IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


දිල්ලි පිපිරීමෙන් මියගිය ගණන ඉහළට

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව අසල ලාල් ක්විලා මෙට්‍රෝ දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගයේ කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 11 කි.

කාර් බෝම්බය පුපුරා ගියේ ඉන්දියාවේ වේලාවෙන් අද (11) සවස 7.29 ට පමණය. එය ත්‍රස්ත ක්‍රියාවක් විය හැකි යැයි පොලිසිය සැක කරයි.

පිපිරුමත් සමඟ ගින්නක් ද හටගත්තේය. ගින්න නිවා දැමීමට ගිනි නිවන ට්‍රක් රථ 20 ක් අදාළ ස්ථානයට පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. තුවාල ලැබූවන් නුදුරින් පිහිටි ලොක් නායක් ජයප්‍රකාශ් රෝහලට කඩිනමින් ඇතුළත් කෙරුණු බව ද පැවැසෙයි. තුවාල ලැබූවන්ගේ තත්වය බරපතල බවත්, මරණ සංඛයාව තවත් ඉහළ යා හැකි බවත් රෝහල් ආරංචි මාර්ග පැවැසීය.

පිපිරුමෙන් පසු දිල්ලි අගනුවර ආරක්ෂාව තර කිරීමටත් පොලිසිය සීරුවෙන් තැබීමටත් බලධාරීන් උපදෙස් දුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පැවැසීය.

ඊට අමතරව, පිපිරීමෙන් පසු ඉන්දියාවේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන මුම්බායි නුවරත්, ජායිපූර්, උත්තර් ප්‍රදේශ් සහ උත්තරාඛාන්ද් යන ප්‍රාන්තවලත් ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්හ.

රතු බලකොටුව (ලාල් ක්විලා) යනු දිල්ලි අගනුවර ඉදිකර ඇති ඉන්දියාවේ ඉතිහාසය, කලාත්මකභාවය සහ මෝගල් ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය කියාපාන අතිශය වැදගත් ස්මාරකයකි. මෙය 2007 දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම් කරන ලදී.

රතු බලකොටුව අවට වීදි සෑම විටම මෝටර් රථවලින් සහ ජනතාවගෙන් පිරී පවතී. විදෙස් සංචාරකයන් ද රතු බලකොටුව ආශ්‍රිත වීදිවල සැරිසරනු නිරන්තරයෙන් දකින්න ලැබේ.

කාර් බෝම්බය පුපුරා යද්දී ද වීදි ජනාකීර්ණව පැවැතිණි. පිපිරීමත් සමඟ අසල පිහිටි මෝටර් රථවලට, බස් රථවලට සහ ත්‍රී රෝද රථවලට හානි සිදුවිය. ගොඩනැගිලි කීපයකට ද හානි සිදුවිය. පිපිරුමේ ප්‍රබලත්වය කිලෝ මීටර් ගණනාවක් දුරට දැනුණු බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පිපිරුම ගැන සැලසුණු සැණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් කරුණු විමසා බැලූ බව ද පැවැසෙයි.

නවදිල්ලියේ පිපිරීම සිදුවීමට පැය කීපයකර පෙර, නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්තයට යාබද, උතුරු දෙසින් පිහිටි හර්යානා ප්‍රාන්තයේ ෆරීඩාබාද් නුවර කුලී නිවසකින් පුපුරන ද්‍රව්‍ය සහ අවි ආයුධ තොගයක් සොයා ගැනීමට පොලිසියට හැකිවිය. ඒ බුද්ධි අංශ තොරතුරු අනුව යමින් කළ වැටලීමකිනි.

මෙම නිවසේ කුලියට නැවතී සිට ඇත්තේ, ජම්මු කාශ්මීරයේ පුල්වාමා හි පදිංචි වෛද්‍යවරයකු වන මුජම්මිල් ෂකීල් යැයි ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබේ. මොහු පාකිස්තානයට සහාය දක්වන ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායමක සාමාජිකතයකු යැයි ද පැවැසෙයි.



අදහස් (3)

දිල්ලි පිපිරීමෙන් මියගිය ගණන ඉහළට

Lalith Monday, 10 November 2025 11:06 PM

අපොයි, "එකොළහ " කියන්නේ මොකද්ද .ඉන්දියාවෙන් පුහුණු කරලා එවපු LTTE කාරයෝ මෙහෙ එක බෝම්බෙන් සිය ගණන් මරුවානේ ?

:       0       0

Ahmat Tuesday, 11 November 2025 04:47 AM

සන්හිදියාව අවුල් වෙන ජාති කියන්න හෙම ඔට්ටු නෑ ඕන්... හරිය? බෝම්බ ගහන්නෙ අපෙ ආගම පිලිපදින්නෙ නෑති අය. අපිට වඩා සුපිරි අය ලෝකෙ වෙන නෑ

:       1       1

Shantha - Qatar Tuesday, 11 November 2025 09:18 AM

අවුරුදු 30ක් පුරාවටම අපි කොයිතරම් මේ වගේ පණිවිඩ ඇහුවද? අත් වින්දද ? ඒ වේදනාව අදත් හිතේ තියෙනවා. මිය ගිය අයට කනගාටුව සහ තුවාල ලැබූවන් ඉක්මනින් සුව වේවා!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 175 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 241 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1119 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site