
උතුරුදිග ඇෆ්ගනිස්තානය, රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවකින් කැලඹිණි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූමිකම්පාවෙන් 10 දෙනකු මියගිය බවත්, 260 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත්ය.
භූමිකම්පාවෙන් දරුණු හානි සිදුවූයේ බලාක් සහ සමන්ගාන් යන පළාත්වලටය. උතුරු දෙසින් පිහිටි මසාර් ඊ ෂරීෆ් නගරයට ද දැඩි හානි සිදුවී ඇතැයි පැවැසෙයි. මෙම නගරයේ ජනගහනය 5,23,000 ක් යැයි ඇෆ්ගන් තලේබාන් රජය පවසයි.
භූමිකම්පාවේ අපිකේන්ද්‍රය කිලෝ මීටර් 28 ක් පොළොව අභ්‍යන්තරයෙන් වාර්තා වූ බව ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඇෆ්ගනිස්තානය පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. එබැවින් භූමිකම්පා හටගැනීම සුලබය. භූමිකම්පාවෙන් නිවාස ඇතුළු ගොඩනැගිලි සිය ගණනකට හානිවුණු බවත් ඇතැම් නිවාස සහ ගොඩනැගිලි බිමට සමතලා වී ඇති බවත් වාර්තා වේ.
2021 වසරේ දී ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු, එරට බලය අල්ලාගෙන සිටින්නේ තලේබාන්වරුන්ය. තලේබාන්වරුන් ෂරියා නීතිය ක්‍රියාවට නංවා ඇත.
භූමිකම්පාව හේතුවෙන් තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කළ බවත්, ෂරියා නීතිය හේතුවෙන්, පළමුවෙන් ප්‍රතිකාර ලබා දීම සිදුවූයේ පිරිමින්ට බවත් පැවැසෙයි.
2025 නොවැම්බර් මස 04
161
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2054
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1580
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගන් භූමිකම්පාව 10 ක් බිලිගනී