(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාකිස්ථානයේ හිටපු අග්රාමාත්ය සහ ලෝක පූජිත ක්රිකට් ක්රීඩක ඉම්රාන් කාන් මහතා නිදහස් කර ගැනීමට පක්ෂ බේදයෙන් තොරව සියළු දෙනා මැදිහත් විය යුතු බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්රික් මන්ත්රී නීතිඥ අජිත් පී පෙරේරාා මහතා පාර්ලිමේන්තුවේද අද පැවසීය.
ඉම්රාන් ඛාන් මහතා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම ප්රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් වරප්රසාද ප්රශ්නයක් මතු කරමින් ඔහු මෙසේ සඳහන් කළේය.
අජිත් පී පෙරේරා මහතා මෙසේද පැවසීය
ඉම්රාන් කාන් කියන්නේ පකිස්ථානයේ හිටපු අගමැතිවරයා පමණක් නොවෙයි. මුළු ලෝකයම ආදරය කරන ක්රිකට් ක්රීඩකයෙක්. ඔහු අපේ රටට පිහිට වුණු අයෙක්. අද මෙතන තියෙන්නේ රටවල් අතර ප්රශ්නයක් නොවෙයි.
අපේ ක්රිකට් කටයුතුවලදිත් එතුමා පුදුම විදිහට උදව් කළා. විශේෂයෙන්ම ලෝක කුසලානය ගන්න වෙලාවේ. රාජ්ය තාන්ත්රික හිතවත්කම් පාවිච්චි කර මානුෂීය හේතු මත ඔහු නිදහස් කර ගැනීමට පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව කවුරුත් මැදිහත් විය යුතුයි. ඉම්රාන් කාන් රැඳවීම පිටුපස මානව හිමිකම් පිළිබඳ ප්රශ්නයක් තියෙනවා. මානව හිමිකම් කියන්නේ එක රටකට සීමාවුණු දෙයක් නොවේ. යම් තැනක මානව හිමිකම් කඩවෙනව නම් ඒක මුළු ලෝකෙටම බලපානවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd