කොංගෝ ගංවතුර 30 ක් බිලිගනී අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයේ, කින්ෂාසා අගනුවර ජලයෙන් යටවිය. ඒ, පසුගිය දින කීපය තිස්සේ නොකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙනි. 07 April 2025
යුක්රේන අගනුවරට රුසියන් මිසයිල ප්‍රහාර රුසියන් හමුදාව, කීව් අගනුවර ඉලක්ක කර ගනිමින්, ගුවන් ප්‍රහාර එල්ල කළේය. එම ගුවන් ප්‍රහාරවලින් යුක්රේන සිවිල් වැසියන් 19 දෙනකු ජීවිතක්ෂට පත් වුණු බවත්, ඔවුන් අතර කුඩා දරුවන් නව දෙනකු සිටින බවත් පැවැසෙයි. 07 April 2025
පාප්තුමා ශාන්ත පීතර චතුරස්රයේ වතිකානයේ ශාන්ත පීතර චතුරස්රයට රැස්ව සිටි කතෝලික බැතිමතුන් පුදුම කිරීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් සමත් විය. ඒ, මිනිත්තු කීපයකට ඔවුන් ඉදිරියේ පෙනී සිටිමිනි. 07 April 2025
ඇමෙරිකාවේ ටෙක්සාස් සරම්ප වසංගතය දරුණුයි ඇමෙරිකාවේ බටහිර ටෙක්සාස් ජනපදයේ, සරම්ප වයිරස වසංගත තත්වය දරුණු බව එරට සෞඛ්‍ය අංශ පවසයි. 07 April 2025
හිතුමතේ පැනවූ තීරු බදු ඇමෙරිකන් ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් මිත්‍ර පාර්ශ්වීය රටවලට පමණක් නොව, ප්‍රතිවාදී රටවලට ද තීරු බදු පැනවීමක් කළේ පසුගිය අප්‍රේල් දෙවැනිදාය. තීරු බදු පැනවීම් කළ මිත්‍ර පාර්ශ්වීය රටවල් අතරට යුරෝපා රටවල්, ඉන්දියාව, ජපානය සහ චීනය සිටී. 06 April 2025
පාම්බන් පාලම මෝදි අතින් විවෘත වෙයි රාම දෙවියන්ගේ ජන්ම දිනය ලෙස සැලකෙන රාම නවමි දිනය අදට යෙදී ඇති අතර, ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් යළි ඉන්දියාව බලා ගිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, තමිල්නාඩුවේ, පාම්බන් පාලම විවෘත කළේය. 06 April 2025
කොරියන් ජනපතිගේ දෝෂාභියෝගය සම්මත වෙයි දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ට එරෙහිව ගෙනා දෝෂාභියෝගය, එරට ව්‍යවස්ථා අධිකරණය විසින් ඒකමතිකව සම්මත තහවුරු කෙරුණි. 04 April 2025
ශ්‍රී ලංකාවට සියයට 44 ක තීරු බද්දක් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 25 ක් සදහා තීරු බදු ප්‍රකාශයට පත් කර ඇති අතර ශ්‍රී ලංකාවෙන් ලැබෙන සියලුම භාණ්ඩ සඳහා සියයට 44 ක තීරු බද්දක් පැනවීමටත් තීරණය කර ඇත. 03 April 2025
ඊශ්‍රායල හමුදා බේරූට් අගනුවරට බෝම්බ දමයි ඊශ්‍රායල හමුදා, ලෙබනනයේ බීරූට් අගනුවරට දිගින් දිගටම බෝම්බ හෙලන බව වාර්තා වේ. ඒ, ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමිනි. එසේ එල්ල කළ ප්‍රහාරවලින්, ලෙබනන් සිවිල් වැසියෝ සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 02 April 2025
චීන විදෙස් ඇමැති රුසියාවේ සංචාරයක චීනය සහ රුසියාව සදාකල් මිතුරන් බවත්, එම මිත්‍රත්වය කිසිදා වෙනස් නොවන බවත් චීන විදේශ අමාත්‍ය වංග් ඊ පවසයි. චීන විදේශ අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, රුසියාවේ මොස්කව් අගනුවරදී රුසියන් ජනාධිපති ව්ලොදිමීර් පුටින් හමුවී සාකච්ඡා පැවැත් වූ අවස්ථාවේදීය. 02 April 2025
රුසියා හමුදාවට අලුත් තරුණයෝ 1,60,000 ක් රුසියාව සිය හමුදා ශක්තිය වැඩි කරගනිමින් සිටින අතර, අවුරුදු 18 ත් 30 ක් අතරේ තරුණයන් 1,60,000 ක පිරිසක්, හමුදාවට බඳවා ගන්නැයි එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් නියෝග කර තිබේ. 02 April 2025
හොලිවුඩ් නළු වැල් කිල්මර් සමුගනී ජනප්‍රිය හොලිවුඩ් නළු වැල් කිල්මර් දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 65 කි. 2014 වසරේ වැල් කිල්මර් පිළිකා රෝගියකු ලෙස හඳුනා ගැනුණි. පිළිකාව වර්ධනය වූයේ උගුරේය. වැල් කිල්මර්ට කතා කිරීමට පවා නොහැකි විය. 02 April 2025
සිරියා අන්තර්වාර රජයට නව ඇමැති මණ්ඩලයක් සිරියාවේ නව අන්තර්වාර රජයේ නව අමාත්‍ය මණ්ඩලය ප්‍රකාශයට පත් කිරීම, එරට අන්තර්වාර ජනාධිපති අහ්මද් අල් ෂාරාගේ ප්‍රධාන්වයෙන් සිදුවිය. 31 March 2025
මට විරුද්ධ වෙන්න එපා: දිගට හරහට බෝම්බ දානවා තමන්ට විරුද්ධ වන්නේ නම්, ඉරානයට දිගට හරහට බෝම්බ දමන බව ඇමෙරිකන් ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් තර්ජනය කරයි. ට්‍රම්ප්, මෙසේ තර්ජනය කළේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි. 31 March 2025
තෙවැනි ධුර කාලයක් බලයේ ඉන්න ට්‍රම්ප් කැමතියි තෙවැනි ධුර කාලයක් සඳහා බලයේ සිටීමට තමන් කැමැත්තෙන් පසුවන බවත්, ඒ සම්බන්ධයෙන් පවතින නෛතික බාධා ඉවත් කිරීමට තම නීතීඥවරුන් උත්සාහ ගනිමින් සිටින බවත්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි. 31 March 2025
ට්‍රම්ප්ට කේන්ති ගිහිල්ලා: රුසියන් ජනපතිට බැනලා රුසියන් හමුදා දිගින් දිගටම යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්, තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට දොස් නැගූ බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 31 March 2025
පුටින්ගේ මෝටර් රථය ගිනි අරන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නිල මෝටර් රථ බලඇණියට අයත්, ජනාධිපතිවරයා නිතර භාවිතයට ගන්නා ලිමොසීන් වර්ගයේ සුඛෝපබෝගී මෝටර් රියක් ගිනිගෙන, පුපුරා විනාශ වූ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. 30 March 2025
ටොංගා අසල භූමි කම්පාවක්: සුනාමි අනතුරු පැසිෆික් සාගරයේ, ඕස්ට්‍රේලියාවටත් නවසීලන්තයටත් ඔබ්බෙන් පිහිටි ටොංගා දූපත් සමූහය් අසල රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් සටහන් කළ භූමිකම්පාවක් හටගත්තේය 30 March 2025
මියන්මාරයේ මරණ 10,000 පසු කරාවි යැයි බියක් මරණ සංඛ්‍යාව 10,000 පසු කරනු ඇතැයි ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය බිය පළ කරයි. තුවාල ලැබූ ගණන 5,000 කට වැඩිය. සියවසකට අධික කාලයකින් පසු, මියන්මාරය කැලැඹූ ප්රබලතම භූමිකම්පාව මෙයයි. 30 March 2025
මියන්මාර වැසියන් ගැන ට්‍රම්ප් කතා කරයි ‘මියන්මාර හමුදා පාලනය ගැන අපේ කිසිම පැහැදීමක් නැහැ. නමුත් මේ වෙලාවේ මියන්මාර වැසියන් මුහුණ දී සිටින තත්ත්වය ඛේදනීයයි. ඇමෙරිකාව අවශ්‍ය ඕනෑම උදවුවක් ලබා දීමට සූදානම්.’ යැයි ට්‍රම්ප් පැවැසීය. 30 March 2025
මියන්මාරයට විදෙස් ආධාර මියන්මාර භූමිකම්පාවෙන් විපතට පත්වූවන්ට සහාය පළ කිරීමට චීනය, සහන සේවා කණ්ඩායම් කීපයක් මියන්මාරයට යවා ඇත. 30 March 2025
ඇමෙරිකා ආරක්ෂක ලේකම් මෙක්සිකෝ ජනපතිනිය හමුවෙයි මෙක්සිකෝ ජනාධිපතිනි ක්ලෝඩියා ෂයින්බෝම් සහ ඇමෙරිකා ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම් අතර හමුවක් පැවැත්විණි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ, එම හමුවේදී ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ සංක්‍රමණ, ආරක්ෂාව සහ දෙරට අතර සහයෝගීතාවය පිළිබද මෙහිදී සාකච්ඡා කළ බවය. 30 March 2025
මහ පාරේ දරු ප්‍රසූතිය බැංකොක් අගනුවර පොලිස් රෝහලේ වෛද්‍යවරු, එම රෝහල භූමි කම්පාවෙන් දෙදරා යද්දී, රෝගීන් පිටතට ගැනීමට යුහුසුළු වූහ. එම අවස්ථාවේ ගැබිනි මවක් දරු ප්‍රසූතියට සූදානම් වී සිටියාය. 30 March 2025
චීන හෙදියන්ගේ වීක්‍රමය මියන්මාරය කැලඹූ භූමිකම්පාවේ ප්‍රබලත්වය, චීනයට ද දැනුණි. චීනයේ යුනාන් පළාතේ රෝහලක් ද භූමිකම්පාව හේතුවෙන් දෙදරන්න පටන් ගත්තේය. 30 March 2025
ප්‍රබල භූමි කම්පා දෙකක් මියන්මාරය කලඹයි කම්පාවලින්, නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවුණු බවත්, ජීවිත හානි වාර්තා වන බවත් මියන්මාර මාධ්‍ය පවසයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වන්න ඇති බවත්, පන්සියයකට ආසන්න පිරිසක් තුවාල ලබා සිටින බවත්ය. 28 March 2025
තෙවැනි චාල්ස් රජු හදිසියේම රෝහලට බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු හදිසියේ රෝහල්ගත කෙරුණි.චාප්ස් රජු පිළිකා රෝගියකු වන අතර, ඔහු පිළිකා රෝගීන්ට ලබා දෙන ප්‍රතිකාරවලට යොමු වී සිටී. 28 March 2025
ඕස්ට්‍රේලියා මහ මැතිවරණය මාර්තු 3 වැනිදා ඕස්ට්‍රේලියා මහ මැතිවරණය මැයි 3 වැනිදා පැවැත්වෙන බව, අග්‍රාමාත්‍ය ඇන්තොනි ඇල්බනීස් නිවේදනය කළේය. 28 March 2025
ඊජිප්තු සබ්මැරීනයක් මුහුදු පතුලේ අනතුරේ සංචාරකයන්ට මුහුදු පතුළේ සුන්දරත්වය, අත්විඳීමට ඉඩ සලසන, ඊජිප්තු සංචාරක සමාගමකට අයත් සම්බැරීනයක්, ඊජිප්තුවට ඔබ්බෙන් රතු මුහුදේදී අනතුරට පත් විය. 28 March 2025
ඇමෙරිකාවට ආනයනය කරන මෝටර් රථ සඳහා අලුත් බද්දක් ඇමෙරිකාවට ආනයනය කරන මෝටර් රථ සඳහා ලබන අප්‍රේල් දෙවැනිදා සිට සියයට 25 ක බද්දක් පනවන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 27 March 2025
තායිලන්ත අගමැතිනිය විශ්වාසභංගයෙන් බේරෙයි තායිලන්ත අගමැතිනී පේටොංටාන් ෂිනවාත්‍රාට එරෙහිව එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංගයක් ඉදිරිපත් කළේය. එම විශ්වාසභංගය පරාජය කිරීමට අග්‍රාමාත්‍යවරිය සමත් විය. පේටොංටාන් ෂිනවාත්රා යනු තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන තක්සින් ෂිනවාත්‍රාගේ දියණියයි. 27 March 2025
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026