පාප්තුමා ප්රමාදයට සමාව ඉල්ලයි
14 වැනි ලියෝ පාප්තුමා නයිසියා කවුන්සිලයේ, 1700 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් පැවැති ඓතිහාසික සමුළුවට සහභාගී වූ අතර, ඔහු සමුළුව ඇමතීමට පෙර රැස්ව සිටි ක්රිස්තියානි නායකයින් අමතමින් පළමුවෙන් ම කළේ සමාව ඉල්ලීමය. ඊට හේතුව පාප්තුමන් සමුළුවට පැමිණියේ සුළු ප්රමාදයක් සහිතව වීම නිසාය.