
සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයට පැමිණියේය. ඒ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇරැයුමකට අනුව ට්‍රම්ප් හමුවී ඇමෙරිකාව සමඟ ඩොලර් බිලියන ගණනක නව ආයෝජන ඇතිකර ගැනීමටය.
ධවල මන්දිරයට පැමිණි කුමරුන් පිළිගැනීම සිදුවූයේ හමුදා ගෞරව මධ්‍යයේය. කුමරුන් රැගත් ලිමෝසීන් රථය ධවල මන්දිරයට පැමිණියේ, අශ්වාරෝහක බලඇණියක් ද සමඟය. කුමරු, ලිමෝසීන් රියෙන් බැස ධවල මන්දිරය ඉදිරිපිට රතු පලස මත දී, ට්‍රම්ප් හමුවී අතටඅත දෙද්දී, හමුදා තූර්ය වාදක කණ්ඩායම් සංගීතය සැපැයීය.
ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ සෞදි කුමරුන්ට, ඇමෙරිකාවේ දී මේ අයුරින් මීට පෙර පිළිගැනීමක් හිමි නොවුණු බවය.
ධවල මන්දිරය තුළට යෑමට පෙර, කුමරු සහ ට්‍රම්ප් අතට අත දෙද්දී, ඇමෙරිකන් හමුදාවට අයත් එෆ්. 35 වර්ගයේ ප්‍රහාරක යානා සමූහයක් ඔවුන්ගේ හිසට ඉහළින් පියාසර කළේය. කුමරු ඇමෙරිකාවට පැමිණියේ, ට්‍රම්ප් සමඟ සාකච්ඡා කර මෙම එෆ්. 35 වර්ගයේ ප්‍රහාරක යානා මිලදී ගැනීමේ ගනුදෙනුවක් සඳහා වීම ද විශේෂත්වයකි.
පසුගිය කාලයේ ට්‍රම්ප් ධවල මන්දිරයේ ඕවල් කාර්යාලය අලුත් වැඩියා කර තිබුණේ එහි ඡායාරූප රාමු පවා රන් අලේප කරමිනි. ඕවල් කාර්යාලයේ වැඩිපුරම දකින්න ලැබෙන්නේ රනින් කළ බඩු බාහිරාදියයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ ඕවල් කාර්යාලය, අරාබි මාලිගයක් ලෙස පෙනෙන අයුරින්, සෞදි රජ කුමරුට පිළිගැනීමට සුදුසු අයුරින් ට්‍රම්ප් නවීකරණය කර ඇති බවය.
නව අයෝජන සම්බන්ධයෙන්, වෙළෙඤ ගනුදෙනු සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ සෞදි කුමරු අතරේ සාකච්ඡා පැවැත්විණි.
සාකච්ඡාවලින් පසු සෞදි කුමරු එකඟ වූයේ ඇමෙරිකාව සමඟ ඇමෙරිකන් ඩොලර් බිලියන 600 ක ආයෝජන ඇති කර ගැනීමටය.
ට්‍රම්ප් සහ කුමරුන් අතරේ ඕවල් කාර්යාලයේ පැවැති සාකච්ඡාවට ඇමෙරිකන් මාධ්‍යවේදීන් ද සහභාගී වී සිටි අතර, කුමරුන්ගේ ආයෝජන සම්බන්ධයෙන් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කියා සිටියේ, කුමරු තමන්ගේ ඉතා සමීප මිතුරකු බැවින්, එකඟත්වයක් ඇති කරගත් එම ඩොලර් බිලියන 600 ක ආයෝජන, ට්‍රිලියනයක් තෙක් වැඩි කර ගැනීමට තමන් කෙසේ හෝ සෞදි කුමරු කැමැති කර ගන්නා බවය.
ද්වී පාර්ශ්වීක සාකච්ඡාවලින් පසු, සෞදි කුමරුන්ගෙන් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රශ්න ඇසීමට මාධ්‍යවේදීන්ට ඉඩ ලැබුණි. එම අවස්ථාවේදී, ඇමෙරිකාවේ ඒ.බී.සී. පුවත් සේවයේ මාධ්‍යවේදිනියක කශෝගී ඝාතනය සම්බන්ධයෙන් සෞදි කුමරුන්ගෙන් ප්‍රශ්න ඇසීමට යෑමේදී ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් ඇයට අපහාස කරමින් බැණ වැදුණේය.
ජමාල් කහෝගී යනු සෞදි ජාතික මාධ්‍යවේදියෙකි. මොහු සල්මාන් කුමරු නිර්දය ලෙස විවේචනය කළ අයෙකි. එබැවින් සෞදි රජ පවුලේ උදහසට ලක් වී සිටි ඔහු ඇමෙරිකාවට පිටුවහල් වී, ඇමෙරිකාවේ පුරවැසියකු වී, සෞදි-ඇමෙරිකන් මාධ්‍යවේදියකු ලෙස වොෂින්ටන් පෝස්ට් නමැති ප්‍රසිද්ධ ඇමෙරිකන් පුවත්පතට තීරු ලිපි රචනා කළේය. එසේ කළේ ද සල්මාන් කුමරුන් දැඩි ලෙස විවේචනය කරමිණි.
තෙවරක් විවාහ වී, තෙවැනි බිරිඳ ද දික්කසාද කිරීමට අවශ්‍ය ලියවිලිවලට අත්සන් තැබීමට 59 හැවිරිදි කශෝගී, 2018 ඔක්තෝබර් දෙවැනිදා තුර්කියේ ඉස්තාන්බුල් නගරය් සෞදි කොන්සල් කාර්යාගයට ගියේය. ඒ, ඔහුගේ නව පෙම්වතිය ද සමඟය. සෞදි කොන්සල් කාර්යාලයට ගිය කශෝගී එයින් පිටතට පැමිණියේ නැත. සෞදි සල්මාන් කුමරුන්ගේ ඒජන්තවරුන්, කශෝගී ඝාතනය කර, සිරුර දියකර විනාශ කර කිසිදු සාක්ෂියක් ඉතිරි නොකළ බව පසුව අනාවරණය විය.
සල්මාන් කුමරුන්ගේ සමීපතමයන් කීප දෙනකු මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු අතර චෝදනාවලට වරදකරු වී සිරදඬුවම් පවා නියම විය. කුමරුන් කියා සිටියේ එම ඒජන්තවරුන් ඊට සම්බන්ධ වුවත්, තමන් ඒ ගැන කිසිවක් දැන නොසිටි බවය.
සෞදි කුමරු, ධවල මන්දිරයට පැමිණ ට්‍රම්ප් හමුවූ අවස්ථාවේදී, මෙම ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කළේ ඒ.බී.සී. නාලිකාවේ මාධ්‍යවේදිනිය මේරි බෲස් ය. ට්‍රම්ප් ඇයට බැණ වැදුණේ ඒ.බී.සී. නාලිකාව බොරු පුවත් ප්‍රසිද්ධියට පත් කරන නාළිකාවක් බවට ද චෝදනා නගමිනි. සෞදි කුමරු දවල මන්දිරයට පැමිණියේ 2018 වසරෙන් පසු පළමු වරටය.
සෞදි කුමරු තමන්ගේ අමුත්තා බවත්, ඒ සිද්දිය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින්, ඔහුට අපහාස කිරීම වැරදි බවත්, ට්‍රම්ප් ඒ.බී.සී. මාධ්‍යවේදිනයට දොස් නැගුවේය. සෞදි කුමරුන්ට ප්‍රසංශා කළ ට්‍රම්ප්, මාධ්‍යාවේදී කශෝගී කාගේත් අප්‍රසාදයට පත්ව සිටි ආන්දෝලනාත්මක අයකු බව ද පැවැසීය.
මාධ්‍යවේදිනී මේරි බෲස්, ජමාල් කශෝගී ඝාතනය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී, සල්මාන් කුමරු ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළේය.
කශෝගී ඝාතන සිද්ධියට අදාළ වරදකරුවන් නීතියේ රැහැනට හසුවුණු බවත්, ඔවුන්ට නීතියෙන් දඩුවම් දුන් බවත් පවසමින් සල්මාන් කුමරු පැහැදිලි කළේ එය අවාසනාවන්ත සිදුවීමක් බවත්, ලොකු වරදක් බවත්ය.
මේ සම්බන්ධයෙන් කශෝගීගේ වැන්දඹුව සෞදි ජාතික හනාන් එලාටාර් සමාජ මාධය ඔස්සේ සෞදි කුමරුන්ට දන්වා ඇත්තේ, තම සැමියාගේ ඝාතනය සම්බන්ධයෙන් කුමරු සමාව ගැනීමක් කළ යුතු බවය. 2018 වසරේදී කශෝගීගේ ඝාතනය වූයේ හනාන් එලාටාර්ගෙන් දික්කසාද වීම සඳහා අදාළ නීති ලියවිලිවලට අස්සන් තැබීමට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ගිය අවස්ථාවේදීය.
‘මගේ සැමියා ඝාතනය කිසිම ආකාරයකින් සාධරණී කරන්න බැහැ. ලෝකයට ඔහු කවුරු වුණත්, ඔහු මගේ සැමියා. ඔහු ගෞරවණීය ලෙද රැකියාව කළ මාධ්‍යවේදියෙක්. ඔහුගේ මතයට ගරු කරන බොහෝ දෙනකු ඉන්නවා. නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම වෙනුවෙන් ඔහු නිරන්තරයෙන් හඬ නැගූ කෙනෙක්’ යැයි කශෝගීගේ වැන්දඹුව වැඩි දුරටත් පවසා ඇත.
2025 නොවැම්බර් මස 17
100
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
940
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2548
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සෞදි කුමරුන්ට උණුසුම් පිළිගැනීමක්