IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඇමෙරිකන් රජය යළි යථා තත්වයට

අයවැය සම්මත කර ගැනීමට නොහැකි වීමෙන් අඩපණ වුණු ඇමෙරිකන් රජය, යළි පණ ගැන්වීම සඳහා තාවකාලික අරමුදල් පැකේජයක් සම්මත කර ගැනීමට ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ එකඟත්වයක් ඇති කර ගැනුණි.

මෙම තාවකාලික අරමුදල් පැකේජයට අදාළ පනත් කෙටුම්පත සකස් කෙරුණේ ද පාලක රිපබ්ලිකන්වරුන් සහ ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් අතරේ දීර්ඝ වශයෙන් පැවැති සාකච්ඡාවලින් පසුවය. ඉන්පසු අදාළ පනත් කෙටුම්පත කොංග්‍රසයට (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) ඉදිරිපත් කෙරුණි.

පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කොංග්‍රස් මණ්ඩලයේ ඡන්ද විමසුමක් පැවැත්වීමට නියමිතව තිබුණු අතර, සම්මත වුණු පනත් කෙටුම්පතට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අස්සන යෙදීම කළ යුතුය. ඊට තව දින දෙකක් හෝ තුනක් ගතවනු ඇතැයි පැවැසෙයි.

නව මූල්‍ය වර්ෂය සඳහා අයවැය සම්මත කර ගැනීම නොවැම්බර් මස මුලදී කළ යුතු විය. සෞඛ්‍ය සේවා සහ සෞඛ්‍ය පහසුකම් සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ තීන්දු තීරණ ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන්ගේ විරෝධයට හේතු වූ බැවින් මත ගැටුම් නිර්මාණය විය.

එම තීන්දු තීරණවලට ඇතුම් රිපබ්ලිකන්වරුන්ගේ ද විරෝධයක් එල්ල විය. ඒ අනුව, අයවැය සම්මත කර ගැනීමට නොහැකි වී රජය දින 40 කට වැඩි කාලයක් තිස්සේ අඩපණ විය. මෙය ඇමෙරිකන් ඉතිහාසයේ සිදුවුණු දීර්ඝතම අඩපණ වීම යැයි පැවැසෙයි. 

 

 



අදහස් (0)

ඇමෙරිකන් රජය යළි යථා තත්වයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 480 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2227 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1671 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site