IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාව ‘ජී20’ වර්ජනය කරයි

‘ජී20’ රාජ්‍ය නායක සමුළුව දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරදී පැවැත්වුණු අතර, ඊට ඇමෙරිකාව සහභාගී වූයේ නැත. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ ඇමෙරිකාව නියෝජය කරමින් කිසිදු නියෝජිතයකු සමුළුවට සහභාගී නොවූයේ ඇමෙරිකාව සමුළුව වර්ජනය කළ බැවිනි.

‘ජී20’ යනු ලෝකයේ ප්‍රබලමත ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල් විස්සේ එකමුතුවය. ඊට අමතරව යුරෝපා සංගමය පමණක් නොව, අප්‍රිකා සංගමය ද ‘ජී20’ කණ්ඩායමට ඇතුළත් වෙයි. ජාත්‍යන්තර සහයෝගීතාවක් ඇති කර ගැනීම මෙම සමුළුවේ අරමහුණ වෙයි.

ඇමෙරිකාව මෙවර ‘ජී20’ සමුළුව වර්ජනය කළේ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රජය සහ දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝසාගේ රජය අතරේ පවතින මත ගැටුම් නිසාය. මෙම මත ගැටුම්වලට හේතුව වී ඇත්තේ දකුණු අප්‍රිකා රජය, එරට සුළුතරය ලෙස සැලකෙන සුදු ජාතිකයන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගන්නවා යන චෝදනාය.

කළු ජාතිකයන්, සුදු ජාතිකයන් අමානුෂික ලෙස ඝාතනය කරමින් ඉඩම් අත්පත් කර ගන්නා බවට ද චෝදනා එල්ල වී ඇත. මෙය දකුණු අප්‍රිකා ජනාධිපති රමපෝසා තරයේ ප්‍රතික්ෂේප කරයි.

ඇමෙරිකාව සමුළුවට සහභාගී නොවුණත්, සෙසු ‘ජී20’ සාමාජික රටවල රාජ්‍ය නායකයෝ සමුළුවට සහභාගී වූහ. ඒ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා ද විය. ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවක් අප්‍රිකාවේ පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි. 2026 වසරේ ‘ජී20’ සමුළුව ඇමෙරිකාවේ පැවැත්වීමට නියමිතය.

ඇමෙරිකාව ‘ජී20’ සමුළුව, වර්ජනය කිරීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිතකා ජනාධිපති රමපෝසා සියට අප්‍රසාදය පළ කර ඇති අතර එය ට්‍රම්ප්ගේත්, ට්‍රම්ප් පරිපාලනයේත් දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

ලබන 2026 වසරේ ‘ජී20’ සමුළුව නිල වශයෙන් පැවැත්වීම තමන් බාර ගන්නා බව සංකේතවත් කිරීමට පමණක්, දකුණු අප්‍රිකාවේ ඇමෙරිකන් තානාපති සමුළුවට සහභාගී වුණු බව ද පැවැසීය.



අදහස් (0)

ඇමෙරිකාව ‘ජී20’ වර්ජනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 158 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 230 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1095 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site