ටැන්සානියාවේ දින 3ක් පුරා පැවැත්වෙන මැතිවරණ විරෝධතා හේතුවෙන් 700කට වැඩි පිරිසක් මියගොස් ඇති බව එරට ප්‍රධාන විරුද්ධ පක්ෂය පවසයි.

විදෙස් වාර්තා කර ඇත්තේ මේ වනවිට ටැන්සානියාවේ අන්තර්ජාල සබඳතා අවහිර කර ඇති බවය. පසුගිය ඔක්තෝබර් 29 වනදා පැවති එරට ජනාධිපතිවරණයේ අක්‍රමිකතා සිදු වූ බවට චෝදනාකරමින් මෙම විරෝධතා පැවැත් වෙයි.

රජය විසින් ප්‍රධාන විපක්ෂ නායකයින් මර්දනය කර ප්‍රජාතන්ත්‍රවාදය අඩපණ කරන බව විරෝධතාකරුවන් චෝදනා නගයි. මේ වනවිට ටැන්සානියාවට ඇඳිරි නීතිය පනවා ඇතැයි ද පැවැසෙයි.