමලරතන නාහිමියන්ගේ ආදාහනය පිළිබඳ විස්තර පසුව දැනුම්දෙන බව එම විහාරස්ථානයේ ආරංචිමාර්ග කියයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව පතමු.. ආණ්ඩුව යන්නෙත් මහා සඟරුවනක් මරාගෙනයි. මේ ආණ්ඩුව වසර තුනම බුදු දහමට කළ දෙයක් නම් නැහැ.
නිවන් සැප ලැබේවා.!!! කර්මය කාටත් බලපානවා.
රටට ඔබේ සේවය අවශ්‍යම අවස්ථාවක අපවත් වුනු ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා !!!
ඔබ වහන්සේට නිවන් සුවය පතමු. ජාති ජාතිත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා!
හිමියනි ඔබට නිවන් සුව...
නිවන් සුව පතමි. පනාමුරේ ඇත් ගාලේ සිද්ධිය ඇත් ගාල් වල අවසානය සනිටුහන් කල ආකාරයට මේ සිද්ධියෙන් පසුවවත් අලි ඇතුන්ට සිදු කරන හිරිහැර අවසාන වී ඔවුන්ට නිදහසේ වනාන්තර වල ජීවත් වීමේ අයිතිය ලැබේවායි පතමි !!!
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා!!!
නිදහස් දින රාජ්‍ය උත්සවය අවලංගුකොට එඩ්වඩ් එංගලන්තයට හරවා යවා අපේ හාමුදුරුවෝ වෙනුවෙන් සතියක රජයේ ශෝක දින කාලයක් ප්‍රකාශ කිරීම වැදගත් ගුණයක් වෙනවා..
හාමුදුරුවන්ගේ අභාවය කණගාටුවට කරුණකි. කෙසේ වුවත් ඇතුන් සහ පන්සලේ හෝ බුද්ධ ධර්මයේ තිබෙන සම්බන්ධය කුමක්ද? කලකට පෙර ගොකරැල්ලේ, කැකිරිහෙන්පිට පන්සලේ ඇතිකළ මුවකු ඇනීමෙන් අහිංසක මිනිහෙක් මිය ගියා. ඒ සතාම ඇනීමෙන් හාමුදුරු කෙනෙකුටද තුවාල සිදුවිය. පන්සල්වල සතුන් ඇති කිරීම තහනම් කරන්න. කළුතර දිස්ත්‍රික්කයේ පන්සලක දඬු ලේනුන්, මුවන්, මොනරුන් වැනි සත්තු පවා සිටිති. අනේ මෙහෙම ආසාවක් !!!
ජීවිතේ කරපු පින් සම්භාරය අනුන්ට දුන් පින් සම්භාරය කාට වුවත් තේරෙනවා..
හරිම දුකයි... තමනුත් විනාශකරගෙන, රටත් විනාශකරගෙන යන මිනිස්සු ඉන්න කාලෙක හාමුදුරුවෝ වගේ රටට ආදරේ, ගරුකරන අයම අපට නැතිවෙන ගැන හරිම කණගාටුයි..!!!
ජාතියේ මහා පහන් ටැඹක් බඳුවූ ඔබවහන්සේට නිවන් පුර රුවන් දොරටු ඇරේවා!
පෙරහරේ ගෙනියන්න වටිනා ඇතෙක්...
බෙල්ලන්විල හිමිගේ අභාවයෙන් පසු හුඟ දෙනෙකුට අලි ඇත්තු ගැන මතක් වෙලා. එ්ත් අලි ඇත්තු ගැන ක්‍රියා කිරීම හා ඒ පිළිබඳ ජාතික සැලැස්මක් හැදීම ආණ්ඩුවක් සතු වගකීමක් මිස විහාරවල වගකීමක් නෙවෙයි. පන්සල්වල අලි ඇත්තු ඇති කිරීම අද ඊයේ සිදු වූ දෙයක් නොවන බවත් දුටුගැමුණු රජතුමාගේ කාලයේ පටන් අලි ඇත්තු හීලා කොට ඇති කිරීම සිදුවූ අතර මෙහි කමෙන්ට්ස් දාලා තියෙන අය කියන විදියට අනෙකුත් සතුන් ඇති කිරීමත් සත්ව හිංසනයට අයිති වෙනවා. කලානුරූපීව හා දේශානුරූපීයව හිතනවා නම් බෙල්ලන්විල හාමුදුරුවෝ හිමි නමක් විදියට මේ රටට කරලා තියෙන දේ නොදැන ආගමක්, ධර්මයක් ගැන හා අපගේ ඉතිහාසය ගැන නොදන්නා අය උන් වහන්සේට පරිභව කිරීම බෞද්ධයන්ට නොහොබිනා දෙයකි. එවැන්නන්ගේ සංසාර ගමන දික් කර ගන්නා බවත් මතක් කරමි.
හැබැයි මේ ආණ්ඩුව වසර තුනම බුදු දහමට කළ දෙයක් නම් නැහැ. ඔබ වහන්සේට නිවන් සුව පතමු..
කව්ද මේ මියන් කුමාර් කියන්නේ...? ඇතාද?
උන්වහන්සේ උතුම් ගතිගුණ සහිත, රට සහ මාජය පිළිගත් ස්වාමීන් වහන්සේ නමක්... මාදුළුවාවේ ස්වාමීන් වහන්සේත් එසේමයි.
සත්ත්ව හිංසනය නොකර සියලු සත්වයින්ට මෛත්‍රී කරන්න උගන්වන පන්සල්වලම අලි, ඇතුන් යදම් වලින් බැඳ තබාගෙන සිටීම විමතියට කරුණක්...
මෙය අපට හොද පාඩමක් ලෙස සලකා, ආගමික හෝ වෙනත් කටයුතු වලට සතුන් යොදා නොගැනීමට වග බලාගැනීම කෙරෙහි අවධානය යොමුකරන්න. අපේ හාමුදුරුවන්ට නිර්වාණයේ දොර විවරවේවා !!!
මට මේ හිමියන් ගැන වගේම ඒ ඇත් රජු ගැනද ලොකු දුකක් තියෙනවා. මේ හිමියන් රටට අවශ්‍යම මොහොතේ අකාලයේ නික්මීම හදවත් කම්පා කරයි. බලන්න කර්මය සහ එහි ඵලය එකම අවස්ථාවකදී දෙදෙනෙක්ට වෙනස් ආකාරයට බලපෑ ඇති හැටි.
පන්සල්වල සතුන් ඇති කිරීම තහනම් කරන්න. බුදු හාමුදුරුවෝ තහනම් කරලා තියෙන්නේ සත්තු හා ළමයි සුරතල් කිරීම...
යම්කිසි නාදුනන කණ්ඩායමක් ඇතා අසල පෙර දින රාත්‍රී කාලයේ බොහො කාලයක් රැදී සිට ඇති අතර ඇත්ගොව්වා විසින් ඔවුන් ඉවත් කිරීමටත් පසුව වචන හුමරුවකුත් සිදුව තිබෙනවා . හාමුදුරුවෝ පුරුද්දක් ලෙස උදේට මෙම ඇතාට ආහාර ලබා දීම සිදුකරනවා. ඒ බව දැන යම්කිසි පිරිසක් ඇතා අපහසු තත්වයකට පත්කොට ඒ මගින් හාමුදුරුවෝ මරාදැමීමට ගත් උත්සාහය සාර්ථක වීමේ ප්‍රතිපලයක් බවට විශාල සැකයක් දැන් ඇති වී තිබෙනවා. දළදා මාලිගාවටත් මහා සංඝරත්නයටත් ප්‍රහාර එල්ල කිරීම සදහා වූ සැලසුම් සහගත වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ ලඟදි පැවසුවා.
ලාංකීය සමාජයේ තීරණාත්මක භූමිකාවක් සටහන් කරමින් අනුපමේය සේවාවක් රටට දැයට ආගමට සිදුකල වියත් යතිවරයාණන් වහන්සේ නමක් හදිසියේ අපවත්වීම දැරිය නොහැකි පාඩුවක් ඔබ වහන්සේට නිවන්සුව පතමු
ඇතාට කවුරුහරි විස බෙහෙතක් විදලා. හාමුදුරුවෝ පුරුද්දක් ලෙස උදේට මෙම ඇතාට ආහාර ලබා දීම සිදුකරනවා. ඒ බව දැන යම්කිසි පිරිසක් ඇතා අපහසු තත්වයකට පත්කොට ඒ මගින් හාමුදුරුවන් අපවත් කරවීමට ගත් උත්සාහයක් බවට විශාල සැකයක් දැන් ඇති වී තිබෙනවා.
මේක සැක සහිතයි. මේ ඇතාට මත් වෙන දෙයක් දීල තියෙන්න පුළුවන්. විධිමත් පරීක්ෂණයක් අවශ්‍යයි.
රනිල් බලයේ ඉන්නකොට බොහෝ අවාසනාවන්ත සිදුවීම් වෙනවා. එක්කෝ නොසැලකිල්ල නැත්නං ඉතා සැලසුම් සහගත දේවල්.
අලි ඇත්තු විතරක් නම් මොකද? සමහර හාමුදුරුවරුන්ගේ කුටිවල මාළු ටැංකි තියෙන්නේ... මොන බෞද්ධ මූලධර්ම වලට අනුකූලවද?
හොඳ වෙලාවට උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන්ගේ අලි පැටියා පොලිසියෙන් අරගෙන ගියේ. ඒ අලි පැටියව කොහෙත්ම විශ්වාස කරන්න බැහැ.. ඒ අලිපැටියව පන්සල ළඟ දාලායන්න ඇත්තේ හදන්න බැරි නිසා වෙන්න ඇති. නැත්නම් හොඳ බලු පැටියෙක්වත් පාරේ දාලා යන්නේ නැහැනේ.
අලි ඇත්තු ගැන මතක් වෙලාකතා කරන කී දෙනෙක් නිර්මාංශද කියල හෙව්වොත් තේරෙයි සත්ව හිංසනයට තියෙන වුවමනාව... ගරු නාහිමියන්ට නිවන් සුව අත්වේවා!!!
උන්වහන්සේට ඇතා පහර දුන්නේ කවර හේතුවක් නිසාද? ඇතුන් පිලිබඳ විශේෂඥයකු ලවා මෙය සොයා බැලිය යුතුයි. අප දන්නා තරමින් මෙබඳු චර්යාවන්ට හේතුව මද කිපීම හෝ කෝප ගැන්වී සිටීම විය හැකියි. එහෙත් උන්වහන්සේ මේ ඇතා සමීපයට ගිය පළමු අවස්ථාව මෙය විය නොහැකියි. ඇතා පිලිබඳ අවබෝධයක් හිමියන්ටත්, අැත්ගොව්වටත් නොතිබුනේ යැයි කිව හැකිද? ඇතාගේ මේ චර්යාව සැකසහිතයි. උන්වහන්සේ මධ්‍යස්ථව ප්‍රබල හඬක් නැගු හිමිනමක්...
මහනාහිමියන්ට අමා මහ නිවන් සුව ලැබේවා...!!! නාලාගිරි ඇතු මත් කල පරිදිම, මියන් ඇතාවත් මත් කළාද කියන්න බෑ. මේ විරුද්ධ අදහස් දරන්නන්ට එරෙහිව සල්ලි වලට කරන්න බැරි දෙයක් නැති සල්ලි පාවෙන කාලයක්...
මේකේ ප්‍රතිචාර දාලා තියෙන වැඩි දෙනෙක් මෝඩයෝ. හාමුදුරුවන් ගැන කතා කරන්නේ නැතිව... අලි ගැනයි කතාව. ඒ ස්වාමීන් වහන්සේට නිර්වාණ සැප ලැබේවා.!!!
අපේ හාමුදුරුවන්ට නිවන් සුව ලැබේවා !!!
ඕනෙම රටක සංස්කෘතියක් තියනවා. පෙරහැර කියන්නේ අපේ සංස්කෘතිය හා බැඳුණු දෙයක්. මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳන් හදන්නේ අපේ සංස්කෘතිය විනාස කරන්න. පෙරහරට අලි තහනම් කරන එක එ්කේ කොටසක්. එ්කයි අපිට මේ ගැන සැක. දියුණුයි කියන රටවලට වඩා අපේ සත්ව කරුණාව තියනවා. ඔය සත්තු වයසට යනකන් හොඳට බලාගෙන මැරුණම දානත් දෙනවා.
පන්සල්වල සතුන් හදන්න එපා කියන උපාසක මහත්වරුන්ට අමතක වෙලාද මන්දා... පූස් පැටව්, බලු පැටව් තියාගෙන බැරිවුණාම හොරෙන් ඇවිල්ලා පන්සල් වත්තේ දාලා යන හැටි. උන්වහන්සේ කරපු සේවය වත් දන්නේ නැති පව්කාර මෝඩ මිනිස්සු තමයි...
වැදගත් මහනායක ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ හදිසි අපවත්වීම ගැන බෞද්ධයකු හැටියට කණගාටු වෙමි. මේ හදිසි අභාවය නිසා පන්සලට අයිතිකරුවන් 100 විතර ඉදිරිපත්වේවි... ලංකාවේ හැටි එහෙමයි.
උප්පජ්ජිත්වා නිරුජ්ජන්තී .....
සත්ව හිංසාවට එරෙහිව සත්තු එරෙහි වෙන දවස වැඩි ඈතක නැහැ කියලා අපි කිව්වේ කට කහනවට නෙමේ.
කවුරු මොනවා කිව්වත්, අවවාදයට වඩා ආදර්ශය උතුම්. පන්සල තුල සත්ව හිංසාවක් තිබිය යුතු නැහැ. අලි ඇතුන් ගෙන්, පෙරහැරේ තරම මනින්න අවශ්‍ය නැති වෙන්න ඕන බෞද්ධයන්ට.
අපේ හාමුදුරුවන්ට නිවන් සුව ලැබේවා!
රටට ඔබේ සේවය අවශ්‍යම අවස්ථාවක අපවත් වුනු ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා !!!
රොෂාන් ඔබ වැරදියි. මේ අවාසනාවන්ත සිද්දිය හා ආණ්ඩුව අතර කිසිම සම්බන්දයක් නැහැ .
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! රට ජාතියට අවශ්‍යම මොහොතක ඔබ වහන්සේගේ වියෝව රටට මහත් පාඩුවක්.
බෙල්ලන්විල විමලරතන හිමි කියන්නේ මාගේ ඥාති සොහොයුරෙක්. ඒ හිමි විදුලකරේ සරසවියේත් මා විදුදය සරසවියේත් අධ්‍යාපනය ලබා ඒ විශ්ව විද්‍යාලයේම කථිකාචාර්ය වරුන් ලෙස සේවය කරන්න අප දෙදෙනාටම ඉඩ ලැබුනා. 70 දශකයේ අග භාගයේදී මා London School of Economics වල මාගේ ආචාර්ය උපාධියට අවශ්‍ය පත පොත පරිශීලනය කරන අවධියේ ආචාර්ය වල්පොල රාහුල හිමියන් ගෙන් ලත් තොරතුරක් අනුව විමලරතන හිමි දිනක් මා හමුවීමට පැමිණියා. එදා සිට අප දෙදෙනා එකම මේසයේ දෙකෙළවර සිට මාස කිහිපයක් පාඩම් කරන්න යෙදුනා. අපේ ගමේ පන්සල නිසා මමත් මගේ බිරිඳත් දිවා රෑ නොබලා පන්සලේ සමාජ සේවා කටයුත් වලට සහයෝගය දුන්නා.
අලියා අයිති වනයට බව දැන්වත් තේරුම් නොගන්නේ ඇයි.
හැමදාම කන්න දෙන ඇතා ගැහැව්වද? මේ පලවෙනි වතාව නොවෙයි. මේ ගැන පරීක්ෂණයක් කල යුතුයි. පන්සල් වල අලි ඉන්නේ අද ඊයේ නොවෙයි.