ඉලොන් මස්ක්ගේ රොකට්ටුව අසාර්ථකයි ඇමෙරිකන් බිලියනපති ඉලොන්ස් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම ‘ස්පේස් එක්ස් ස්ටාර්ෂිප්’ රොකට්ටුවක් අත්හදා බැලූ අතර, එය අසාර්ථක විය. අත්හදා බැලීම කළේ ‘ස්පේස් එක්ස් ස්ටාර්ෂිප් 9’ නමැති රොකට්ටුවය. 28 May 2025
ආධාර ඉල්ලා පොරකෑ පලස්තීනුවෝ 3 ක් මරුට ඇමෙරිකාවේ අනුග්‍රහය ලබන ‘ගාසා මානුෂීය පදනම’, ගාසා තීරයේ පලස්තීන මුස්ලිම් වැසියන්ට ආධාර බෙදා දීමට කටයුතු කළේය. එහිදී ආධාර ලබා ගැනීමට පොරකෑ පලස්තීන වැසියන්ගෙන් තිදෙනකු තෙරපීමට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 46 දෙනෙක් තුවාල ලැබූහ. 28 May 2025
පුටින් ගින්දර එක්ක සෙල්ලම් කරනවා - ට්‍රම්ප් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ‘ගින්දර සමඟ සෙල්ලම් කරනවා’ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි. ට්‍රම්ප් මෙසේ චෝදනා කළේ රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට ට්‍රම්ප්ගේ කිසිදු උනන්දුවක් නොමැති බව පවසමිණි. 28 May 2025
තෙවැනි චාල්ස් රජු කැනඩා අගමැති හමුවෙයි බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු දෙදින නිල සංචාරයක් සඳහා කැනඩාවට පැමිණ සිටී. ඔටෝවා නුවරදී චාල්ස් රජු සහ කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නී අතරේ හමුවක් පැවැත්විණි. 27 May 2025
ප්‍රංශ ජනපති නෝනාගේ සත්තම වියට්නාමයේ නිල සංචාරයකට ගිය ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සම්බන්ධයෙන් පුවතක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වෙමින් පවතී. 27 May 2025
තුර්කි ජනාධිපති එර්දොවාන් පාකිස්තාන අගමැති හමුවෙයි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා තුර්කියේ ඉස්තාන්බුල් නුවරට පැමිණි අවස්ථාවේදීය. 26 May 2025
වෙනිසියුලා මැතිවරණය: මදුරෝගේ පක්ෂය ජයගනී ලතින් ඇමෙරිකාවට අයත් වෙනිසියුලාවේ, පාර්ලිමේන්තු මැතිවරණයත් පළාත් සභා මැතිවරණයත් පැවැත්වුණු අතර, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝගේ නායකත්වයෙන් යුත් ‘එක්සත් සමාජවාදී පක්ෂය’ විශිෂ්ට හිමිකර ගත්තේය. 26 May 2025
ගාසා මානුෂීය පදනමේ ප්‍රධානියා ධුරයෙන් ඉවතට ඇමෙරිකාවේ අනුග්‍රහය ලබන ගාසා මානුෂීය පදනමේ ප්‍රධානී ජේක් වුඩ් සිය තනතුරින් ඉල්ලා අස්වී ඇත. ඒ, තම ගාසා මානුෂීය පදනම සංවිධානයට, ඊශ්‍රායල ප්‍රහාරවලින් දිගින් දිගටම බැට කා අසරණ වී, කුසගින්නේ මරණ මංචකයේ සිටින පලස්තීනුවන් වෙනුවෙන් කිසිවක් කරගත නොහැකි බව පෙන්වා දෙමිනි. 26 May 2025
කොරියන් නායකයා ඇමෙරිකන් ජනපතිට ලියයි උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යවා ඇත. නායක කිම් ජොන් උන්, ඇමෙරිකා ජනාධිපතිවරයාට මෙසේ ලිපියක් යවා ඇත්තේ තර්ජනය කරමින් යැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 26 May 2025
ඉන්දීය ආර්ථිකය ලොව සිවුවැනි තැනට ජපානය අභිබවමින්, ඉන්දියාව ලොව සිවුවැනි විශාලතම ආර්ථිකය හිමි රට බවට පත් වී ඇත. ඒ, මෙම 2025 වසරේ, ඇමෙරිකන් ඩොලර් ටි්රලියන 4.187ක ආදායමක් උපයමිනි. 26 May 2025
ඇමෙරිකාවේ වෙඩි තැබීමක් ඇමෙරිකාවේ, දකුණු කැරෝලිනා ජනපදයේ වෙරළාශ්‍රිත නගරයක වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීමෙන් 11 දෙනකු තුවාල ලැබූ බවත් ඔවුන් කඩිනමින් රෝහල්ගත කළ බවත් පැවැසෙයි. 26 May 2025
පුටින් පිස්සෙක් - ට්‍රම්ප් කියයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ‘උම්මත්තකයකු’ යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි. 26 May 2025
රුසියන් යුක්රේන සිරකරු හුවමාරුවක් යුක්රේනය සහ රුසියාව අතරේ, සිරකරු හුවමාරුවක් සිදුවිය. සිරකරුවන් 390 දෙනකු හුවමාරු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඉදිරි දින කීපයේ දී තවත් සිරකරුවන් 600 දෙනකු පමණ හුවමාරු කර ගැනීමට නියමිත බව ද පැවැසෙයි. 25 May 2025
ලයිබීරියා බඩු නැවක් ඉන්දීය සාගරයේ පෙරළිලා ලයිබීරියාවේ ධජය සහිත බහාලුම් නෞකාවක් ඉන්දියාවේ විජින්ජාම් වරායෙන් පිටත් වීමෙන් පසු මුහුදේදී අනතුරට ලක් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ, එම බහාලුම් නෞකාව පෙරැළීමට ලක්වුණු බවය. 25 May 2025
සිරියානු ජනාධිපති තුර්කි ජනාධිපති හමුවෙයි බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමෙන් පසු සිරියාවේ පිහිටුවූ අන්තර්වාර රජයේ ජනාධිපති අහ්මද් අල්-ෂරා සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් අතරේ හමුවක් තුර්කියේදී පැවැත්විණි. 25 May 2025
ඇමෙරිකා වෙළෙඳ ගිවිසුමක් ඇතිකර ගන්නවා ඇමෙරිකාව සමග කෙසේ හෝ වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට තමන් කැපවී සිටින බව යුරෝපා සංගමය පවසයි. 25 May 2025
යුරෝපා සංගමයට බදු යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 50 ක තීරුබදු පැනැවීමට තමන් සූදානම් බවත්, එලැඹෙන ජූනි පළමු වැනිදා සිට මෙම නව තීරුබදු පැනවීම ක්‍රියාත්මක ඇති බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 25 May 2025
ට්‍රම්ප් නියෝගයට අධිකරණය හරස් වෙයි ඇමෙරිකාවේ පැරණිතම මෙන්ම, ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් ලෙස සැලකෙන හාවඩ් විශ්ව විද්‍යාලයට විදෙස් සිසුන් බඳවා ගැනීම අත්හිටුවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දුන් නියෝගයට එරට ෆෙඩරල් අධිකරණයක් හරස් විය. ඒ, ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ නියෝගය තාවකාලිකව අත්හිටුවමිනි. 25 May 2025
ඇෆ්ගනිස්තානයෙනුත් පාකිස්තානයට කෙණෙහිළි තම ගංගා පාකිස්තානය හරහා ගලා බැසීම වළක්වමින්, වේලි ඉදි කිරීමට ඇෆ්ගන් තලේබාන් රජයේ සහාය තමන්ට හිමිවනු ඇතැයි බලුකිස්තාන බෙදුම්වාදී සංවිධාන, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කරමින් පවසා ඇත. 23 May 2025
ගාසා වැසියෝ 29 ක් කුසගින්නේ මියගිහින් ගාසා තීරයේ පලස්තීනුවන් 29 දෙනකු කුසගින්නේ මියගිය බව පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පවසති. මියගිය 29 දෙනා අතර සිටින්නේ කුඩා දරුවන් සහ වයෝවෘද්ධ පුද්ගලයන්ය. 23 May 2025
විදෙස් සිසුන් බඳවා ගැනීම අත්හිටුවයි ඇමෙරිකාවේ පැරණිතම මෙන්ම, ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් ලෙස සැලකෙන හාවඩ් විශ්ව විද්‍යාලයට විදෙස් සිසුන් බඳවා ගැනීම අත්හිටුවීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත. 23 May 2025
ගාසා තීරයේ හමාස් විරෝධතා දකුණුදිග ගාසා තීරයේ පලස්තීන වැසියෝ ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානයට එරෙහිව වීදි බැස විරෝධතා පවත්වන බව වාර්තා වේ. 22 May 2025
පලස්තීන බටහිර ඉවුරට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් පලස්තීනුවන් වාසය කරන බටහිර ඉවුරේ ජෙනින් නුවර පිහිටි සරණාගත කඳවුරකට ඊශ්‍රායලය මිසයිල ප්‍රහාර එල්ල කළේය. එම මිසයිල ප්‍රහාරය එල්ල වෙද්දී යුරෝපා සංගමයේත්, අරාබි සහ ආසියානු රටවලත් නියෝජිතයන් පිරිසක් සරණාගත කඳවුරේ නිරීක්ෂණ චාරිකාවකට එක් වී සිටියහ. 22 May 2025
ඇමෙරිකාවේ ඊශ්‍රායල නිලධාරීන් මරා දමලා ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, යුදෙව් කෞතුකාගාරයක් ඉදිරිපිට දී ඇමෙරිකාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකු ඝාතනයට ලක් වුණු බව පැවැසෙයි. 22 May 2025
දකුණු අප්‍රිකා ජනපති ට්‍රම්ප් හමුවන්න ඇවිල්ලා පළුදු වූ හොඳහිත තරකර ගැනීමේ අරමුණින්, දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ දී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය. 22 May 2025
ට්‍රම්ප්ට තෑගි ලැබුණු යානය ආරක්ෂක දෙපාර්තමේන්තුවට කටාර් රජ පවුලෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පිරිනැමුණු ඇමෙරිකන් ඩොලර් මිලියන 400 ක් වටිනා අති සුඛෝපබෝගී බෝයිං 747-8 වර්ගයේ මගී ගුවන් යානය ඇමෙරිකන් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ලැබී ඇත. 22 May 2025
නව කොවිඩ් ප්‍රභේදය දරුණුයි චීනය, හොංකොං, තායිලන්තය, සිංගප්පූරුව සහ අසල්වැසි ඉන්දියාව ආදී ආසියානු රටවල, ‘කොවිඩ් 19’ වයිරසයේ නව ප්‍රභේදයක් ව්‍යාප්ත වීමත් සමඟ, යළිත් වරක් ‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් ලොව පුරා භීතියක් හටගෙන ඇත. 22 May 2025
බුකර් සම්මානය බානු මුස්‍තාක්ට දකුණු ඉන්දීය ලේඛිකා බානු මුස්තාක්, මෙවර ජාත්‍යන්තර බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඒ, ඇය කණ්ණඩ බසින් රචනා කරන ලද ‘හාට් ලෑම්ප්’ කෙටි කතා සංග්‍රහයේ ඉංග්‍රීසි පරිවර්තනය වෙනුවෙනි. 22 May 2025
බංග්ලාදේශ නිළි නුස්රාත් ෆරීයා අත්අඩංගුවට ශිෂ්‍ය විරෝධතා හමුවේ, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරය අතහැර, රටින් ද බලා ගිය අගමැතිනී ෂෙයික් හසිනාගේ චරිතය නිරූපණය කළ බංග්ලාදේශ නිළි නුස්රාත් ෆරීයා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ඒ, මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි. 22 May 2025
ට්‍රම්ප්ගෙන් ඇමෙරිකාවට මිසයිල ආරක්ෂක පද්ධතියක් ඇමෙරිකාවට නව මිසයිල ආරක්ෂක පද්ධතියක් අවශ්‍ය බව පෙන්වා දෙමින්, ‘ගෝල්ඩන් ඩෝම්’ නමැති නව මිසයිල ආරක්ෂක පද්ධතිය හඳුන්වා දීමට, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේය. 21 May 2025
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026