
මධ්‍යම නයිජීරියාවේ ක්‍රිස්තියානි පාසලකට කඩා වැදුණු ඉස්ලාමීය ත්‍රස්තවාදීහු, පාසල් දැරියන් 303 දෙනකු සහ ගුරුවරුන් 12 දෙනකු පැහැරගෙන ගියහ.
මෙම පැහැර ගැනීම සිදුවූයේ පසුගිය සිකුරාදා (21) දිනයේය. පැහැර ගැනීමට ලක්වුණු දැරියන්ගෙන් 50 දෙනකු ඊයේ (23) ත්‍රස්තවාදීන්ගෙන් බේරී පලා ආ බව ආරක්ෂක අංශ පවසයි. පැහැර ගැනීමට සම්බන්ධ වූයේ බෝකෝ හරාම් ත්‍රස්තවාදීන් යැයි නයිජීරියා ආරක්ෂක අංශ පවසයි.
ත්‍රස්තවාදීන් කඩා වැදී පැහැර ගැනීම් කළේ නයිජීරියාවේ නයිගර් පළාතේ ක්‍රිස්තියානි පාසලකට කඩා වදිමිනි. කැබ් රථවලින් සහ ට්‍රක් රථවලින් පැමිණි ත්‍රස්තයන් ද්වතීක පාසල් භූමියට කඩා වැදුණේ වෙඩි තැබීම් කරමිනි.
නයිජීරියාවේ පාසල් දැරියන් පැහැර ගැනීම් මීට පෙර ද සිදුවී ඇත. කෙසේ නමුත් පාසල් දැරියන් වැඩිම සංඛ්‍යාවක් පැහැර ගැනීමට ලක්වුණු පළමු අවස්ථාව මෙයයි.
දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර පැවැත්වුණු ‘ජී20’ සමුළුවට නයිජීරියා ජනාධිපති බෝලා අහ්මද් ටිනුබු සහභාගී වීමට නියමිතව සිටි නමුත්, දැරියන් පැහැර ගැනීමේ සිද්ධිය හේතුවෙන්, ජනාධිපති බෝලා අහ්මද් ටිනුබු ‘ජී20’ සමුළුවට සහභාගී වූයේ නැත.
නයිජීරියාවේ ක්‍රියාත්මක බොකෝ හරාම් ඇතුළු ඉස්ලාමීය අන්තවාදී මුළුනුපුටා දැමීම කළ යුතු යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. මේ වනවිටත් ඇමෙරිකා රජය, නයිජීරියාවේ ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන අතර, එම ප්‍රහාර වේගවත් කිරීමට කටයුතු කරන බව ට්‍රම්ප් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd