
ලෝ ප්‍රකට හිටපු පාපන්දු තරුවක් වන ඩේවිඩ් බෙකම්ට නයිට් පදවියක් හිමිවිය. ඒ, බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු අතිනි.
නයිට් පදවිය පිරිනැමිම වින්ඩ්සර් මාලිගාවේදී සිදුවිය. ඒ අනුව, මින් ඉදිරියට ඩේවිඩ් බෙකම්, ශ්‍රීමත් ඩෙිවිඩ් බෙකම් යන ගෞරව නාමයෙන් ද, බෙකම්ගේ බිරිඳ වික්ටෝරියා, වික්ටෝරියා ආර්යාව යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙනු ඇත. මෙය දීර්ග කාලින සිහිනයක් සැබෑවීමක් යැයි 50 හැවිරිදි බෙකම් මාධ්‍ය හමුවේ පවසා ඇත.
මැන්චෙස්ටර් යුනයිටඩ් සහ රියල් මැඩ්රිඩ් මැදපෙළ හිටපු ක්‍රීඩක ඩේවිඩ් බෙකම් සැලකෙන්නේ ලොව අති විශිෂ්ට පාපන්දු ක්‍රීඩකයකු ලෙසය. ක්‍රීඩා පිටියෙන් විශ්‍රාම යෑමෙන් පසු ඔහු ක්‍රීඩාව වෙනුවෙන් මෙන්ම, පුණ්‍ය කටයුතු වෙනුවෙන් ද කැප වී සිටී. නයිට් පදවිය බෙකම්ට හිමිවූයේ එම කටයුතු ඇගයීමක් ලෙසය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd