මනෝප්‍රිය ගුණසේකර
ඇතැම් විනිසුරුවරුන් දුෂිත බවට ප්‍රකාශයක් කිරිමත් අධිකරණයට අපහාස කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහි සිද්ධියේ විඩීයෝ පට පරික්ෂා කිරිමෙන් පසු ඔහුට එරෙහිව නඩුවක් පැවරීමට ඇති හැකියාව සොයා බලන බව නිතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
සිසිර ද අබෘෘ, නලීන් පෙරේරා සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම නැවත කැඳවනු ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවට විරුද්දව කවුරු කතා කලත් මේක තමයි උත්තරේ
දුෂිත විනිසුරුලා ඉන්නවා නේන්නම්. ඕක ඕන පොඩි කෙනෙක් වුනත් දන්නවනේ.
යු එන් පි එකේ සත්‍ය ප්‍රකාස කරන එකම මනුස්සය. ඔබට ජය
රංජන් රාමනායක යනු නළුවෙකු වශයෙන් කිසිදු රංග ප්රතිභාවක් පෙන්වීමට අසමත් වූවෙකි. නමුත් දේශපාලකයෙකු වශයෙන් ඔහු තුල ඇති අවංක කමට හා නිර්භීත කමට මම ගරු කරමි. දේශපාලන වශයෙන් හා පෞද්ගලිකව ඔහුට අවාසි සහගත විය හැකි දේ ගැන නොසිතා ක්‍රියා කිරීම හා අදහස් ප්‍රකාශ කිරීම වෙනත් කිසිදු දේශපාලනඥයෙකු තුල දක්නට නොහැකි සාධනීය ලක්ෂණයකි. යම් තරමක උගත්කමක් තිබුණානම් දේශපාලන වශයෙන් බලාපොරොත්තු තැබිය හැකි එ.ජා.ප.ය තුල සිටින එකම පුද්ගලයා වශයෙන් මම ඔහු දකිමි. බැඳුම්කර හොරුන්ගේ මුදල් බලය මොහු නිහඩ කිරීමට යොදාගනු ඇත.
මට මතක් වෙනවා කොසොල් රජුගේ සිහින දාසය
රන්ජ මම ඔබට ගරු කරනවා , නිර්බීත ඔබට ජය
කොක්කු 2 සහ ඉබ්බා ගේ කතාවේ වර්තමාන ඉබ්බා මොහුය. කොක්කු 2 නම් රනිල් සහ ජනපති වේ. බිම සිටින කොල්ලෝ නම් පොහොට්ටු හොරුන්, නීතියේ හොරු , රටේ අනෙක් හොරු වේ. කාටුන් මට අදින්නට පුලුවන්නම් ?
මෙතුමාට කරදරයක් උනොත් මුළු රටම පාරට බහි. පක්ෂ වැඩක් නැහැ. ඇත්ත කතා කරන කෙනාව රකින්න ඕනේ.
රන්ජන්ගේ දේශපාලනය මා අනුමත නොකලට ඔහුගේ ක්‍රියාව පිලිබදව යම්කිසි සතුටු දායක බවක් තියෙනවා ඔය කතාව ඇත්ත මා දන්නා කරුණු ඕන තරම් තියෙනවා ඕකට වැරදී පෙන්වාදෙන කෙනෙකුට තර්ජනය කරනවට වඩා වැරදී කාරයෝ හැදුනානම් රටට කොතරම් හොදද?
ඉතින් ලංකාවේ අධිකරණ සහ භාන්ධනාගාර පද්ධතිය ඔච්චර හොඳ නම් මොකද නඩු අවරුදු 20-30 ඇදෙන්නේ ? දිනපතා උසාවි වල 500-1000 අතර ප්‍රමාණයක් නඩු කල් යන්නේ ? පෙරකදෝරුවෝ නිකන්ම ඉඳන් පෝසත් වෙන්නේ කොහොමද ? මිනීමරුවෝ මාස 3 රිමාන්ඩ් හිරේ ඉඳල එලියට ඇවිත් නැවත , කල්ලි හදාගෙන තොග වශයෙන් මිනි මරන්නට පෙළඹෙන්නේ මොකද ? ඇත්ත කියන එක වැරදිද ? දුෂිත විනිසුරන් ලංකා ඉතිහාසේ ඉඳලම නැද්ද ? දැන් ඉන්නෙත් නැද්ද ? රන්ජන් හිරේ දැම්මොත් ඔහු ජනතාව අතර වීරයෙකු වෙන එක පුදුමයක් නොවෙ, පක්ෂ පට නොබලා මිනිසුන් පාරට බසිනු ඇත..........
ප්‍රජතන්ත්‍රවාදී රටක ව්‍යවස්ථාදායකය නීති සම්පාදනය කරනවා. එය ගරු අධිකරණය හරහා ක්‍රියාත්මක වෙනවා. කුමන තත්වයක් යටතේ හෝ අධිකරණය හෝ අධිකරණ ක්‍රියාවලිය හෝ අධිකරණයකින් ලබා දෙන තීන්දුවක් පිලිබදව විවේචනය කිරීමට කිසිවකුටත් හැකියාවක් නැහැ. ඒ වගේම අධිකරණයක කිසිදු ගරු විනිසුරුතුමකු හෝ තුමියක විවේචනයටද කිසිවකුට හැකියාවක් නැහැ. යම් නීතියක් හෝ ක්‍රියාදාමයක් වෙනස් කිරීමට යමෙකුට අවශ්‍යනම් එය ව්‍යවස්ථාදායකය මගින් කරවාගත යුතුයි. එසේ නොවන අවස්ථාවක අධිකරණ අපහාසය යටතේ දඩුවම් ලබාදීමට නීතියේ ප්‍රතිපාදන තිබේ. යම් තීන්දුවකින් සැහීමකට පත් නොවන අයෙකුට ඉහල උසාවියකට අභියාචනා කිරීමට පටිපාටියක් ඇත.
රන්ජන් අවංක දේශපාලකයෙක්, නළුවෙක් හැටියටත් අවුලක් නැහැ.
මේවගේ සුළු දේවලට ඉක්මනින් නීතිය ක්‍රියාත්මක වෙන අතරේ මහා පරිමාණ නාස්ති, දුෂණ, වංචා වගේ දේවල් එන්න එන්නම කල්යන එකනේ අවුල. මෙහෙම කීවාම අපටත් උසාවියට එන්න කියයිද මන්දා...
රන්ජන් කියපු කාරණාව අධිකරණයම ඔප්පු කරලනේ තියෙන්නේ...
දේශපාලනයේ එකම සුපිරිසිදු මිනිසා .
ඇතැම් විනිසුරුවන් නොව මුළු අධිකරණ පද්ධතියම අන්ත දූශිතයි! ඒක ඔවුන් හැර මුළු රටම දන්නවා!