ටිඇන්ගොන් නමින් නම් කළ චීන අභ්‍යවකාශ නැවතුම්පොළේ තවත් ඉදිකිරීමේ මෙහෙයුමක් ආරම්භ විය. ඒ සඳහා 'ෂෙන්සූ-21' අභ්‍යවකාශ මෙහෙයුම දියක් කෙරුණු බව පැවැසෙයි.

චීන ගගනගාමීන් තිදෙනකු රැගත් ගගන කැප්සියුලය, චීනයේ නිෂ්පාදිත ලෝංග් මාර්ච් 2 වර්ගයේ අධිබලැති රොකට්ටුවෙන් ගුවන්ගත කෙරුණි.

මෙම මෙහෙයුමට චීනය මෙතෙක් අභ්‍යකාශයට යැවූ ළාබාලතම ගගනගාමියා ද එක්ව සිටීම විශේෂත්වයකි. ඒ, තිස්දෙහැවිරිදි වූ-ෆෙයි නම් ඉංජිනේරුවාය.

ගගනගාමින් පර්යේෂණ සදහා මීයන් සිවු දෙනකු ද උඩුගුවනට රැගෙන ගිය බව පැවැසෙයි.