
ඇමෙරිකාවේ නිව්යෝක් නගරසභා මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක සොහ්රාන් මම්දානී සමත් විය. ඒ අනුව, නිව්යෝක් නගරාධිපති ධුරයට පත්වන පළමු මුස්ලිම් නගරාධිපතිවරයා වන්නේ මම්දානීය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වූයේ ඇන්ඩෲ කියෝමෝස් ය.
කියෝමෝස් මෙම මැතිවරණය ජයග්‍රහණය කළ යුතුම යැයි ට්‍රම්ප් අවස්ථා ගණනාවකදී පවසා තිබුණි. මුස්ලිම් නගරාධිපතිවරයකු පත් වීම සම්බන්ධයෙන් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ කනස්සල්ල පළ කර ඇති බව ද පැවැසෙයි. සොහ්රාන් මම්දානී ලැබූ මෙම ජයග්‍රහණය ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයට විශාල වාසියක් වනු ඇතැයි ද පැවැසෙයි.
34 හැවිරිදි මම්දානී, ලබන ජනවාරි පළමු වැනිදා නගරාධිපති ලෙස දිවුරුම් දීමට නියමිතය. මම්දානී උපත ලබා ඇත්තේ අප්‍රිකා රාජ්‍යයක් වන උගන්ඩාවේ කම්පාලා නුවරදීය. ඔහු ඇමෙරිකාවට සංක්‍රමණය වී ඇත්තේ අවුරුදු 7 දීය.
මම්දානී ඇමෙරිකාවේ මේන් ප්‍රාන්තයේ බෝඩොයින් විද්‍යාලයෙන් අප්‍රිකානු අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගෙන ඇත. දේශපාලනයට පිවිසීමට පෙර, ඔහු නිවාස උපදේශකයකු ලෙස සේවය කළ අතර, අඩු ආදායම්ලාභී පවුල්වලට ඉවත් කිරීම් වැළැක්වීමට සහාය දක්වා තිබේ. මම්දානී, මෙම වසර මුලදී විවාහ විය. ඒ, නිව්යෝක් බෘක්ලින්හි පදිංචි 27 හැවිරිදි සිරියානු ජාතික කලා ශිල්පිනියක වන රාමා දුවාජි සමඟය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් එහෙ ඥාණසාර හාමුදුරුවෝ නැද්ද?
මේක මුස්ලිම්වරු හෝ සමාජ වාදීන් ලැබූ ජයක් නොවේ.. දැඩි ජාතිවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින්, විශාල තීරුබදු ගසමින් සිටින ට්‍රම්ප් ආණ්ඩුවට ජනතාව ගසපු කනේ පහරක්, එහෙම නැති නම් අනතුරු ඇගවීමක්.., මෙතැනදී මම දානි විශාල ලෙස කලපනකාරී විය යුතුයි... ඔහු නිව්යෝර්ක් නගරය විශාල මුස්ලිම් කරණයකට බර හෝ සමාජ වාදයට බර පිළිවෙතකට ගියොත් ඔහුගේ දේශපාලන ගමන කෙටි වනු ඇත.
තව වසර කිහිපයකින් ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ පමණක් නොව වෙනත් ප්‍රධාන නගරවලද මුස්ලිම් නගරාධිපති වරුන් පමණක් නොව, වෙනත් විදේශීය සම්භවයන් සහිත ඇමරිකානු ජාතිකයන් පරිපාලන යාන්ත්‍රනයට එක්වීම නොවැලැක්විය හැකි කරුණකි. සමහර විශේෂඥ මත අනුව නුදුරු අනාගතයේදී, ඇමරිකානු පුරවැසි ලාභී විදෙශීකයෙක් ධවල මන්දිරයේ තාවකාලික හිමිකරු වී, Air Force One යානාවෙන් ලොව සැරිසරනු ඇතැයි විශ්වාස කෙරේ. කයිවාරු ගැහුවට, "තමා ජනාධිපති වී පැය 24 න්, රුසියානු ජනාධිපති පූටින්ට හොඳ පාඩමක් උගන්වා යුක්රේන ආක්‍රමණය නිමාකරණ බවට " වහසිබස් දෙඩවූ ට්‍රම්ප් සීයාට පුංචි කෙනෙහිලිල්ලක් මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් ලැබෙන්න ඇතැයි විශ්වාස කෙරේ...
ඇමෙරිකාව ඔච්චර දියුණු නම් ඇයි ජාති ආගම් වැනි අන්තවාදී අදහස් හුවා දක්වන්කෙ?
ඕක මහලොකු දෙයක්ද? මීට ඉස්සෙල්ලා ලංකාවේ කොළඹ පුරපති වෙලා හිටියේ මුස්ලිම් අය කීපවතාවක්...