
මොස්කව් නුවර පැවැත්වුණු රොබෝ තාක්ෂණික ප්‍රදර්ශයක් නැරැඹීම ගිය රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට කෘත්‍රිම බුද්ධියෙන් පණ ගැන්වුණු මානවරූපී රොබෝවකුගේ නර්තනයක් දැක ගැනීමට හැකි විය.
ප්‍රදර්ශනයට පැමිණි රැසියන් ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගනිමින්, රැසියන් බසින් කතා කරමින්, ප්‍රදර්ශනයට පැමිණීම සම්බන්ධයෙන් තුති පුද කිරීමට ද ‘ග්‍රීන්’ නමැති මෙම රොබෝ අමතක කළේ නැත.
මෙම මානවරෑපී රොබෝ ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබුණේ රුසියාවේ විශාලතම බැංකුව ලෙස සැලකෙන ස්බර්බැන්ක් හි තාක්ෂණික අංශයයි. මානවරූපී රොබෝවරුන් යනු මිනිස් අපට සමාන සිරුරක් සහ අතපය ඇති රොබෝවරුන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd