
‘කල්මේගි‘ සුළි කුණාටුවෙන් බැට කෑ පිලිපීනයට, ‘ෆුන්ග් වොන්ග්’ නමැති සුළි කුණාටුව කඩා වැදුණි.
පිලිපීන මාධ්‍ය වාර්තා කළේ, සුළි කුණාටුව හේතුවෙන් අනාරක්ෂිත ස්ථානවල පදිංචි මිලියයකට වැඩි පිරිසක්, ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ බවය. ‘ෆුන්ග් වොන්ග්’ සුළි කුණාටුවට දෙදෙනකු බිලි වුණු බව ද පැවැසෙයි.
කාලගුණ විද්‍යාඥයන්, ‘ෆුන්ග් වොන්ග්’ සුළි කුණාටුව හඳුන්වා දී ඇත්තේ ‘සුපිරි සුළි කුණාටුවක්’ යනුවෙනි.
සුළි කුණාටුව පිලිපීනයට කඩා වැදුණේ පැයට කිලෝ මීටර් 230 කට වැඩි වේගයෙකිනි. ‘කල්මේගි‘ සුළි කුණාටුව, පිලිපීනයටත්, වියට්නාමයටත් කඩා වැදුණේ පසුගිය සතියේය.
මෙම සුළි කුණාටුව පිලිපීනයේ 204 ක් බිලිගත්තේය. සුළි කුණාටුව හේතුවෙන්, 100කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇතැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd