
ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ පැවති ශ්‍රී සත්‍ය සායි බාබාගේ උපන් දින ශත සංවත්සර සැමරුම පැවැත්වුණු අතර ඊට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ දේශපාලනඥයන් රැසක් ඇතුළු සම්භාවනීය ජනප්‍රිය පුද්ගලයෝ රැසක් සහභාගී වූහ. හිටපු ලෝක රූ රැජිනක මෙන්ම සුපිරි බොලිවුඩ් තරුවක ද වන අයිශ්වර්යා රායි බච්චන් ද ඒ අතර සිටියාය.
සැමරුම අතරතුරේ අයිශ්වර්යා අග්‍රාමාත්‍ය මෝදි අසලට ගොස් මෝදිගේ දෙපා ස්පර්ශ කොට ආශිර්වාද ලබා ගන්නා ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.
අග්‍රාමාත්‍ය මෝදි ආරාධිතයා වූ එම සමරුමට අයිශ්වර්යා රායි බච්චන්, ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්, සහ මහඇමතිවරුන් වන රාම් මෝහන් නායිදු කින්ජාරපු සහ ජී. කිෂාන් රෙඩ්ඩි ඇතුළු බොහෝ සම්භාවනීය අමුත්තන් සහභාගී වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd