IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


ධර්මේන්ද්‍ර සමුගනී

සම්මානනීය ප්‍රවීණ බොලිවුඩ් නළු ධර්මේන්ද්‍ර අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 89 කි. 
 
ධර්මේන්ද්‍ර පසුගිය සති කීපයේ දැඩි ලෙස රෝගාතුරුව සිටි බව වාර්තා විය. මුම්බායි නුවර බ්‍රෙච් කැන්ඩි පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලැබූ ධර්මේන්ද්‍ර පසුව රෝහලෙන් පිටව ගිය බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.
 
මාසයක පමණ කාලයක් රෝහල්ගතව සිටිද්දී ධර්මේන්ද්‍ර දිවි සුරැකුම් යන්ත්‍රයකට ද සම්බන්ධ කර තැබුණි. ඔහු රෝහලෙන් පිටවී ගියේ පසුගිය නොවැම්බර් 12 වැනිදාය. නිවසේ සිට ප්‍රතිකාර ලබා ගැනීමට විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ද යෙදවිණි.
 
දශක හයකට වැඩි කාලයක් පුරා චිත්‍රපට 300 කට අධික සංඛ්‍යාවක රඟපෑ, ඉන්දීය සිනමාවේ වඩාත්ම ජනප්‍රිය සහ සාර්ථක නළුවකු ධර්මේන්ද්‍ර රසික රසිකාවියන්ගේ ආදරය දිනාගෙන ඇත.
 
බොලිවුඩයේ අකිශය ජනප්‍රිය නළුවන් වන බොබී ඩියොල් සහ සනී ඩියොල්ගේ පියා ධර්මේන්ද්‍රන්ය. ධර්මේන්ද්‍රන්, බොලිවුඩ්යේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනී හේමා මාලනීගේ සැමියාය.
 
ධර්මේන්ද්‍රගේ පළමු චිත්‍රපටය ‘දිල් භී තේරා හම් භී තේරේ’ ය. මෙය තිරගත වූයේ 1960 දීය. ධර්මේන්ද්‍රගේ අවසන් චිත්‍රපටය 2024 වසරේ තිරගත වූ තේරි බාතොන් මේන් අයිසා උල්ජා ජියා ය. මෙහි ප්‍රඡාන චරිත නිරූපණය කළේ ෂාහිඩ් කපූර් සහ ක්‍රිති සනොන් ය.
 
හින්දි චිත්‍රපට ඉතිහාසයේ වඩාත්ම සාර්ථක තරු අතරින් කෙනෙකු ලෙස නිතරම සමරනු ලබන ධර්මේන්ද්‍ර, ඉන්දීය සිනමාවට කළ සේවය වෙනුවෙන් 2012 වසරේදී පද්ම භූෂන් සම්මානයෙන් ද පිදුම් ලැබීය.



අදහස් (0)

ධර්මේන්ද්‍ර සමුගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 158 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 230 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1095 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site