පාකිස්තානයේ පෙෂවෝර් නුවර හමුදා මූලස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය.
පාකිස්තාන හමුදාව පැවැසුවේ, පෙෂවෝර් නුවර අතිරේක හමුදා මූලස්ථානයට මෙසේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකු සහ තවත් ත්‍රස්තවාදීන් පිරිසක් හමුදා මූලස්ථානයට කඩා වැදී පහර දුන් බවය. ප්‍රහාරයෙන් අතිරේක හමුදා සාමාජිකයන් අට දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනා හමුදා මූලස්ථානයේ ගේට්ටුව අසල බෝම්බ පුපුරුවා ගනිද්දී, සෙසු ත්‍රස්තවාදීන් මූලස්ථාන ගොඩනැගිල්ලට කඩා වැදුණු බව පැවැසෙයි. හමුදා සොල්දාදුවන් සහ ත්‍රස්තවාදීන් අතරේ පැය කීපයක දරුණු අවි ගැටුම් ද පැවැතිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd